කාටත් මතක සෝනු නිගම් කොන්සර්ට් එක ලංකාවේ ගීත රසිකයන්ට ගෙනාපු ස්ටාර් ඉවෙන්ට්ස් කණ්ඩායම ආයෙමත් වැඩ ආරම්භ කරලා.
ඒ නොවැම්බර් මාසේ 18 කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලයේ පූල් ටෙරස් එකේ තියෙන වායෝ ප්‍රසංගයත් එක්ක.
කොරෝනා ප්‍රශ්න, ත්‍රස්තවාදී ප්‍රශ්න එක්ක ටිකක් නිශ්ෂබ්ධව හිටපු ස්ටාර් ඉවෙන්ට්ස් කණ්ඩායම ඕෂෝ බීට්ස් නමින් අලුත්ම ප්‍රසංග මාලාවක් අපේ රටේ කලාවට ලැදි ප්‍රේක්ෂක ජනතාව වෙත ගෙන ඒමට තීරණය කරලා තියෙනවා.
ඒ නිෂ්පාදිකා සුධර්මා ජයවර්ධනගේ සංකල්පයකට අනුව.
වායෝ ඇට් ද ලේක් නමින් නම් වුනු මෙම ප්‍රසන්ගය තවත් ලංකාවේ ජනප්‍රියම තාරකාවන් හතරදෙනෙකුගෙන් හැඩ වෙනවා.
ඒ සනුක වික්‍රමසිංහ, උමාරා සින්හවංශ, ජයශ්‍රී සහ චිත්‍රාල් සෝමපාල යන අය.
එක එක හැඩ වල ගීත ගායනා කරන මේ කලාකරුවන් හතර දෙනා එක වේදිකාවක ගයන අත්දැකීම විඳින්න දැනටමත් ප්‍රේක්ෂකයෝ පෙළ ගැහෙනවා කියලයි නිෂ්පාදන කණ්ඩායම කියන්නේ.
ටිකට් පත් ඉතාම සීමිත ගානක් තමයි තියෙන්නේ. ඒවගෙනුත් ගොඩක් දැනටම විකිණිලා.
ඉතින් ඔයාලත් මේ ප්‍රසංගය බලන්න යන්න හිතනවා නම් දැන්ම ටිකට් පත් වෙන් කර ගන්න.
මයිටිකට්ස් වෙබ්සයිට් එකට ගියොත් ටිකට්පත් ඔන්ලයින් වෙන්කරගන්න පුළුවන්. නැත්නම් මෙන්න මේ තැන්වලට ගිහිල්ලා මිලදී ගන්නත් පුළුවන්.
ටොරානා - ලිබර් ටි ප්ලාසා, සැලෝන් ලියෝ - නුගේගොඩ, සදීපා පොත්හල - බොරැල්ල, සරසවි පොත්හල - නුගේගොඩ/මහරගම/පිළියන්දල/කිරිබත්ගොඩ, සැලෝන් සීරෝ - නුගේගොඩ, යමහා මියුසික් සෙන්ටර් - කොළඹ 7 සහ ෆැන්ටසි - රේස් කෝස්. එහෙමත් නැත්නම් +94 71 999 2312 / 0775707927 යන අංක දෙකෙන් එකකට කතා කරලා ප්‍රවේශ පත්‍ර වෙන්කරගන්නත් පුළුවන්.
ඕෂෝ බීට්ස් ප්‍රසංග මාලාව දිවයින පුරාම පවත්වන්නට බලාපොරොත්තු වන බව තමයි නිෂ්පාදකවරිය අපට කිව්වේ.
දෙවෙනි ඕෂෝ බීට්ස් ප්‍රසංගය තියෙන්නේ දෙසැම්බර් 31 වෙනිදා නෙලුම් කුළුන පරිශ්‍රයේ. හැබැයි එකට එන කලාකරුවන්නම් අපට කිව්වෙත් නෑ.
එක තාම රහසක් කියලා තමයි නිෂ්පාදන කණ්ඩායම කියන්නේ.
