ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී තවමත් පසුවන්නේ රෝගාතුරවයි.
ඔහුට සුව පතා පළකරන සටහන් සහ ඡායාරූප නිතරම අපේ ඇස ගැටෙනවා.
සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට ඔහුට සුවය පතා පළ කර තිබූ අපූරු පැදි පෙළක් දක්නට ලැබුණා.
මේ පැදි පෙළ රචනා කර තිබුණේ බණ්ඩාර ඇහැළියගොඩ විසින්....
පහතින් දැක්වෙන්නේ එහි පැදි කිහිපයකි...
"සුවිසල් රුකක් වී අතු ඉති පලබරව
ලොවටම බෙදා දී සිසිලස නොමසුරුව
ගැම්මට ඇවිද ගිය දස අත කඩිසරව
ජැක්සන් හිදී අද යහනක නිදිබරව
ගිය තැන මූලිකත්වය කරටම ගන්නේ
ඔබගේ සොඳුරු හඬ පමණයි පැතිරෙන්නේ
ඉවසිල්ලක් නැතිව අපි අහගෙන උන්නේ
කොහොමද මචං අද උඹ නිහඬව ඉන්නේ
දෙස රැස බසට දක්වා නියම ආලය
හරියට බෙදා වෙන්කර තබා කාලය
මතකයි නිබඳ කටයුතු කරපු තාලය
ඔබ මේ රටේ ඇවිදින පුස්තකාලය
නළුකම අබිබවා යයි විස්මිත දැනුම
කොතැනට වුණත් සැසඳෙයි පූරක පෙනුම
සිදුකර ගැඹුරු විදියට හෙළ බස වැනුම
අදහස් පල කරයි නිතරම උණු උණුම
මරණාසන්න අනතුරකට මුහුණ දෙමින්
අයි සී යූ එකේ දිගටම නතර වෙමින්
පවුලම හඬා වැළපෙන විට කඳුලු බොමින්
සමහරු සතුටු විය නොනැවත පහර දෙමින්
මහ ලොකු එකාගේ සිට පොඩි එකාගේ
හදවත්වලට අමතයි එකිනෙකාගේ
නොයෙකුත් අවලාද ඇහුනත් මොකාගේ
කාටත් වඩා පණ හයියයි ජැකාගේ
දුක සැප සම සමව අරගෙන එකට විඳ
ආ මග පුරා කොතරම් දේ තියෙනවද
නෑ කිසි පුරුද්දක් එකතැන ඔහොම ඉඳ
ගලවා මැෂින් නැඟිටිනු මැන මිතුරු සඳ"
- බණ්ඩාර ඇහැළියගොඩ -