Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Aug
06
"අපට අවශ්‍ය චාලි මෙතැන් සිට බල්ලෙකු ලෙස ජීවිතය ගත කිරීමයි. චාලිටත් වෙන්න ඕනෑ එයයි....." ලොවම කතා කරන සොඳුරු තෙත නහය, ආදරණීය චාලි ! - Photos

- "අපට අවශ්‍ය චාලි මෙතැන් සිට බල්ලෙකු ලෙස ජීවිතය ගත කිරීමයි. චාලිටත් වෙන්න ඕනෑ එයයි....." ලොවම කතා කරන සොඳුරු තෙත නහය, ආදරණීය චාලි ! - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,343 Views
"ඇත්තටම ප්‍රධාන නළුවාට සහ නිළියට වඩා පහසුකම් චාලිට ලබාදී තිබුණා. 
 
චිත්‍රපටයේ රූගත කිරීම් පුරාවට චාලිට වෙනම කැරවෑන් එකක් තිබුණා. 
 
අවම වශයෙන් රක්ෂිත්ටවත් එවැන්නක් තිබුණේ නැහැ. 
 
රූගත කිරීම් සඳහා වඩාගෙන එන චාලිව නැවත වඩාගෙන කැරවෑන් එකට අරගෙන යනවා. දරුවෙක්ව වගේ චාලිව අපි බලාගත්තා......"

මේ දවස්වල කවුරුත් කතා කරන ආදරණීය කතාවකි. චාලි...
 
ඒ ගැන සති අන්ත පුවත්පතක වූ සොඳුරු සටහනකි මේ...
 
චාලි නමින් හඳුන්වන මේ බලු සුරතලා සහ දකුණු ඉන්දීය නළුවෙක් වන රක්ෂිත් ෂෙට්ටි එක්ව රංගනයෙන් දායක වූ 777 Charlie චිත්‍රපටය තුළින් කියවෙන්නේ ධර්මාගේ සහ ඔහුගේ ආදරණීය සගයාගේ සංවේදී කතාවයි.
 
මෙහි විශේෂත්වය වන්නේ අපූර්ව ලෙස හැඟීම් ප්‍රකාශ කරමින් රංගනයේ යෙදෙන චාලිගේ දක්ෂතාවයි. චාලිව පුහුණු කර ඇත්තේ වෘත්තීය සුනඛ පුහුණුකරුවකු වන ප්‍රමෝද් බීසී විසිනුයි. 
 
අවුරුදු 4ක් පුරාවට චාලිව පුහුණු කළ ප්‍රමෝද් බීසී සමඟ කළ සම්මුඛ සාකච්ඡාවේ පරිවර්තනයයි මේ. 
 
මේ සුනඛයා ඔබේමද නැත්නම් මේ චිත්‍රපටය සඳහා ඔබ සුනඛයාව තෝරාගත්තාද?
 
ඇත්ත වශයෙන්ම ඒක ලොකු කතාවක්. මේ සුනඛයා හදාගන්න ගත් අයෙක්, 777 චාලිහි අධ්‍යක්ෂ කිරන්රාජ් කේ. චිත්‍රපටයක් සඳහා ලැබ්‍රඩෝ සුනඛයෙක් සොයමින් සිටින බව ඔහුගේ මිතුරන්ට පවසා තිබුණා. ඔහුගේ මිතුරෙක් මාර්ගයෙන් දිනක් ඔහුට විකිණීමට සිටින බල්ලෙකු ගැන ආරංචියක් ලැබුණා. එයා ඉතාම දඟකාර ගැහැනු ලැබ්‍රඩෝ කෙනෙක්. මෙයා සිටි නිවසේ සෙරෙප්පු, ගෘහ භාණ්ඩ ආදී සියලුම දේ සපා කා කඩා දමා තිබෙනවා.
 
ඉතින් එම නිසා අයිතිකරුවන් මෙයාව වෙනත් කෙනකුට හදා ගැනීම සඳහා ලබා දීමට තීරණය කරලා. ඒ විධියට තමයි අධ්‍යක්ෂවරයාට මේ බලු පැටවාව මුණගැසුණේ. මුලින්ම මේ බලු පැටවා හමුවූ දවසේ දිනක් පුරාවට දිගු ඡායාරූපගත කිරීමක් සිදු කළා. මම සිතන්නේ කිරන්රාජ් බල්ලා සමඟ ආදරයෙන් බැඳුණේ එදා. රූපගත කිරීමෙන් පසුව කිරන්රාජ් මේ බලු පැටවාව හදාගන්න ගන්න තීරණය කළා. එදාම එයාට චාලි කියලා නම දැම්මා.
 
ඔබ 777 චාලි කණ්ඩායමට සම්බන්ධ වුණේ කොහොමද?
 
