Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
24
"බහුතරයක් තමන්ගේ අතින් පාඩු විඳගෙන ඩේටත් කපාගෙන, අපේ දේවල්වලට වැරදි කමෙන්ට් දානවා, මඩ ගහනවා ඇත්තටම ඔවුන් පව්...." ලැබෙන ප්‍රතිචාර ගැන කියන ජනප්‍රිය නිළි මේධා - Photos

- "බහුතරයක් තමන්ගේ අතින් පාඩු විඳගෙන ඩේටත් කපාගෙන, අපේ දේවල්වලට වැරදි කමෙන්ට් දානවා, මඩ ගහනවා ඇත්තටම ඔවුන් පව්...." ලැබෙන ප්‍රතිචාර ගැන කියන ජනප්‍රිය නිළි මේධා - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

86 Views
"නමුත් මා තුළින් තවත් අයකුට උපදෙස් ආදිය ලබා දෙන්න නම් මම යන්නේ නැහැ.

මොකද එය සාපේක්ෂයි.

මා තුළ හොඳ – නරක කියන ගතිගුණ දෙවර්ගයම තිබෙනවා.

මා ගැන කියනවා නම්, ජීවිතයේදී අපි සැමටම ප්‍රශ්න- ගැටලු ඇතිවනවා. මම ප්‍රශ්න හමුවේ කොතැනකදීවත් වැටෙන්නේ නැහැ...."

දක්ෂ, ප්‍රවීණ නිවේදිකාවක් මෙන්ම දක්ෂ රංගන ශිල්පිනියක්ද වන අපි කවුරුත් හඳුනන මේධා ජයරත්න සමඟ කෙරුණු සොඳුරු කතාබහකි මේ.

ඔබ නර්තනයටත් දක්ෂතා දක්වන අයෙක් නේද?

මම කුඩා කල සිටම නර්තනයට ඇලුම් කරනවා. පාසල් වියේ 06 ශේ්‍රණියේ සිට උසස් පෙළ දක්වා නර්තනය විෂයක් විධියක් හැදෑරුවා. විශ්වවිද්‍යාලයේදී ජනසන්නිවේදනය, සිංහල සහ ලලිතකලා කියන විෂයන්වලිනුයි උපාධි සම්පූර්ණ කළේ. එහිදීත් නර්තන අංශයේ ප්‍රායෝගික පුහුණු පරීක්ෂණවලට පවා සම්බන්ධ වුණා. එනිසා සාම්ප්‍රදායික නර්තනය මා හොඳින්ම හදාරා තිබෙනවා. අනෙකුත් නර්තන ශෛලීන් ගැඹුරට ප්‍රගුණ කොට නැතත් ඒ සඳහාත් යම් දක්ෂතාවක් මා තුළ ඇතැයි කියා හිතනවා.

එදාට සාපේක්ෂව අද ඔබව පුංචි තිරය තුළ වැඩිය දකින්න නැහැ කීවොත් නිවැරදිද?

අතීතයේදී නිතරම රූපවාහිනි තිරය තුළින් අපව දුටුවානේ. නමුත් දැන් සමාජ මාධ්‍ය එදාට වඩා ප්‍රබල වෙලා. දැන් මා නිතර රූපවාහිනියේ නොදැක්කත්, සමාජ මාධ්‍ය තුළ මාව නිතර දකින නිසා රසික ආදරය අදටත් එදා වගේම අඩුවක් නැතිව ලැබෙනවා. එනිසා නිතර රූපවාහිනි තිරයෙන් දකින එක එතරම් වැදගත් යැයි මා සිතන්නේ නැහැ. මොකද මිනිසුන්ට අපි කරපු නිර්මාණ තවම අමතක නැහැ. ඉතින් ඒ ආකාරයෙන් මිනිසුන්ට අමතක නොවන නිර්මාණ අපි කරලා තිබීම නිසාත්, අදටත් ප්‍රේක්ෂකයන්ගෙන් මේ තරම් ආදරයක් ලැබෙන එක ගැනත් ඇත්තටම සතුටුයි.

අද සිටින නවක පරපුර ගැන ඔබට මොකද කියන්න තිබෙන්නේ?

දක්ෂයෝ සිටිනවා. සෑම කලකදීම දක්ෂයෝ සහ අදක්ෂයෝ යන දෙපිරිසම කලාවට එකතු වෙනවා. එදා සිට මේ දක්වා ඒ අය හැසිරුණු ආකාරය, තම හැකියාවන් සහ වපසරිය, තමාගේ පසුබිම මතයි ඔවුනගේ පැවැත්ම තීරණය වුණේ. එය සාපේක්ෂයි. අද ඕනෑම අයකුට දේශපාලනයට වගේම කලාවටත් ඉතා පහසුවෙන් අවතීර්ණ විය හැකියි. ඒ සඳහා කිසිදු සුදුසුකමක් හෝ හැදෑරීමක් අවශ්‍ය නැහැ. විදේශ රටවල කලාවට එහෙම එන්න බැහැ. එයට ඩිප්ලෝමා හෝ උපාධි පාඨමාලාවන් හදාරා රංගනය ගැන හොඳ අවබෝධයකින්, අධ්‍යයනයකින් පැමිණිය යුතුයි. “අපේ රටේ පොත්ත ටිකක් සුදු නම් පසුවදා සිට ඕනෑම චරිතයක් කරන්න පුළුවන්.” අපේ මේ කලා ක්‍ෂේත්‍රය දිනෙන් දින කඩා වැටී ඇත්තේද එවැනි අයගේ ආගනමය නිසා තමයි.

