Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
03
අපේ සිංහයින් පිත්තෙන් වැඩ පෙන්වූ හැටි මෙන්න ! ඇෆ්ගන් පිලට අත්වූ ඉරණම... අපේ දස්සා වාර්තා අතරට

- අපේ සිංහයින් පිත්තෙන් වැඩ පෙන්වූ හැටි මෙන්න ! ඇෆ්ගන් පිලට අත්වූ ඉරණම... අපේ දස්සා වාර්තා අතරටHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

94 Views
2022 ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි හතර දෙනාගේ වටයේ පළමු තරගය ලෙස පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර තරගයේ ජය ශ්‍රී ලංකාව විසින් හිමි කර ගත්තා.

ඒ කඩුලු 4ක් හා පන්දු 5ක් අතැතිව.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායකයා මුලින් ම පන්දුවට පහර දීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව ඇෆ්ගනිස්ථාන ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි රහ්මනුල්ලා ගුර්බාස් සහ හස් රතුල්ලා සසායි තම කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබා ගත්ත්තා.

කෙසේ නමුත් එම වේගයට නැවතීමක් තබන්නට ශ්‍රී ලංකා නවක වේගපන්දු යවන ක්‍රීඩක දිල්ශාන් මදුෂංකට හැකියාව ලැබුණේ, හස් රතුල්ලා සසායිගේ කඩුල්ල දවා ගනිමින්.

ඒ ඔහු ලකුණු 13ක් ලබා සිටිය දී යි.

අනතුරුව වේගවත් පිති හරඹයක් දියත් කරමින් සිටි රහ්මනුල්ලා ගුර්බාස්ගේ සහායට පිටියට පිවිසියේ ඊබ්‍රහීම් සද්‍රාන්.

ඔවුන් දෙදෙනා එක්ව ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට නැවතත් අනුකම්පා විරහිත ප්‍රහාරයක් එල්ල කරන්නට සමත් වුණා.

එහි දී වේගවත් පිති හරඹයක නියැලුණු ආරම්භක පිතිකරු රහ්මනුල්ලා ගුර්බාස් හයේ පහර 6ක් සහ හතරේ පහර 4ක් සමගින් ලකුණු 84ක් ලබා ගත්තේ පන්දු 45ක් පමණක් වැය කරමින්.

ඔහුගේ ඉනිම අවසන් වුණේ අසිත ප්‍රනාන්දු යැවූ පන්දුවක් හමුවේ වනිදු හසරංග වෙත උඩ පන්දුවක් ලබා දෙමින්.

ඉන් අනතුරුව ගුර්බාස්ට සහයක් වෙමින් කඩුල්ලේ රැඳී සිටි, ඊබ්‍රහීම් සද්‍රාන් දැවී ගියේ පන්දු 38ක දී ලකුණු 40ක් ලබා සිටිය දී දිල්ශාන් මධුසංඛගේ පන්දුවක් හමුවේ අසිත ප්‍රනාන්දු වෙත උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියා.

පසුව පිටියට පැමිණි ඇෆ්ගන් පිතිකරුවන්ට එතරම් සාර්ථක වන්නට ශ්‍රී ලංකා පන්දු බල ඇණිය ඉඩ තැබුවේ නැහැ.

ඒ අනුව ඇෆ්ගන් නායකයා එක් ලකුණක් ලබා සිටිය දී දවා ගන්න මහීෂ් තීක්ෂණ සමත් වුණේ, ඔහු යැවූ පන්දුවට ඔහු ම උඩ පන්දුවක් ලබා ගනිමින්.

අනතුරුව නජිබුල්ලා සද්‍රාන් දුවද්දී දැවී ගියේ ලකුණු 17ක් ලබා සිටිය දී යි.

නමුත් අවසන් පන්දුව වන තුරු ම ලකුණු පිපාසාවෙන් පෙළුණු ඇෆ්ගනිස්ථානුවන්, අවසන් පන්දුවාර පහේ දී එතරම් ලකුණු වේගයක් ලබා ගැනීමේ දී වූ මදි පාඩුව මගහරවා ගන්නට උත්සහ කළා.

එහි ප්‍රතිපලයක් ලෙස අවසන් පන්දුවේ දී රෂීඩ් කාන් දුවද්දී දැවී ගියා.

කෙසේ නමුත් ඇෆ්ගන් ඉනිම නිමා වුණේ ශ්‍රී ලංකා පිතිකරුවන්ට තරගය ජග ගැනීමට නම් පන්දුවාරයක දී ලබා ගත යුතු දළ ලකුණු වේගය ලකුණු ලෙස 8.75ක ඉහළ අගයක් රඳවමින්.

