ආලියා රන්බීර් යුවළ ආදරණීය දෙමාපියන් වෙන්න ඉන්න විත්තිය කවුරුත් දන්නවනෙ.
මේ වෙනකල් අපි දැක්කෙ සුන්දර ආලියා ලිහිල් ඇඳුමින් සැරසුණු විලාසිතා.
ඔන්න පළවෙනි වතාවට ආලියා රන්බීර් එක්කම කුස නෙරා ආ හැටි පෙනෙන ආකාරයේ විලාසිතාවකින් සැරසී මාධ්‍යය ඉදිරියට ඇවිත් තිබුණා...
ආලියාව මේ විදියට දකින්න බලාගෙන උන්නු කාගෙනුත් ලැබී තිබුණේ ඉතාමත් ඉහළ ප්‍රතිචාරයක්.
දුඹුරු පැහැ කෙටි ඇඳුමකින් එලෙස සැරසුණු ආලියා සහ කලු පැහැ ඇඳුමකින් සැරසුණු රන්බීර් ඉතාමත් සුහදව සිනා මුසු මුහුණින් යුතුවයි මේ ඡායාරූප සදහා පෙනීසිට තිබුණේ.