යම් නිර්මාණයකදී රංගන ශිල්පීන්ට මුදල් ගෙවීමේ ක්‍රමවේදය තුළත් යම් යම් ගැටලු තිබෙනවා නේද?

ඔව්. එයට හේතුව අපේ කලාවට මුල සිටම කිසිදු සුදුසුකමක් නොමැති අය පැමිණීමයි. එය දැන් නිවැරදි කරන්න හරිම අපහසුයි. විදේශයන්හි මෙන්, අපේ රටේ රංගන ශිල්පීන්ගේ පරිණත බව, දක්ෂතාව, ප්‍රවීණත්වය ආදී කරුණු මත විවිධ මට්ටම්වලට වෙන් කොට දක්වන්න හරි අපහසුයි. එනිසා තම වටිනාකම තමන්ම සාදා ගත යුතුයි. මම යම් නිර්මාණයක් භාර ගන්නේ මගේ ගණනට පැමිණියහොත් පමණයි. වැඩ අඩුවෙන් ලැබෙන්න එයත් එක් හේතුවක්. මේ වන විට මා යම් ප්‍රතිරූපයක් නිර්මාණය කරගෙන තිබෙනවා. එනිසා “මුදල් ලැබෙනවා නම් කුමක් හෝ දෙයක් කරනවා කියන තැන මම නැහැ.”

කාන්තාවක් විධියට ඔබ සමාජය තුළ ඔබටම ආවේණික යම් ස්ථාවරයක් ගොඩනඟා ගෙන තිබෙනවා නේද?

ඔව්. නමුත් මා තුළින් තවත් අයකුට උපදෙස් ආදිය ලබා දෙන්න නම් මම යන්නේ නැහැ. මොකද එය සාපේක්ෂයි. මා තුළ හොඳ – නරක කියන ගතිගුණ දෙවර්ගයම තිබෙනවා. මා ගැන කියනවා නම්, ජීවිතයේදී අපි සැමටම ප්‍රශ්න- ගැටලු ඇතිවනවා. මම ප්‍රශ්න හමුවේ කොතැනකදීවත් වැටෙන්නේ නැහැ. නිතරම පෙරළුණු පිට හොඳයි කියා සිතමින් ජීවිතයේ මම මගේ ගමන යනවා. සෑමවිටම අඩියක් හෝ ඉදිරියට යනවා. මට මා තුළ ඇති දක්ෂතා පිළිබඳ හොඳ අවබෝධයක් තිබෙනවා. උගත්කම සහ පෙනුම වගේම මම මා තුළ යම් පෞරුෂත්වයක් ගොඩනඟා ගෙන තිබෙනවා. එමඟින් සමාජය ඉදිරියට යන්න නිතර මා තුළ හොඳ විශ්වාසයක් තිබෙනවා. ඒ අයුරින් කාන්තා ඔබත්, තමා ගැන තමා තුළ විශ්වාසයක් තුළ ගොඩනඟා ගැනීම ඉතා වැදගත්.

ඇතැම් විට සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය අයට හොඳ ප්‍රතිචාරවලට වඩා නරක ප්‍රතිචාර වැඩිපුර ලැබෙනවා නේද?

එවැනි වැරදි කමෙන්ට්ස් දාන අය ඇත්තටම හරි පව්. මොකද අපි සෝෂල් මීඩියා සමඟ ගනුදෙනු කරන සෑම තප්පරයකදීම ඒ තුළින් අපගේ ප්‍රතිරූපය ගොඩනඟා ගැනීමට, අපේ විවිධ මාර්කටින් වැඩසටහන්වලට පවා වාසි සහ ලාභ රැසක් ලැබෙනවා. අපි සමාජ මාධ්‍ය භාවිත කරන්නේ ප්‍රයෝජනයක් ලැබෙන ආකාරයටයි. නමුත් ඉතින් බහුතරයක් තමන්ගේ අතින් පාඩු විඳගෙන, ඩේටත් කපාගෙන අපේ දේවල්වලට වැරදි කමෙන්ට් දානවා, මඩ ගහනවා නම් ඇත්තටම ඔවුන් පව් තමයි.

අපි හැමෝම පසුගිය කාලය පුරාවට දැඩි ලෙස අපහසුතාවට ලක් වුණා. ඒ වෙනුවෙන් කලාකරුවන් බොහෝදෙනෙක් හඬ නැඟුවා. ඔබත් රට වෙනුවෙන් පාරට බැහැපු කෙනෙක්ද?

පැහැදිලිවම නැහැ. ලංකාවේ කිසිදු දේශපාලන කටයුත්තකට මම සම්බන්ධ වන්නේ නැහැ යන මතයේ එදා සිටම ඉන්න කෙනෙක්. එවැනි දේශපාලන වැඩසටහන්වලට සහභාගි නොවීම ගැන අද මා ඇත්තටම සතුටු වනවා.

අනාගත බලාපොරොත්තු මොනවාද?

ලොකු බලාපොරොත්තු නැහැ. දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතුවලට උදවු වනවා. අම්මා විධියට මා ඔවුන් වෙනුවෙන් යමක් කළ යුතුයි. පුතා උලිඳුට දැන් අවුරුදු 18යි. දුව ශියාරාට අවුරුදු 08යි. මගේ බලාපොරොත්තුව ඔවුන්ගේ අනාගතය සාර්ථක කිරීමයි.

දිනූෂා මනෝරි නිශ්ශංක
මව්බිම - හදගැස්ම


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top