බොලිවුඩ් සිනමාවට ආදරය කරන අයට කාජෝල් කියන නම ආගන්තුක නැහැ. එදා “කුචු කුචු හෝතයි හේ” සිනමා පටයේ ඇය ෂාරුක් සමඟ කළ රැඟුම් අදටත් ප්‍රේක්ෂකයින්ට මතකයි.
ඉතින් කාජොල් ඊයේ උපන්දිනය සැමරුවා.
මේ උපන්දිනය ගැනම නෙවෙයි කතාව, කාජොල් කියන බොලිවුඩ් සුන්දරිය ගැන.
මේ ලිපිය අපිට හමුවුණෞ මුහුණූ පොතෙන්...
අභිමානවත් ඇය!මම ඇයව වසර ගණනක් තිස්සේ දන්නවා. ඒ වගේම මම කාන්තාවන් ගැන විශාරදයෙක්නේ , ඒ නිසයි කියන්නෙමම දැකලා තියන ගොඩක් අයට පොඩි දෙයක් ඇති කණගාටුවට පත්වෙන්න .එයාලගේ පෙනුම ,පොඩි බර වැඩිවීමක් ,ඇවිදින විදිය,වයසට යෑමඒත් කාජොල් එහෙම කෙනෙක් නොවෙයි.ඇගේ පෞර්ශය වෙනස් .ඇය සිනමාවට ආවේ බේකුදී වලින් අවුරුදු 18,19ක් වෙන්න ඇති එතකොට .මම ඇයව දැනගත්තේ බාසිගර් වලින්එදා ඉදන් අද වෙනකන් මම ඇයව හදුනනවා ..අද ඇය දරුවෝ දෙන්නෙක්ගේ මවක්.එදා සිට අද වෙනකන් ජීවිතයේ ඇය සතු කරගත් සෑම හැදින්වීමක්ම ඇය පැලදුවේ අභිමානයෙන්දුවෙක්ගේ ජීවිතය ,විවාහක ජීවිතය ,මවගේ ජීවිතය ,සොයුරියක් ,නිලියක් , තරුවක් හෝ යෙහෙලියකගේ ජීවිතය වුණත් ..ඒ හැමදේම ඇය දරාගෙන ඉන්නේ අපරිමිත ආත්මාභිමානයකින් ..එහිදී ඇයට ලැබෙන දේකුමක් වුණත් ඒ කිසිවක් ඇය ප්‍රතික්ශේප කලේ නෑ.ඒ සියලුදේ ඇය හදුන්වන්නේ"සටනින් ලද කැළැල්" ලෙසටයි.ඒ දිහා මිනිස්සු බැලුවත්හිනාවුණත් ,ඒවට මිනිස්සු විහිලු කලත් ..ඒකට කමක් නෑඒ සියල්ල මගේමම ජීවන සටනින් ලද කැළැල්!ඇය ඒ සියල්ල දරා සිටින්නේ අභිමානයෙන් !හැම කාන්තාවක්මඇය වගේ වෙන්නයි ඕනේ.කාන්තාවන් වන ඔබ සතුව ජීවිතේ ලැජ්ජාවට පත්වෙන්න කිසිම දෙයක් නෑ..වයස ,තත්වය ,පෙනුම , විවාහක අවිවාහක බව හෝ මාතෲත්වය ..මේ හැමදෙයක්ම !ඒ හරහා ඔබට ලැබෙන හැමදෙයක්මඔබට අහිමානයක් ගෙන දෙන දේවල්ම පමණයි.- ෂාරුක් ඛාන් -එක මාධ්‍ය සාකච්චාවකදී ෂාරුක් කාජොල් ගැන ඔන්න ඔහොමයි වර්ණනාත්මකව විස්තර කලේ.ඒ ස්වීට් වර්ණනාවට කාජොල්ගේන් ලැබුණ කියුට් ප්‍රතිචාරයත් පහත ජායාරූපයේ තියෙනවා.ඒක නෙවෙයි .ඔයා කලින් කිව්වේ ඇත්තටම" මම බොලිවුඩ් සිනමාලෝකේ රජකරන්නේ නැද්ද ?"ෂාරුක් අහනවා.නෑ!!ඇය කියනවා."පිරිමි අය ලෝකේ ,නැත්නම් සිනමා කර්මාන්තය රජකරන්නේ නෑ.අපි කාන්තාවෝ ඔයාලට ඒක එහෙමයි කියලා හිතන්න ඉඩ අරිනවා විතරයි!"කාජොල් සිනහවෙමින් කියනවා .ජීවිතයේ ලද ගැහැණුකම ඒ ඔස්සේ ලදජයග්රහණ මෙන්ම කැළැල්ද අභිමානයක් කරගත් ඇයට ..සුබ උපන්දිනක්!ලිපියේ අයිතිය Swarnarekha Sewwandiටඋපුටා ගැනීම ~ Indian Cinema Fan Club ~ භාරත සිනමා රසික සංසදය, සමූහයෙන්