වාසනාව කියන එක විශ්වාස කරනවාද? එහෙම විශ්වාස කරන්නේ නැති කෙනෙක්ට වුණත් වාසනාව කියන දෙය විශ්වාස කරන්න පුළුවන් සිදුවීමක් අද කොළඹ ටවුන්හෝල්හීදී සිද්ධ වෙලා තියෙනවා.
ඉදිකිරීම් ස්ථානයක යකඩ පොල්ලක් වාහනයකට වැටීමෙන් එහි රියදුරා දුර්ලබ වාසනාවකින් බේරී තිබෙනවා.අද (09) උදෑසන අටයි තිහට පමණ කොළඹ පුරහල ප්‍රසිද්ධ ඇඟලුම් වෙළෙඳ මධ්‍යස්ථානයක ඉදිකිරීම් ස්ථානය ඉදිරිපිට දීයි මෙය සිදු වී ඇත්තේ.මෙසේ පතිත වී ඇත්තේ, ඉදිකිරීම ස්ථානයේ තිබුණු දොඹකරයේ යකඩ බම්බුවක්.පාරේ නතර කර තිබූ වාහනේ තුළට මෙම බටය වැටී තිබෙන අතර, වාහනය ඉදිරිපස වීදුරුව සිදුරු කරගෙන රියදුරු අසුනේ වාඩි වී සිටී පුද්ගලයාගේ කකුල් දෙක මැදට වැටී බම්බුව වැටී තිබෙනවා.එම අනතුරින් රියදුරු අසුනේ සිටි පුද්ගලයාට කිසිදු ශරීර හානියක් සිදු වී නෑ.