මේ චිත්‍රපටයේ පිටපත තනිකරම බල්ලෙකු සහ මිනිසකු මත පදනම්ව ලියවුණු එකක්. බොහෝ රාමු තුළ තිබෙන්නේ බල්ලාගේ ක්‍රියාකාරකම්. ඇත්තටම ඔවුන් රට වටා සිටින බොහෝ සුනඛ පුහුණුකරුවන් සම්මුඛ පරීක්ෂණයට කැඳවා තිබුණා. නමුත් මේ චිත්‍රපටය තුළ බල්ලාට පුහුණු කළ යුතු ක්‍රියාකාරකම් 160ක ලැයිස්තුවක් තිබුණා. බොහෝ පුහුණුකරුවන් ක්‍රියාකාරකම් ලැයිස්තුව දෙස බලා එය කළ නොහැකි යැයි පවසා තිබුණා. මම මීට කලින් හේමන්ත් රාඕ අධ්‍යක්ෂණය කළ Kavaludaari චිත්‍රපටයේ වැඩ කරලා තිබෙනවා. ඉතින් ඔහු මාව කිරන්රාජ් වෙත යොමු කළා. ක්‍රියාකාරකම් ලැයිස්තුව දැකීමෙන් පසුව මටත් දින ගණනාවක් හරියට නිදා ගැනීමට පවා නොහැකි වුණා. ප්‍රධානම අභියෝගය වුණේ චාලි තුළින් හැඟීම් ප්‍රකාශ කරවා ගැනීමයි.
 
ඔබ චාලිට දර්ශනයෙන් දර්ශනය පුහුණු කළාද නැත්නම් වෙනත් ක්‍රමයක් භාවිත කළාද? 
 
මම බල්ලන් පුහුණු කිරීම සම්බන්ධව ජර්මනියේ අන්තර්ජාතික සහතිකය ලබාගෙන තිබෙනවා. අප භාවිත කරන ක්‍රමය ධනාත්මක ආරෝපණ න්‍යායයි. එහිදී සුනඛයා යම් කාර්යයක් ඉටු කිරීමෙන් පසුව උෟ කැමැති ත්‍යාගයක් ලබා දෙනවා. ඉතින් බල්ලා මාව ඇසුරු කරන්න. මාව විශ්වාස කරන්න. මට කැමැති වෙන්න පටන් ගන්නවා. චාලි රඟපාන විට මෙතරම් හොදින් සතුටකින් රඟපානවා දකින්න ලැබෙන්නේ මේ ක්‍රමය නිසයි. පුහුණුව සහ රූගත කිරීම් 2018 සිට 2021 දක්වා වසර හතරක පමණ කාලයක් තිස්සේ සිදු කළා. මුලදී  ක්‍රියාකාරකම් 160ක් පමණක් තිබුණත් පිටපත වැඩිදියුණු කිරීමේදී එය ක්‍රියාකාරකම් 300-450 දක්වා වැඩිවුණා. චාලි දින 55ක් වයසැති බලු පැටියෙක් නිසා මුලින්ම මට පුහුණුවීම් කරන්න තිබුණේ දින 45ක් පමණයි. මොකද අපට සිද්ධ වුණා උෟ ලොකු වෙන්න කලින් සමහර රූපගත කිරීම් කරන්න. අපි මුලින්ම ඇයට ඉගැන්නුවේ ගොඩක් වැදගත් පුරුදු. දැන් නම් චාලිට වයස අවුරුදු හතරහමාරක්. පුහුණුවත් එක්ක චාලිට කන්නඩ සහ ඉංග්‍රීසි භාෂාවන් තේරෙනවා.
 
ට්‍රෙලරයේ පවා ඉතා ජනප්‍රිය වූ දර්ශනයක් තිබෙනවා රක්ෂිත් ෂෙට්ටි චාලිගෙන් ළමයා මට කොච්චර ආදරෙයිද, ඇසීමෙන් පසු චාලි පැමිණ රක්ෂිත්ව බදාගන්නවා. එවැනි දර්ශනයක් රඟපාන්න චාලිට කොපමණ කාලයක් ගියාද? ඒක කළේ කොහොමද?
 
අපි ළඟ කරන දේවල් ලැයිස්තුවක් තිබුණා මේ වැලඳගැනීම සැලසුම් කර තිබුණේ අවුරුදු දෙකකට පසුව සිදු කරන්න. නමුත් අපි ඒ වෙනතුරු බලාගෙන සිටියේ නැහැ. අපි මුල් කාලයේ සිටම පුහුණුවීම් රාශියක් කළා. ඔබ දකින වැලඳගැනීම සරල හා ආදරණීය ලෙස පෙනුණත් චාලි ඒ හැඟීම් මතු කරන්න විශාල උත්සාහයක් ගත්තා. වැලඳගැනීමේ දර්ශනයේදී  වාඩි වී සිටීමට එක දිශාවකට වාඩි වී බලා සිටීමට සාමාන්‍ය වේගයකින් ඇවිදීමට පාද ඔසවා ධර්මාගේ උරහිස් මත තබන්න සහ අවසාන වශයෙන් ධර්මාගේ උරහිස් මත හිස තබා ගැනීම ආදී  ක්‍රියාකාරකම් කිරීම සඳහා චාලිට එකින් එක විධාන ලබා දුන්නා. ඒ සෑම විධානයක්ම හොදින් ඉටු කළ විට ඔහුට ඒවාට තෑගි ලබා දුන්නා. මේ විධියට එම දර්ශනය රූගත කිරීමට පැය තුනක් ගත වුණා.
 
