2022 ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි හතර දෙනාගේ වටයේ පළමු තරගය ලෙස පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර තරගයේ මුලින් ම පන්දුවට පහට දුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ දී කඩුළු 6ක් දැවී ලකුණු 175ක් ලබා ගත්තා.
ඇෆ්ගනිස්ථාන ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි රහ්මනුල්ලා ගුර්බාස් සහ හස්රතුල්ලා සසායි තම කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබා ගත්ත්තා.
කෙසේ නමුත් එම වේගයට නැවතීමක් තබන්නට ශ්‍රී ලංකා නවක වේගපන්දු යවන ක්‍රීඩක දිල්ශාන් මදුෂංකට හැකියාව ලැබුණේ, හස්රතුල්ලා සසායිගේ කඩුල්ල දවා ගනිමින්.
ඒ ඔහු ලකුණු 13ක් ලබා සිටිය දී යි.
අනතුරුව වේගවත් පිති හරඹයක් දියත් කරමින් සිටි රහ්මනුල්ලා ගුර්බාස්ගේ සහායට පිටියට පිවිසියේ ඊබ්‍රහීම් සද්‍රාන්.
ඔවුන් දෙදෙනා එක්ව ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට නැවතත් අනුකම්පා විරහිත ප්‍රහාරයක් එල්ල කරන්නට සමත් වුණා.
එහි දී වේගවත් පිති හරඹයක නියැලුණු ආරම්භක පිතිකරු රහ්මනුල්ලා ගුර්බාස් හයේ පහර 6ක් සහ හතරේ පහර 4ක් සමගින් ලකුණු 84ක් ලබා ගත්තේ පන්දු 45ක් පමණක් වැය කරමින්.
ඔහුගේ ඉනිම අවසන් වුණේ අසිත ප්‍රනාන්දු යැවූ පන්දුවක් හමුවේ වනිදු හසරංග වෙත උඩ පන්දුවක් ලබා දෙමින්.
ඉන් අනතුරුව ගුර්බාස්ට සහයක් වෙමින් කඩුල්ලේ රැඳී සිටි, ඊබ්‍රහීම් සද්‍රාන් දැවී ගියේ පන්දු 38ක දී ලකුණු 40ක් ලබා සිටිය දී දිල්ශාන් මධුසංඛගේ පන්දුවක් හමුවේ අසිත ප්‍රනාන්දු වෙත උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියා.
පසුව පිටියට පැමිණි ඇෆ්ගන් පිතිකරුවන්ට එතරම් සාර්ථක වන්නට ශ්‍රී ලංකා පන්දු බල ඇණිය ඉඩ තැබුවේ නැහැ.
ඒ අනුව ඇෆ්ගන් නායකයා එක් ලකුණක් ලබා සිටිය දී දවා ගන්න මහීෂ් තීක්ෂණ සමත් වුණේ, ඔහු යැවූ පන්දුවට ඔහු ම උඩ පන්දුවක් ලබා ගනිමින්.
අනතුරුව නජිබුල්ලා සද්‍රාන් දුවද්දී දැවී ගියේ ලකුණු 17ක් ලබා සිටිය දී යි.
නමුත් අවසන් පන්දුව වන තුරු ම ලකුණු පිපාසාවෙන් පෙළුණු ඇෆ්ගනිස්ථානුවන්, අවසන් පන්දුවාර පහේ දී එතරම් ලකුණු වේගයක් ලබා ගැනීමේ දී වූ මදි පාඩුව මගහරවා ගන්නට උත්සහ කළා.
එහි ප්‍රතිපලයක් ලෙස අවසන් පන්දුවේ දී රෂීඩ් කාන් දුවද්දී දැවී ගියා.
කෙසේ නමුත් ඇෆ්ගන් ඉනිම නිමා වුණේ ශ්‍රී ලංකා පිතිකරුවන්ට තරගය ජග ගැනීමට නම් පන්දුවාරයක දී ලබා ගත යුතු දළ ලකුණු වේගය ලකුණු ලෙස 8.75ක ඉහළ අගයක් රඳවමින්.