Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
07
“....19දා තමයි සිසර් කරලා ගන්න හිටියේ. පුතෙක් ලැබෙනවා කියලා දොස්තර මහත්වරු කිව්වා. ළඟ දුවෙක් අඬාගෙන ආවා ඒ තුන්දෙනාම මැරිලා කියලා... මොන දෙයියන්ටද කියන්නෙ?” - පාපතරයෙකු බිළිගත් බුත්තල කුරුලු කැදැල්ල ! ඇස්වලට කඳුළු උනන සංවේදී කතාව මෙන්න

- “....19දා තමයි සිසර් කරලා ගන්න හිටියේ. පුතෙක් ලැබෙනවා කියලා දොස්තර මහත්වරු කිව්වා. ළඟ දුවෙක් අඬාගෙන ආවා ඒ තුන්දෙනාම මැරිලා කියලා... මොන දෙයියන්ටද කියන්නෙ?” - පාපතරයෙකු බිළිගත් බුත්තල කුරුලු කැදැල්ල ! ඇස්වලට කඳුළු උනන සංවේදී කතාව මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

158 Views
මත් රියදුරෙකුගේ නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් මෙලොව එළිය දකින්ට සිටි කිරිකැටියෙකු සහ ඔහුගේ මවත් පියාත් එකතැනම අවසන් ගමන් ගිය පුවතක් පසුගියදා වාර්තා වූයේ බුත්තල කුඩාඔය ප්‍රදේශයෙනි.

එම අනතුරින් මියගිය පියා මව සහ කිරිකැටි පුතුගේ මළසිරුරු ඔවුන් පදිංචි නිවසට ගෙන එනවාත් සමගම ධාරාණිපාත වර්ෂාවක් ඇද වැටුණේ ගම මැදින් ගලා යන කුඩාඔයද දෙගොඩතලා යමිනි.

“දිලානි නංගි අපි දෙන්නා තමයි නිතරම ක්ලිනික් එකට යන්නෙත් හැම දෙයක්ම කරන්නේ. එයා හරිම හොඳ යාළුවෙක්. දවල් අපේ ගෙදර ආවා මහත්තයා එක්ක. අපි කොස් ඇටවලින් ත්‍රිපෝෂ හදලා කාලා සවස් දෙන්න ගෙදර යන්න ඕන කිව්ව නිසා ආවා. මම පාර අයිනේ කඩේට හැරුණා... එයයි මහත්තයයි පාර අයිනේ එන්න ආවා. ඒ දෙන්නා අත් දෙක අල්ලගෙන පාර අයිනෙන් ඇවිදගෙන පහළට යන්න ගියා. විනාඩියක්වත් ගියේනෑ. පාර අයිණේ තිබුණ කඩේට ගියා එතකොටම බැලුන් එකක් පිපිරෙනවා වගේ සද්දියක් ඇහුණා. මම පාර පැත්ත බලනකොට දිලානි නංගිගේ කුඩේ පාර අයිණේ තිබුණා. මම මහත්තයට කෑගහලා බලන්න කියනකොට ටිකක් ඈතට වෙන්න නාලක අයියා වැටිලා හිටියා. දිලානි ඒ ළඟ තිබුණ කොන්ක්‍රිට් කානුවේ හිරවෙලා හිටියා“යැයි මියගිය අයගේ මිතුරියක වු කේ.එම්. කුසුමලතා කීවේ හැඬූ කඳුළිනි.

“අනතුරක් කළ වාහනයක් හරි වෙන කිසිම දෙයක් පේන තෙක් මානයක තිබුණේ නෑ. අපි කෑගහනකොට ගමේ කට්ටිය ඉක්මනට එතනට එකතු වුණා. ඒ අය ඉක්මනට එයාලව ඉස්පිරිතාලේට ගෙනිනයන්න කටයුතු කළා. කාටවත් කරදරයක් නැතුව සතුටෙන් හිටපු ඒ දෙන්නා අපිව දාලා ගියා. මට යනකොට එයා කියලා ගියා හොඳට බලාගනින් ඉස්පිරිතාලෙට ගියාම අයේ මම එයිද දන්නේ නෑ කියලා. අනෙ ඒ දුක කොහොමද මම ඉවසන්නේ“යැයි ඇය වැඩිදුරටත් කීවේ කම්පාවෙනි.

බුත්තල පොලිස් බල ප්‍රදේශයට අයත් කුඩාඔය ගම්මානය පමණක් නොව රටේ බොහෝ දෙනෙකුට සංවේදි පුවතක් බවට පත්වු බුත්තලදී වෑන් රථයක ගැටුණු ගැබිනි මවත් සැමියාත් මරුමුවට පත්වීමේ සිදුවීමෙනි. එම සිදුවීම වුයේ වැල්ලවාය මොනරාගල මාර්ගයේ කුඩාඔය හංදිය ආසන්නයේදිය.

බුත්තල පොලිස් බල ප්‍රදේශයට අයත් කුකුරම්පොළ ප්‍රදේශයේ පදිංචි බීමත් විශ්‍රාමික ආබාධිත සෙබළෙකු පැදවු වෑන් රථයක ගැටීමෙන් මේ අඹුසැමියන් සහ නූපන් දරුවා ජීවිතක්ෂයට පත්වූහ.