එම ඉලක්කය හඹා යෑමේ අදිටනින් පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වන පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ඉනිමට හොඳ ආරම්භයක් ලබා දුන්නා.

එම සබඳතාව ශ්‍රී ලංකා ලකුණු පුවරුව 62ක් ව තිබිය දී බිඳ වැටුණේ වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් සිටි කුසල් මෙන්ඩිස්ගේ දැවී යාමත් සමගයි.

ඔහු දැවී යන විට පන්දු 19ක දී වේගවත් ලකුණු 36ක් ලබා ගත්තේ හයේ පහර 3ක් සහ හතරේ පහර 2ක් සමගින්.

ඉන් අනතුරුව පිටියට පිවිසියේ ශ්‍රී ලංකා උප නායක චරිත් අසලංකයි.

නමුත් ඔහු හා එක්ව පැතුම්ට දිගු ඉනිමක් ගොඩ නැගීමට නො හැකි වූයේ අවාසනාවන්ත ලෙස කඩුලු රකින්නා විසින් ලබා ගත් උඩ පන්දුවෙන් දැවීයාමෙන්.

ඔහු දැවී යන විට ලකුණු ලකුණු 35ක් ලබා සිටියේ හයේ පහර 1ක් සහ හතරේ පහර 3ක් සමගින්.

පැතුම්ගේ දැවී යාමෙන් අනතුරුව පන්දුවට පහර දීමට පිටියට පිවිසියේ ධනුෂ්ක ගුණතිලකයි.

කෙසේ නමුත් ඔවුන් දෙදෙනාට ද ශ්‍රී ලංකා ඉනිම වෙත සාර්ථක සබඳතාවක් ගොඩ නැගීමට හැකියාවක් නො ලැබුණේ අසලංක නැවත වතාවක් අසාර්ථකත්වයට පත් කරමින්.

ඔහු ලකුණු 8කට දැවී ගියා.

පසුව පිටියට පිවිසියේ ශ්‍රී ලංකා නායක දසුන් ශානකයි.

ඔහුටත් වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට ඉඩ ලැබුණේ නැහැ.

නජිබුල්ලා සද්‍රාන් රැකගත් සුපිරි උඩ පන්දුවක් හමුවේ දසුන් ශානක අවාසනාවන්ත ලෙස දැවී ගියා.

අනතුරුව පිටියට පිවිසියේ භානුක රාජපක්ෂයි.

ධනුෂ්ක ගුණතිලක හා එක් වූ භානුක රාජපක්ෂ ශ්‍රී ලංකා ඉනිමට අස්වැසිල්ලක් ගෙන දෙන දෙන්නට සමත් වුණේ පිටිය සිසාරා වර්ණවත් ප්‍රහාරාවලියක් එල්ල කරමින්.

නමුත් එම සබඳතාව බිඳ වැටුණේ ධනුෂ්ක ගේ කඩුල්ල රෂීඩ් ඛාන් විසින් ඩැහැ ගැනීමෙන් අනතුරුවයි.

ඔහුගේ ප්‍රහාරාත්මක ඉනිම ලකුණු 33කට සීමා වූයේ පන්දු 20ක් හමුවේ හයේ පහර 2ක් හා හතරේ පහර 2ක් ද එල්ල කොට සිටිය දී යි.

අනතුරුව හයවැනි කඩුල්ල ලෙස පිටියට පිවිසියේ වනිදු හසරංගයි.

ඔහු ද අකාරුණික ලෙස ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන්ට පහර එල්ල කළේ, ශ්‍රී ලංකාව ජය මාවතට තල්ලු කරමින්.

මේ අතරවාරයේ පන්දු 10ක් හමුවේ ලකුණු 02ක් ලබා ගැනීමට සිටිය දී වේගවත් ඉනිමක් දියත් කළ භානුක රාජපක්ෂ පන්දු 14ක දී හයේ පහර 1ක් සහ හතරේ පහර 4ක් සමගින් ලකුණු 31 ලබා සිටිය දී දැවී ගියා.

කෙසේ නමුත් අවසන් පන්දු වාරයේ පන්දු 5ක් ඉතිරිව තිබිය දී ශ්‍රි ලංකා කණ්ඩායම කඩුළු 4ක් අතැතිව ජයග්‍රහණය ලබා ගත්තේ, සුපිරි හතර දෙනාගේ තරග වටයේ පළමු ජයග්‍රහණය අත් කර දෙමින්.

මෙම තරග ජයත් සමග ශ්‍රී ලංකා නායක දසුන් ශානක ඉතිහාස ගත වුණේ, ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩි ම විස්සයි විස්ස තරග ගණනක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජයග්‍රහණය කළ නායකයා වශයෙන්.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top