පහුගිය කාලයේ කිරුළක් නිසා වැඩියෙන්ම කතාබහට ලක් වුණු අයෙකි පුෂ්පිකා.
ඔන්න ඇය ආයෙම කිරුළක් ගැන කතා කරන්න අරන්, බලන්නකො මොකක්ද ඒ කතාව කියලා.
සුන්දරත්වයෙන් සහ විවිධත්වයෙන් යුත් කාන්තාවන්ගෙන් මේ ලෝකය පිරී තිබේ.
ඔවුන් වෙනුවෙන් වසරක් පාසා තරඟයක් පවත්වා ඒ අතරින් වඩාත් සුදුසු කාන්තාව රැජිණක් ලෙස නම්කොට කිරුලක් පළඳවමින් සිදුකරන මහත් සේවය වෙනුවෙන්, මම පෝලාට සහ සමස්ත විශ්ව රූ රැජින සංවිධානයට ප්‍රශංසා කරමින් සුබ පතන්නේ ඉමහත් සතුටිනි.
මේ ලෝකයේ ඉදිරියෙන්ම තිබෙන සහ මෙතෙක් පවතින හොඳම ආකාරයේ තරඟාවලියක් ලෙස, "...සියලුම කාන්තාවන් සඳහා එක සමාන වේදිකාවක් නිර්මාණය කිරීමට.." ගත් තීරණයත් සමග විශ්ව රූ රැජිණ සංවිධානය දැන් සමස්ත ඉතිහාසය වෙනස් කරන්නට පටන්ගෙන ඇත. මේ ලෝකයේ කාන්තාවන් වර්ග කරන ප්‍රධාන වෙනස්කම් වන්නේ විවාහක, අවිවාහක, දික්කසාද වූ, තනිකඩ මව්වරුන් ආදී විවිධ නම් වලිනි. නමුත් මේ සියල්ල අප විසින් ම ගොඩනඟන ලද සමාජ ස්ථරයන් පමණි.
හිටපු විශ්ව රූ රැජිණක් වන අසල්වැසි ඉන්දියාවේ සුෂ්මිතා සෙන් වරක් සඳහන් කල පරිදි ම "....සැබෑ කාන්තාවන් වෙනුවෙන් අද අපි කාන්තාවන් සැමරීම, කාන්තා සවිබල ගැන්වීම සහ කාන්තාවන් තුළ සමානාත්මතාවය ඇති කිරීම සමරමින් සිටින්නෙමු.."
අවසාන වශයෙන්, මින් පසු ජාත්‍යන්තර රූ රැජිණ තරඟවල දී පවා කාන්තාවන් පිළිගනු ලබන්නේ ඔවුන් කවුරුන් ද යන කරුණ මත මිස, කාන්තා සුන්දරත්වය, බුද්ධිය, වරක් විවාහක තත්ත්වය හෝ තනිකඩභාවය වැනි ප්‍රාථමික කරුණු මත නො වන බව පැහැදිලි වේ. විශ්ව රෑ රැජිණ සංවිධානය වැනි දැවැන්ත ආයතනයක් පවා මේ වනවිට එම මතයට එකඟ වී තිබේ.
මම නැවත වරක් විශ්ව රෑ රැජිණ සංවිධානයට මුළු හදවතින්ම සුබ පතන අතර, අද අපි රූ රැජිණන්ගේ ලෝකයේ කාන්තාවන් වෙනුවෙන් සමරනු ලබන නව පරිච්ඡේදයක්, නව යුගයක් සනිටුහන් කිරීම සතුටින් සමරන්නෙමි.
සෑම අතින්ම කාන්තාවන් සවිබල ගැන්වීම! එය විශ්ව රෑ රැජිණ සංවිධානයේ අරමුණයි.
("... සැබෑ රැජිනක් යනු, අනෙක් ගැහැනියගේ කිරුල උදුරාගන්නා ගැහැනියක් නොව, අනෙක් ගැහැනියගේ ඔටුන්න රහසේ සකසන ගැහැණියකි.! අනික් කාන්තාවන්ගේ අඩුපාඩු සොයමින් විවේචනය කරන්නේ දුර්වල ගැහැණුන් ය. ශක්තිමත් ගැහැණිය සිනාමුසුව බාධක ජයගනිමින් අනික් කාන්තාවන්ටත් ශක්තියක් වෙමින් ඇයගේ ගමන නොනැවතී ඉදිරියට යනු ඇත)
- පුෂ්පිකා ද සිල්වා