“19දා තමයි දරුවා සිසර් කරලා ගන්න හිටියේ. පුතෙක් ලැබෙනවා කියලා දොස්තර මහත්වරු කියලා තිබුණ නිසා මොනතරම් ආර්ථික අපහසුතා තිබුණත් අවශ්‍ය ඔක්කොම බඩු ටික සුදානම් කරලා ඇඳ උඩ අහුරලා තිබුණා. දවල් 11ට විතර අවුවේම ගියේ මම එපා කියද්දි. ඒත් යන්නම ඕනේනම් හවස් වෙලා යන්න කියලා මම කිව්වා. අනේ කොස් ඇටවලින් කෑමක් හදලා තියනවා කියලා ඒක කන්න ගිහින් එනකොට තමයි ඔය අපරාධය සිද්ධ වෙලා තියෙන්නෙ“ යැයි එම අඹුසැමි යුවළ නතරවි සිටි නිවාසයේ හිමිකාරිය වන කේ.ඒ. යසවති මහත්මිය පැවසුවේ කඳුළු පිරි දෙනෙතිනි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය මෙසේද පැවසුවාය.

"මම ඒ දරුවෝ දෙන්නට සැලකුවේ මගේම දරුවෙකුට වගේ. කවදාවත් උඔ බං බොලං කියලා නෑ. කියන්න කිසිම වැරුද්දක් තිබුණේ නෑ. කන්න මොනවාහරි කැමතියි කිව්වාම මම හදලා දෙනවා අපේ දුවලා වගේම වටපිටාවේ අයත් උදව් උපකාර කළා. හරිම සමගියෙන් ඒ දෙන්නා හිටියේ. හවස දෙකට විතර පුතා ඇවිල්ලා කිව්වා ආච්චි නාලක මාමා වාහනේක හැප්පිලා කියලා. මම කිව්වා බොරු කියන්න එපා කියලා. මම පාර දිහා බලාගෙන හිටියා. එතකොටම වගේ මේ ළඟ දුවෙක් අඬාගෙන එනවා ඒ තුන්දෙනාම මැරිලා කියලා. අනේ මම කොහෙමද හිතක් පපුවක් තියාගෙන ඉන්නේ හෙට දරුවා හම්බවෙන්න තිබුණ දවස මොන දෙයියන්ටද මේ අපරාදෙ කියන්නේ..“ ඇය හැඩු කඳුළින් කීවාය.

මියගිය සදුනි දිලනි ධර්මසේන 32 හැවිරිදිය. නාලක ප්‍රියදර්ශන 37 හැවිරිදි නාලක කුඩාඔය පාලමෙන් එගොඩ පදිංචිකරුවෙකි. ඔවුන්ගේ මහගෙදර නොනැවති ඒ කිට්ටුව පිහිටි කුලි නිවසක සතුටින් ජීවත්වු නාලකලාට ස්ථිර රැකියාවක් නොවුණත් බුත්තල වැල්ලවාය නගරවල ජංගම දුරකථන සිම්පත් අලෙවි කිරීම වෘත්තිය ලෙස ඔහු සිදු කරමින් සිටියේය.

දරුවෙකු පිළිබඳ සිහිනය සැබෑවක් කරමින් පවුලක එකතු වෙන්නට සිටි කිරිකැටියා මෙලොව එළිය දකින්නට දින තුනක් තිබියදි කිරිකැටියා සමඟ මව්පියන් මරු තුරුලට යන්නේ හිත්පිත් නැති බීමත් රියදුරෙකුගේ නියාව නිසාය.

අනතුර සිදුකර පලා ගිය වෑන්රථය රියදුරුගේ නිවසේ තිබියදි සොයා ගනු ලැබුවේ ගම්වාසින්ගේ හා පොලිස් නිලධාරින්ගේ මැදිහත් වීමෙනි.

ඒ වන විටත් දෙදෙනෙකු යට කර පලාගිය එම වෑන් රථයටද දැඩි අලාභ හානි සිදුවි තබු අතර ඉදිරිපස විදුරුව කුඩු වි ගොස් තිබුණේ අඹුසැමියන් ගැටිමෙන් ඇතිවු වේගයත් සමගය.

මෙම සිද්ධීය සැලවීමත් සමග වැල්ලවාය මොනරාගල ප්‍රධාන මාර්ගය අසලට එක් රැස්වු ප්‍රදේශවාසින් වහාම සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් ප්‍රධාන මාර්ගය හරස් කර විරෝධතාවක් පැවැත්වු අතර අනතුරුව ඔවුන් බුත්තල පොලිස් ස්ථානය ඉදිරිපිටටද ගොස් විරෝධතාවයේ නිරත වුහ.

දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වුණු මේ යුවලගේ අවසන් කටයුතු කිරිම සඳහා මෙන්ම අවමංගල කටයුතු සඳහා ගම්වාසින් සැදි පැහැදි උදව් උපකාර කිරිමට ඉදිරිපත් වී සිටියහ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් ඉදිරිපත් කළ අතර සැකකරු රක්ෂිත බන්ධනාගාර ගතකරන ලදි. මේ අතර මෙකී අනතුර සම්බන්ධයෙන් ස්ථානිය පරිකෂණයක් වැල්ලවාය අතිරේක මහේස්ත්‍රාත් ගිහාන් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

බුත්තල පොලිස්ථනාධිපති ප්‍රධාන පොලිස් පරිකෂක එච් එම් ජේ බණ්ඩාරගේ ප්‍රධානත්වෙන් රථවාහන අංශයේ ස්ථානාධිපති ඒ එම් නවරත්න ඇතුළු පිරිසක් පරික්ෂණ සිදුකළ අතර මළසිරුරු සම්බන්ධයෙන් අධීකරණ වෛද්‍ය පරික්ෂණය මොනරාගල මහා රෝහලේදි සිදුකරන ලදී.

ජී. අයි. ආර්. ගරුසිංහ - වැල්ලවාය විශේෂ
සිළුමිණ පුවත්පත (මාංචු)
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top