ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට පාකිස්ථානය අද සමත් වුණා.
ඒ ඇෆ්ගනිස්ථානය සමග පැවති තරගය කඩුලු 1කින් ජය ගනිමින්.
මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්ථාන නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස්කර ගැනීමට හැකිවුණේ ලකුණු 129ක් පමණයි.
ඊබ්‍රාහිම් සද්‍රාන් ලකුණු 35යි. හරිස් රවුෆ් ලකුණු 26කට කඩුලු 2ක් බිඳ හෙළුවා.
පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථානය පන්දුවාර 19යි පන්දු 2ක් අවසානයේ ජයග්‍රාහී ඉලක්කය පසු කළා.