*.*.. “...මම හිතන්නෙ මම බයවුණා. මම මොනවා කරන්නද කියලා මම දැනන් හිටියේ නෑ. ඒ නිසා මම ඔහු කියපු දේ කළා. මම හිටියේ ගල්ගැහිලා වගේ..” - ධනුෂ්ක ගුණතිලකට ඕස්ට්‍රේලියානු සිර මැදිරියක කූරු ගනින්නට සිදුවූයේ මෙයා නිසයි.. - Photos - Danushka Gunathilaka Saxon Mullins - Hiru Gossip, Lanka Gossip News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Lanka Gossip - A Rayynor Silva Holdings Company

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
09
“...මම හිතන්නෙ මම බයවුණා. මම මොනවා කරන්නද කියලා මම දැනන් හිටියේ නෑ. ඒ නිසා මම ඔහු කියපු දේ කළා. මම හිටියේ ගල්ගැහිලා වගේ..” - ධනුෂ්ක ගුණතිලකට ඕස්ට්‍රේලියානු සිර මැදිරියක කූරු ගනින්නට සිදුවූයේ මෙයා නිසයි.. - Photos

- “...මම හිතන්නෙ මම බයවුණා. මම මොනවා කරන්නද කියලා මම දැනන් හිටියේ නෑ. ඒ නිසා මම ඔහු කියපු දේ කළා. මම හිටියේ ගල්ගැහිලා වගේ..” - ධනුෂ්ක ගුණතිලකට ඕස්ට්‍රේලියානු සිර මැදිරියක කූරු ගනින්නට සිදුවූයේ මෙයා නිසයි.. - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

35 Views
27 හැවිරිදි “සැක්සන් මුල්ලින්ස්”, ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර කේන්ද්‍ර කරගත් ස්ත්‍රී දූෂණ සහ ලිංගික අතවර පිළිබඳව උපදේශනය දීම සඳහා සිටින ප්‍රමුඛ පෙළේ නීතිඥවරියක්.

ඇය නීතිඥවරියක් වීම පසුපස ඇත්තෙ ද එක්තරා ආකාරයක දෛවෝපගත සිදුවීමක්, එසේත් නොමැති නම් කතාවක්.

අපි 2013 වර්ෂයට යමු..!

මේ වන විට අපගේ කතා නායිකාව වයස අවුරුදු 18ක නාඹර සුරූපී තරුණියක්.

යුරෝපාකරයේ බොහෝ තරුණ තරුණියන් මෙන් නිදහස් අදහස් වලට ගරු කරන නිදහසේ සැරිසරන අවකාශලත් සමාජයක සිටි සැක්සන්ටත් එම වයසේ දීම රාත්‍රී සමාජ ශාලා වෙත පිවිසීමේ කිසිදු බාධාවක් තිබුණේ නැහැ.

2013 එක්තරා දිනයක ඇය සිය මිතුරියක ද සමඟ සිඩ්නි නගරයේ රාත්‍රී සමාජ ශාලාවකට පිවිසෙනවා.

එහිදී මිතුරිය සමඟ කා බී ප්‍රීති වන අතරවාරයේ සැක්සන් මුල්ලින්ස් හට අපූරු තරුණයෙක් මුණ ගැසෙනවා.

සමාජ ශාලාව තුළදී මේ දෙදෙනා නර්තනයේ යෙදෙන අතර ඇය සමාජ ශාලාවෙන් පිටතට පැමිණි පසු මේ තරුණයා බොහෝ තරුණ තරුණියන් සිදු කරන ආකාරයේ යෝජනාවක් මේ සුරූපී යුවතියට සිදු කරනවා.

මෙහිදී සැක්සන් එම යෝජනාවට යහපත් ප්‍රතිචාරයක් නොදැක්වූව ද එය ප්‍රමාණවත් ලෙස විද්‍යාමාන කරන්නට සමත් වුණේ නැහැ.

මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා ලියුක් ලාසරස් නැමති තරුණයා ඇයව ලිංගික බලහත්කාරකමකට යොමු කර ගන්නවා.

