දමිත් අසංකගේ ලස්සන සිංදුවක් තියෙනවා. ඒ සිංදුවේ තැනක මෙහෙම තියෙනවා, "කොළඹ රුදුරුයි ද මා දැක්කේ ඊයේ උදේ..." කියලා.
"කොළඹ රුදුරු" වෙන්නෙ කොළඹ දූලි නිසාවත්, පිටකොටුවේ මසල වඩේ, තෝසේ හින්දාවත් නෙවෙයි. ඊටත් වඩා කොළඹට ගොඩ බහින උනුන්ව බිලි බා ගන්න බලාගෙන ඉන්න "නපුරු රාක්සයෝ" නිය තුඩු උල් කරගෙන ඉන්නවා. ඇත්තටම ඒ හැත්ත තමයි කොළඹ අපවිත්‍ර කරන්නේ...
කොළඹ ටැක්සි ඩ්‍රැයිවර්ගේ දින පොත...
අද තව කොටසක්...
"බොසා දන්නවනේ... දැන් කාලේ මිනිස්සු සල්ලි හම්බ කරගන්න බල්ලො හරි මරයි... මට එහෙම අත්දැකීමක් තියෙනවා. මම පොඩි කෙල්ලෙක්ගේ තාත්තා කෙනෙක්. ඒත් මම අසාධාරණ විදිහටත් හම්බ කරලා තියෙනවා. වීල් හයර් දුවන කාලේ තමයි මට මැඩම් සොනායා හම්බුණේ... මැඩම් සොනායා කියන්නෙ ගෑනූ ඩීල් කරන ගල්කිස්සෙ සුපිරිම බඩු පොට් එක (ගණිකා මඩම යන අර්ථය) අයිති ගෑනි... මම ඕකේ පිම්පියෙක් වුණා. (ඩීලර් කෙනෙක් කියන අර්ථය) සොනායා මැඩම්ගේ මඩම සාමාන්‍ය තැනක් නෙවෙයි. තට්ටු තුනක ගොඩනැගිල්ලක ඕක තිබ්බෙ. පස්සෙ ඕක පොලිසියට මාට්ටු වුණා. ඒ දවස්වල පත්තර වලත් ගියා මතක ඇති බොසාට.."
"මට තිබ්බෙ මගේ වීල් එකේ අරෙහෙ මෙහේ හයර් යන උන්ව එහෙම ඒ කෙල්ලන්ව සෙට් කරන්න. මටත් පොඩි ගාණක් හම්බෙනවා. ඕක ඉතින් ආසාවෙන් කරන්න පුළුවන් දේකුත් නෙවෙයි. මේ සිද්ධිය වුණේ ඔය මඩම මාට්ටු වෙන්න මාස ගාණකට කලින්.. එදා සුද්දෙක් ඇවිත් හිටියා. මෑන් කෙල්ලෙක්ව ඉල්ලනවා. මිනිහා දෙතුන් පාරක් ඇවිත් ගිය එකෙක්. මිනිහා ඉල්ලන කෙල්ල එදා ඉඳලා නෑ. ඉතින් මැඩම් පැහැදිළි කළා. හැබැයි සුද්දා ට ඕනිමලූ. යන්නෙත් නෑ. බැරිම තැන මැඩම් වෙන ගේමක් ගැහුවා. මොකද සුද්දා හෙන දතක්.."
"මැඩම් සුද්දා එක්ක ඩීල් එකක් ගැහුවා, අදට, මැඩමුයි තව දෙන්නෙකුයි ඇවිත් සතුටු කරන්නම් කියලා. සුද්දාටත් පට්ට හැපි. සොනායා මැඩම් පට්ට ලස්සනයි බොසා. හැබැයි ඒ ගෑනි ලේසියෙන් මිනිහෙක් එක්ක යන් නෑ. එදා කැමති වුණේ බේරෙන්න විධියක් නැති නිසා. මැඩම් සෙන්ට් කුප්පියක් හලාගෙන, තව කෙල්ලො දෙන්නෙක් එක්කන් සුද්දාට සෙට් වුණා. උන් දෙතුන් දෙනා උඩ තට්ටුවට යනකොටත් සොනායා මැඩම්ගේ උඩ ඇඳුම සුද්දා අතින් ගැළවුණා. ඒ මිනිහට එච්චර අසහනේ..."
"එදා කොහොම හරි ලොකු ගාණක් කඩාගත්තා සුද්දාගෙන් මුන් තුන්දෙනා. අරූ මැඩම්ට පට්ට ස්තුතියක් දීලා කඩ්ඩෙන් ටෝක් කරලා ගියේ. මම හිතන්නේ මැඩම්ට යූකේ එන්න කියලත් කිව්වා. පොරට පට්ටම හැපි.."