Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
30
“...එයාලට උපක්‍රම වෙනස් කරගන්න වෙනවා..” - ලෝක කුසලානයට, සිංහයින්ගේ සුදානම ගැන දසුන් කියයි ! කටුනායකදී ක්‍රිකට් ජර්සියකුත් එළිදක්වයි ! කුසලානයට හිමිකම් කියන කණ්ඩායමට ලැබෙන අදහාගත නොහැකි ත්‍යාග මුදලත් එළියට.. - Video

- “...එයාලට උපක්‍රම වෙනස් කරගන්න වෙනවා..” - ලෝක කුසලානයට, සිංහයින්ගේ සුදානම ගැන දසුන් කියයි ! කටුනායකදී ක්‍රිකට් ජර්සියකුත් එළිදක්වයි ! කුසලානයට හිමිකම් කියන කණ්ඩායමට ලැබෙන අදහාගත නොහැකි ත්‍යාග මුදලත් එළියට.. - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

37 Views
පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම සතුව පැයට කිලෝ මීටර 140 ක ට වැඩි වේගයකින් පන්දු යැවිය හැකි වේග පන්දු යවන්නන් තිදෙනෙකු සිටීම නායකයෙකු ලෙස තමන්ට මහත් වාසියක් සහ ශක්තියක් බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පවසනවා.

ඔහු මේ බව පවසා සිටියේ අද(30) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී යි.

ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රෙලියාවේ පැවැත්වෙන පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකාවෙන් බැහැරව යාමට පෙර පවත්වන අවසන් මාධ්‍ය සාකච්ඡාව මෙය වන අතර මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා සඳහන් කළේ මෑතකාලීන කණ්ඩායම් දක්ෂතා සම්බන්ධයෙන් තමා අතිශයින් සෑහීමකට පත්වන බවයි.

එමෙන් ම ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීම තමන්ට සහ කණ්ඩායමට ලෝක කුසලාන තරගාවලිය තුළ දී කිසිසේත් ම අතිරේක පීඩනයක් බවට පත් කර නො ගන්නා බවත් ඔහු කියා සිටියා.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වූ නායක දසුන් ශානක කියා සිටියේ, ආසියානු කුසලාන ජයග්‍රහණය මේ වන විට ඉතිහාසයට එක් වී ඇති තවත් එක් සිදුවීමක් පමණක් බවයි.

එය නිතර නිතර මෙනෙහි කර තරග සම්බන්ධයෙන් සහ පුහුණු වීම් සම්බන්ධයෙන් ඇති ඉලක්ක අත්හැර ගත නො හැකි බවත් ඔහු සඳහන් කළා.

එමෙන් ම මහනුවර දී පැවති පුහුණු සැසිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා සඳහන් කළේ එම පුහුණු සැසිය තුළ දී කණ්ඩායමේ ක්‍රීඩකයින් සිය උපරිමය නෙලාගත් බවයි.

එමෙන් ම ආබාධයන්ට ලක්ව සිට ශ්‍රී ලංකා කණ්ඩායමට එකතු වූ වේග පන්දු යවන්නන් යුගල වන ළහිරු කුමාර සහ දුෂ්මන්ත් චමීර දෙදෙනා මේ වන විට ඔවුන්ගේ උපරිමය කරා ලඟා වී ඇති බවත් ‍නායක දසුන් ශානක කියා සිටියා.

පන්දු යවන්නන් ලෝක කුසලාන තරගාවලිය තුළ දී කෙසේ ක්‍රියාත්මක විය යුතුදැයි යන්න විමසා සිටියා අවස්ථාවේදී දසුන් කියා සිටියේ මෙවැන්නක්.

