Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Sep
23
ලෝක ප්‍රසිද්ධ බූකර් සම්මානයට නැවතත් ශ්‍රී ලාංකික නවකතාකරුවෙක් නිර්දේශ වෙයි

- ලෝක ප්‍රසිද්ධ බූකර් සම්මානයට නැවතත් ශ්‍රී ලාංකික නවකතාකරුවෙක් නිර්දේශ වෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,049 Views
ලොව ප්‍රමුඛතම සාහිත්‍ය සම්මානයක් වන බුකර් සම්මානය සඳහා නැවත වතාවක් ශ්‍රී ලාංකික නවකතාකරුවෙකුගේ නමක් යෝජනා වී තිබෙනවා.

මෙලෙස 2022 වර්ෂය සඳහා වන බුකර් සම්මාන කෙටි ලයිස්තුවට යෝජනා වී ඇත්තේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ලේඛකයෙකු ලෙස සැලකෙන ශෙහාන් කරුණාතිලකයි.

ශෙහාන් කරුණාතිලකගේ The Seven Moons of Maali Almeida (මාලි අල්මේදාගේ සත් සඳ) නවකතාවයි මෙලෙස 2022 බුකර් සාහිත්‍ය සම්මනය සඳහා වන කෙටි ලැයිස්තුවට ඇතුළත් වී ඇත්තේ.

මෙලෙස ශ්‍රී ලාංකික නවකථාකරුවකු බුකර් සම්මානය සඳහා නොකඩවා නිර්දේශ වූයේ දෙවැනි වරටයි.

2021 වර්ෂය සඳහා වන බුකර් සම්මාන කෙටි ලයිස්තුවට මෙරට දමිළ නවකතා කරුවකු වන අනුක් අරුද්ප්‍රගාසම් ගේ දෙවන නවකතාව වන A Passage North (උතුරු පටුමග) ලැයිස්තුගත කෙරුණා.

මීට අමතරව මෙවර බුකර් සම්මාන කෙටි ලයිස්තුවේ තවත් කැපී පෙනෙන විශේෂතා කිහිපයක් ම තිබෙනවා.

බුකර් සම්මාන ඉතිහාසයේ වයස්ගත ම කෙටි ලැයිස්තුගත වූ නවකතාකරුවා වාර්තා වන්නේ ද මෙවර නිර්දේශිත නාම අතරේයි.

ට්‍රේකල් වෝකර් (Treacle Walker) නව කථාව ලියූ බ්‍රිතාන්‍ය ජාතික ඇලන් ගාර්නර් (Alan Garner) මෙම කෙටි ලැයිස්තුවට නිර්දේශ වී බුකර් සම්මාන සංසදය විසින් පසුගිය 17 වැනි දින එම අවසන් නිර්දේශිත නාම හය ප්‍රකාශයට පත් කළ දිනයේ දී ඇලන් ගාර්නර් ගේ 88 වැනි උපන් දිනය යෙදී තිබීම ද විශේෂත්වයක්.

මීට අමතරව කෙටි ලැයිස්තුවේ මෙතෙක් නම් කර ඇති කෙටිම පොත වාර්ථා වන්නේ ද මෙවර නිර්දේශ අතරේයි.

ඒ අනුව පිටු 116 කින් සමන්විත අයර්ලන්ත ලේඛිකාවක වන ක්ලෙයාර් කීගන්ගේ (Claire Keegan) මේ වගේ කුඩා දේවල් (Small Things Like These) පොත මෙතෙක් ත්‍යාග ඉතිහාසයේ නම් කරන ලද කෙටිම පොත ලෙස ඉතිහාස ගත වනු ඇති.

මීට අමතරව සිම්බාබ්වේ ජාතික නොවීයලේ බුලවායෝ, ඇමරිකානු එක්සත් ජනපද ලේඛක පර්සිවල් එවර්ට්, සහ තවත් ඇමරිකානු ජාතික ලේඛිකාවක වන එලිසබත් ස්ටවුට් මෙවර යෝජනා කරන ලද නම් අතරට අයත්.

මෙවර නිර්දේශිත නාම අතරට එක්වන සැලකෙන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ලේඛකයෙකු ලෙසයි.

ඔහු නවකතාවලට අමතරව රොක් ගීත, තිර රචනා සහ සංචාරක කථා ලියන්නෙකු ලෙසද ප්‍රචලිත සාහිත්‍යවේදියෙක්.

ශෙහාන් කරුණාතිලක 2011 වසරේ ලෝක සාහිත්‍ය වේදිකාවට ගොඩ වන්නේ ඔහුගේ කුළුඳුල් නවකතාව වන චයිනාමන් සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය ත්‍යාගය, ඩීඑස්එල් සහ ග්‍රේටියාන් ත්‍යාගය දිනාගනිමින්.

එමෙන්ම ඔහුගේ ගීත, සහ කථා Rolling Stone, සහ National Geographic වැනි ජාත්‍යන්තර ප්‍රකාශනයන්හි පළ කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ගාල්ලේ උපන් ශෙහාන් කරුණාතිලක කොළඹ හැදී වැඩී නවසීලන්තයේ අධ්‍යාපනය ලබා ලන්ඩන්, ඇම්ස්ටර්ඩෑම් සහ සිංගප්පූරුවේ ජීවත් වී සේවය කර ඇති අතර ඔහු දැනට ශ්‍රී ලංකාවේ වාසය කරයි.

මාලි අල්මේදාගේ සත් සඳ ඔහු දිගු කලක් බලා සිටි දෙවන නවකතාවයි.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top