විදුලිබිල හෙට සිට සියයට 75ක සාමාන්‍ය අගයකින් ඉහළ නැංවීමට විදුලිබල මණ්ඩලයට අවසර ලබාදුන් බව මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කළා.
එහි සභාපති ජනක රත්නායක කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ, 30ට අඩු විදුලි ඒකක භාවිත කරන පාරිභෝගිකයන් සඳහා විදුලි බිල රුපියල් 198 දක්වා ඉහළ නංවන බවයි.
30ත් 60ත් අතර සියයට 200කින් සහ 60ත් 90ත් අතර විදුලි ඒකක ප්‍රමාණයක් භාවිත කරන පාරිභෝගිකයන් සඳහා සියයට 125කින් ගාස්තු ඉහළ නංවන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා කියා සිටියා.