මෙම සිදුවීම සිඩ්නි අධිකරණය තුළ වසර 4කට වැඩි කලක් විභාග කෙරෙන අතර 2016 දී එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සිඩ්නි මහෙස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරයා අදාළ ලිංගික අතවරය සිදුකිරීමේ වරදට, ජූරි සභාවක් විසින් ලාසරස් වරදකරු කර වසර පහක සිරදඬුවමක් නියම කරනවා.

ස්ත්‍රී දූෂණ චෝදනා යටතේ සිරගත වෙන ලියුක් සෑම සිරකරුවෙක් මෙන් ම අදාළ තීන්දුවට එරෙහිව නිව්සවුත් වේල්ස් අභියාචනා අධිකරණය ඉදිරියේ අභියාචනයක් ගොනු කරනවා.

මෙම අභියාචනය විභාගයට ගන්නා අභියාචනාධිකරණය තීන්දු කරන්නෙ ලියුක් ලාසරස් අදාළ චෝදනාවට නිවැරදිකරු බවයි.

මෙම නඩු විභාගයේ දී උසාවිය ඉදිරියේ කරුණු දක්වන සැක්සන් මුල්ලින්ස් මෙලෙස කියා සිටිනවා.

“මම හිතන්නෙ මම බයවුණා. මම මොනවා කරන්නද කියලා මම දැනන් හිටියේ නෑ. ඒ නිසා මම ඔහු කියපු දේ කළා. මම හිටියේ ගල්ගැහිලා වගේ.” යනුවෙන්, ඇයගේ ප්‍රකාශයේ අන්තර්ගතව තිබුණා.

අභියාචනා අධිකරණ විනිසුරු රොබින් ටක්මන් තීරණය කරන්නෙ සැක්සන් මුල්ලින්ස් මෙහිදී බලහත්කාරකමකට ලක් වූ බවට ප්‍රමාණවත් සාක්ෂි සහ ඇයගේ විරෝධය පෑම නිසි ආකාරව ඉදිරිපත් කර නොමැති බවයි.

මේ අනුව, සිපිරිගෙයි තුළ සිටි ලියුක් ලාසරස් නිදහස් පුද්ගලයෙකු ලෙස නැවත සමාජයට පිවිසෙනවා.

කෙසේ වෙතත්, තමාට සිදුවූ අකරතැබ්බයට එරෙහිව සාධාරණය ඉටු කරගැනීම සඳහා සැක්සන් මුල්ලින්ස් නැවත නිව්සවුත් වේල්ස් උපරිමාධිකරණය වෙත යොමු වන අතර එහි දී ඇයගේ නඩුව ඉවත දැමෙන්නෙ මේ වන විටත් චෝදනාවට ලක්වූ පුද්ගලයා වසර 5කට වැඩි කලක් මේ හේතුවෙන් පීඩනයට පත් වී ඇති බවට උපකල්පනය කරමින්.

මෙම නියෝගයත් සමඟ උසාවි කාමරයේ සිය මවගේ උකුලට බර වී කඳුළු සළන සැක්සන් තමාට සිදුවූ අසාධාරණය සමාජය ඉදිරියට ගෙන ගොස් සමාජ කථිකාවතක් ගොඩ නඟන්නට අදිටන් කරගන්නවා.

මේ සඳහා ඇයට මඟ සැළසෙන්නෙ 2018 වසරේ ඕස්ට්‍රේලියානු ABC රූපවාහිනි සේවාව විසින් විකාශය කරන ලද Four corners වැඩසටහන යි.

එහිදී සැක්සන් තමන්ට මුහුණ පෑමට සිදුවූ අභාග්‍ය සම්පන්න අශෝබන සිදුවීම සියලු තතු නොවලහා ඉදිරිපත් කරනවා.

මෙම වැඩසහටන විකාශය වීමත් සමඟ සැක්සන් පිළිබඳව කතිකාවත ඕස්ට්‍රේලියානු සමාජය පුරා පැතිර යන්නෙ මහත් කම්පනයක් ඇති කරමින්.