''ඔස්ට්‍රෙලියාවේ සමහර පිට්ටනි තියෙනවා දෙපැත්ත දිගයි, තව සමහර පිට්ටනි තියෙනවා ඉස්සරහ දිගයි, එතකොට පන්දු යවන්නෝ මේ ක්‍රීඩාංගණවලට ගැලපෙන විදියට ඔවුන්ගේ පන්දු යැවීමේ උපක්‍රම වෙනස් කරගන්න ඕනේ. යෝකර් එක, වයිඩ් යෝකර් එක, ස්ලෝ බවුන්සර් එක ඒවා හරි විදිහට පාවිච්චි කරන්න ඕනේ. මම හිතන්නේ අපේ පන්දු යවන්න ඒ දේවල් වලට හරි විදිහට හැඩ ගැහෙයි.'' යනුවෙන්.

මෙහි දී අදහස් දැක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ක්‍රිස් සිල්වවුඩ් පවසා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට සති 2කට පමණ පෙර ඔස්ට්‍රෙලියාවට ළඟා වීම යහපත් තත්ත්වයක් බවයි.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ඔස්ට්‍රෙලියානු පරිසර තත්වයන්ට වඩාත් හොඳින් හැඩගැසිය හැකි බව ද ඔහු කියා සිටියා.

එමෙන් ම ආසියානු කුසලාන තරගාවලියේ ජයග්‍රහණය වඩාත් සාධනීය ලෙස රැගෙන ඒ ශක්තිය ලෝක කුසලාන තරගාවලියට යොමු කිරීමට තමන් අදහස් කරන බවත් ඔහු පැවසුවා.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවා කියා සිටියේ තරගාවලියේ මූලික වටයේ තරග පවා කිසිසේත් සැහැල්ලුවෙන් ගැනීමට සිය කණ්ඩායම සූදානම් නැති බවයි.

මූලික වටයේ තරග පවා ඔස්ට්‍රෙලියානු, එංගලන්ත, ඉන්දීය ආදී ප්‍රබල කණ්ඩායම් සමග ක්‍රීඩා කරන ආකාරයට ම ඒ ආකාරයෙන් ම ගෞරවයක් ලබා දෙමින් තරග කිරීම සිය මූලික අභිප්‍රාය බවත් ඔහු සඳහන් කළා.

මෙහි දී ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ටොම් මූඩි ගේ සේවය හදිසියේ අහවර කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් සිදු කළ විමසීමකට පිළිතුරු දුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්වරයා සඳහන් කළේ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත්කරන ලද ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ සේවා කාලය අවසන් වීමෙන් අනතුරුව එහි ප්‍රධානියා ලෙස ටොම් මූඩි ගෙන් ප්‍රයෝජනවත් කාර්යයක් ලබා ගැනීමට තවදුරටත් අවස්ථාව නො තිබූ බවයි.

එමෙන් ම ඔහුට අති විශාල වැටුපක් ද ලබා දෙමින් සිටි බවත්, මේ සියලු කාරණා සලකා බලා ඔහු සමග එකඟතාවක් ඇති කර ගැනීමෙන් අනතුරුව ඔහුගේ සේවා කාලය නිමා කිරීමට පියවර ගත් බවත් ක්‍රිකට් ලේකම්වරයා සඳහන් කළා.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ එළැඹෙන ලෝක කුසලාන තරගාවලිය සඳහා උපදේශක පුහුණුකරුවකු ලෙස මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වන බවයි.

මේ අතර, පන්දුවාර 20 සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුවීම් ජර්සිය සහ තරග ජර්සිය එළිදැක්වීමත් කටුනායක නිදහස් වෙළඳ කලාපයේ දී අද සිදුවුණා.

මේ අතර,
2022 පන්දු වාර 20 ක් ලෝක කුසලානයේ ජයග්‍රහකයින්ට හිමිවන ත්‍යාග මුදල් අද ජගත් ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශ කරනු ලැබුවා.

ඒ අනුව ජයග්‍රහකයින් සඳහා අමරිකානු ඩොලර් මිලියන 1.6ක්. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 56කට ආසන්නයි.

අනුශූරයින් සඳහා ඉන් හරි අඩක් හෙවත් අමරිකානු ඩොලර් ලක්ෂ 6ක් පිරිනැමෙනවා.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top