පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී කිලෝග්‍රෑම් 57 බර පන්තියේ මල්ලවපොර ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගත් නෙත්මි අහිංසා පෝරුතොටගේ අද අලුයම දිවයිනට පැමිණියා.
දිවයිනට පැමිණි ඇය කාටත් වටිනා අගනා කතාවක් කළා. පහතින් දැක්වෙන්නේ ඇය කළ එම කතාවයි....
"ඇත්තටම ගොඩක් සතුටුයි...
මම බලාපොරොත්තු වුණේ රන් පදක්කම දිනාගන්න, ලෝකඩ පදක්කම දිනාගන්න නෙවෙයි...
නමුත් මට ඒක නොහැකි වුණා.
ගොඩක් සතුටු හිතෙන්නෙ මල්ලවපොර ඉතිහාසය වෙනස් කරමින්, ලංකාවට පළවෙනි වතාවට පොදු රාජ්‍ය මණ්ඩලවලින් පදක්කමක් ගේන්න ලැබුණු එක...
ලංකාවේ මේ පවතින තත්වයත් එක්ක ලංකාවට මෙඩ්ල් එකක් ගෙනල්ලා ලංකාවට කීර්තියක් අත්කර දෙන්න පුළුවන් වීම ගොඩක් සතුටුයි.
මට හැබැයි ගෝල්ඩ් මෙඩ්ල් එක ගන්න බැරි වුණා.
ඒ හැම දුර්වලතාවයක්ම හදාගෙන ඊළඟ පාර යන්නෙ ඔලිම්පික්, කොලිෆයිඩ් වෙලා ඔලිම්පික් යන්න සූදානම් වෙනවා.
මේ තැනට එන්න ගොඩක් උදව් කරා ජාතික ඔලිම්පික් කමිටුවෙන්.
ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යංශයටත් ස්තූතුවන්ත වෙනවා.
මේ තැනට එන්න උදව් කරපු හැමෝටම ගොඩක් ස්තූතිවන්ත වෙනවා.
මගේ දෙමව්පියන් ගත්තොත් එහෙම, මගෙ තාත්තා කරන්නෙ පෙදරේරු වැඩ ,මොන ආර්ථික අපහසුතා තිබුණත් මම ඉල්ලන හැමදේම මට ගෙනත් දුන්නා. මගෙ අම්මයි තාත්තයි මට පුළුවන් විදියට කන්න දුන්නා. ඒ දෙන්නටත් ලොකු ශක්තියක් වුණා මගෙ මාස්ටර්. ඒ දෙන්නට බැරි දේවල් මාස්ටර් දුන්නා. මාස්ටර් මගෙ ඉගෙනීම් කටයුතුත් බැලුවා.
මාස්ටර් වගේම මාස්ටර්ගෙ වයිෆ්. ඒ දෙන්නා මට ගොඩක් උදව් කරා. මගෙ හැමදෙයක්ම මගෙ අම්මයි තාත්තයි වගේ ඉඳලා කරේ ඒ දෙන්නා.
මේ මෙඩ්ල් එක අයිති වෙන්න ඕනි මට නෙවෙයි එයාලටයි. මගෙ රටටයි. මෙඩ්ල් එකේ සම්පූර්ණ අයිතිය තියෙන්නෙ මගෙ රටට කියලා මම කියන්න ඕනි.
හැමෝටම ස්තූතිවන්ත වෙනවා මගේ රට වෙනුවෙන් මේ මෙඩ්ල් එක ගේන්න මට පුළුවන් තැනට මාව ගෙනාව සියලුම දෙනාට...."
ඇගේ සම්පූර්ණ කතාව පහතින්....