කාන්තා අයිතිවාසිකම් සඳහා වන විවිධ ස්වේච්ඡා සංවිධාන විවිධ නීති උපදේශන ආයතන ඇය සමඟ අත්වැල් බැඳගන්නෙ සැක්සන් මුල්ලින්ස්ට මුහුණ දෙන්නට සිදුවූ එවැනි අවාසනාවන්ත සිදුවීමක් තවත් කාන්තාවකට සිදු නොවිය යුතු ය යන අරමුණ පෙරදැරි කරගෙනයි.

මෙම වැඩසටහනින් පසු කම්පන තත්ත්වය පිළිබඳව සළකා බැලූ නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයේ නීතිපති මාර්ක් ස්පීක්මන්, සැක්සන්ගේ නඩු තීන්දුවට අදාළව ඉදිරිපත් කෙරුණු කරුණු සළකා බලා නව නීතියක් කෙටුම්පත් කිරීමට කටයුතු යොදනවා.

2022 ජූනි මස පළවැනි දින සිට බලපැවැත්වෙන පරිදි නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයේ සම්මත කෙරුණු මෙම නව නීතිය හරහා කාන්තාවකගේ කැමැත්ත ප්‍රකාශයකින් හෝ සංඥාවකින් ලබා ගැනීමකින් තොරව කිසිදු ලිංගික එක්වීමක් හෝ ක්‍රියාකාරකමක් සඳහා අවසර හිමිවන්නෙ නැහැ.

එමෙන්ම මෙම නීතිය යටතේ යම් කිසි තැනැත්තෙකුට හෝ තැනැත්තියකට අදාළ සහභාගීත්වය තෝරා ගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට නොහැකි තරමට මත්වී ඇත්නම් හෝ ඔහු හෝ ඇය නිදාගෙන නැතහොත් සිහිසුන් තත්ත්වයක සිටියදී හෝ පවා එවැනි ලිංගික ක්‍රියාකාරකමක් සිදුකිරීම නීතිවිරෝධී වනවා.

එමෙන්ම මෙම නීතියට අනුව, යම් කිසි ලිංගික ක්‍රියාකාරකමක් අතුරතුරදී හෝ පවා කාන්තාවගේ අකැමැත්ත ප්‍රකාශ වන යම් සංඥාවක් එසේත් නොමැති නම් ප්‍රකාශයක් සිදුවන්නෙ නම් එය නොසලකා හැර ලිංගික ක්‍රියාවක් සිදුකිරීම වරදක් වනවා.

අදාළ නීතිය 2022 ජූනි පළවැනිදා හෝ ඊට පසුව සිදුකර ඇතැයි කියන ඕනෑම වරදකට අදාළ වේ.

“මට සිදුවූ කිසිවක් මට වෙනස් කළ නොහැක. නමුත්... මෙය තවත් කිසිවෙකුට හෝ සිදු වීමෙන් වළක්වන්නෙ නම් ඇත්තෙන්ම ඒ සියල්ල මට වටිනවා වගේම එයට මූලික වීමට මා ගත් උත්සාහය පිළිබඳව මට අතිශයින් ආඩම්බර හැඟීමක් දැනෙනවා..”

සිඩ්නි නගරයේ අවන්හලක උණුසුම් කෝපි කෝප්පයක රස බලන ගමන් මුල්ලියන්ස් BBC සේවයේ වාර්තාකාරණිය සමඟ කියා සිටියා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට සිඩ්නි නගරයේ සිල්වර් වෝටර් බන්ධනාගාර සංකීර්ණයේ සිරමැදිරයකට වී තමාගේ ජීවිතයේ තීරණාත්මක ඉදිරි දින කිහිපය දෙස බලා සිටින්නට සිදුව ඇත්තේ මෙම විසි හත් හැවිරිදි තරුණිය මීට වසර 4කට පෙර සාධාරණාත්වය සොයා සිදු කළ සටන හරහා ඕස්ට්‍රේලියානු නිව්සවුත් වේල්ස් ප්‍රාන්තය සම්මත කරගත් නව නීතිය හේතුවෙන්.





 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top