රූගත කිරීම් අතරතුර චාලිව රැකබලා ගත්තේ කොහොමද? චාලිගේ දින චර්යාව කෙබඳුද?
 
ඇත්තටම ප්‍රධාන නළුවාට සහ නිළියට වඩා පහසුකම් චාලිට ලබාදී තිබුණා. චිත්‍රපටයේ රූගත කිරීම් පුරාවට චාලිට වෙනම කැරවෑන් එකක් තිබුණා. අවම වශයෙන් රක්ෂිත්ටවත් එවැන්නක් තිබුණේ නැහැ. රූගත කිරීම් සඳහා වඩාගෙන එන චාලිව නැවත වඩාගෙන කැරවෑන් එකට අරගෙන යනවා. දරුවෙක්ව වගේ චාලිව අපි බලාගත්තා. කෑම බීමවලින් අඩුවක් තිබුණේත් නැහැ. චාලිගේ ආරක්ෂාව අපට වැදගත්. චාලි පිහිනීමට කැමැතියි. ඒ සඳහා වෙනම පිහිනුම් තටාකයක් පවා සූදානම් කරලා තිබුණා.
 
චිත්‍රපටයේ පසු කොටස් ක¾දුකරයේ රූගත කළ ඒවා. චාලිට ඒ දේශගුණයට හැඩගැහෙන්න පුළුවන් වුණාද?
 
සියලුම සුනඛයන්ට ස්වභාවිකවම පරිසරයට අනුවර්තනය වීමේ හැකියාව තිබෙනවා. අවශ්‍ය වන්නේ කාලය පමණයි. අපි රූගත කිරීමට දින විස්සකට පෙර අදාළ ස්ථානයට ගොස් එහි රැඳී සිටිමින් චාලිට එම කාලගුණයට සහ උෂ්ණත්වයට අනුවර්තනය වීමට සැලැස්වුවා. චාලිට පරිසරය පුරුදු වූ පසු කුඩා පුහුණු සැසියක් පැවැත්වුවා. චාලි රූගත කිරීම් සඳහා සූදානම් වූ පසු ඉතිරි කණ්ඩායම රූගත කිරීම් සඳහා කැදෙව්වා. රාජස්ථාන්වල රූගත කිරීම් කරන විට එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ක් පමණ වුණා. ඉතින් රූගත කිරීම් අවසන් වූ සැණින් අපි චාලිව කැරවෑන් එක වෙත ගෙන ගොස් සිසිල් වීමට ඉඩ ලබා දුන්නා. ඒ විධියට තමයි පරිසරයට අනුගත කළේ.
 
චාලිට මීළඟට කුමක් වෙයිද?
 
මේක චාලිගේ අවසන් චිත්‍රපටය බවත් මෙයින් පසු කිසිම කැමරාවකට මූණ දීමට සිදු වන්නේ නැහැ කියලත් අපි චාලිට පළමු දවසේම පොරොන්දු වෙලා තිබුණා. අපට අවශ්‍ය චාලි මෙතැන් සිට බල්ලෙකු ලෙස ජීවිතය ගත කිරීමයි. චාලිටත් වෙන්න ඕනෑ එයයි. චාලිගේ ජීවිතයේ ඉතිරි කාලය වෙනත් චිත්‍රපටයක රඟපානවට අපි කැමැති නැහැ. අපි චාලිව කාටවත් දෙන්න සූදානම් නැහැ.
 
සුරතල් සතුන් පිළිබඳව නිර්මාණය වූ ඔබ කැමැතිම වෙනත් චිත්‍රපට මොනවාද? 
 
මම එවැනි හොලිවුඩ් චිත්‍රපට බොහෝමයක්  බලලා තිබෙනවා. ඒ අතරින් Marley & Me 2008 Hachi A dog’s tale 2009 Red Dog 2011 යන ඒවාට මම කැමැතියි. මම කැමැතියි මිනිසුන් මේ චිත්‍රපට ඔක්කොම බලනවා නම්. ඔවුන් ඒවා නැරඹුවොත් ඒවාට පිස්සු වැටෙයි එතරම්ම ඒවා අපූරුයි.
 
සුරතල් සතුන් සිටි එවැනි චිත්‍රපට නැරඹීම ඔබ වෘත්තිය තෝරා ගැනීමට බලපෑවාද?
 
මම සතුන්ට ආදරය කරනවා. චිත්‍රපට නැරඹීම මට විශාල ආස්වාදයක් වූ නමුත් වෘත්තීය සුනඛ පුහුණුකරුවකු වීමට මට කිසි විටෙකත් අදහසක් තිබුණේ නැහැ. බල්ලන් තමයි මාව පුහුණුකරුවකු කළේ. දැන් මගේ පාසලේ බල්ලන් 25ක් පමණ සිටිනවා. ඔවුන් සියල්ලක්ම මම බේරාගත් සහ හදා වඩා ගත් අයයි.
 
කුශාන්ති අනුරාධා බණ්ඩාර
හදගැස්ම
 


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top