Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
05
“....වට්ස්ඇප් එකෙන්, හැන්ඩි කොල්ලෙක් එයා.. මෙඩිකල් ෆැකල්ටි ඉන්නේ..!” - කෙල්ලනේ බලාගෙනයි ! තරුණයෙකුගේ වෙස් ගෙන, තරුණියන් එක්ක අමුතුම ආසාවක් සපුරගත්ත ‘මාතර නිශා’, අන්තිමේ දී නැවතුණු පුදුම තැන මෙන්න

- “....වට්ස්ඇප් එකෙන්, හැන්ඩි කොල්ලෙක් එයා.. මෙඩිකල් ෆැකල්ටි ඉන්නේ..!” - කෙල්ලනේ බලාගෙනයි ! තරුණයෙකුගේ වෙස් ගෙන, තරුණියන් එක්ක අමුතුම ආසාවක් සපුරගත්ත ‘මාතර නිශා’, අන්තිමේ දී නැවතුණු පුදුම තැන මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,113 Views
නිශා මාතර පිටබැද්දර ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇය මාතර ප්‍රධාන පෙළේ විද්‍යාලයක ඉගෙනුම ලැබුවාය.

පසුව පාසල් දිවියට සමු දුන් ඇය තම ගම්පියස වෙත පැමිණ අලුත් යමක් කිරීමේ අරමුණින් මාපියන්ගෙන් තමන්ට ලැබී තිබුණු නවීන පන්නයේ ස්මාර්ට් ජංගම දුරකථනයෙන් අන්තර්ජාලය පුරා සැරිසරන්නට වූයේ ඒ තුළින් ‘නිර්මාණාත්මක වැඩක්’ කිරීමේ අරමුණිනි.

ඒ අනුව ඇය තම සිතුවිල්ල ක්‍රියාවට නැංවීමට පියවර ගත්තේ ඉතාමත් රහසිගතව මෙන්ම තම සිතේ පැලපදියන්ම් වූ යම් සිතුවිල්ලක් සඵල කරගැනීමේ චේතනාවෙනි.

නිශා සන්තකයේ තිබුණු ස්මාර්ට් ජංගම දුරකථනයෙන් ඇය නිතර මුහුණු පොතේ සැරිසරමින් තරුණ තරුණියන් රැසක් ඇසුරු කරන්නට පෙළඹී සිටියාය.

මේ අතරේදී ඇය වට්ස්ඇප් කණ්ඩායමක් බිහිකර ගැනීමට කටයුතු කළේ එලෙස කණ්ඩායමක් බිහිකර ගතහොත් තමන්ට කියා ‘තරුණ පිරිසක්’ ඊට ගොනුකර ගත හැකිවේවි යැයි අනුමාන කළ බැවිනි.

වට්ස්ඇප් කණ්ඩායමක් (Whats app group) බිහිකර ගැනීමට ඇයට ගත වූයේ ඉතා කෙටි කලකි. බොහෝ තරුණ තරුණියන් ‘ඔන් ලයින්’ අධ්‍යාපනය සඳහා ස්මාර්ට් ජංගම දුරකථන පරිහරණය කරන බැවින් නිශාගේ සිතුවිලි ජයගන්නට වැඩි කාලයක් ගත නොවීය.

තමන් සමඟ එක්ව පාසල් ගිය තරුණ තරුණියන් තම වට්ස්ඇප් කණ්ඩායමට ඇතුළත් කරගත් ඇය ‘වට්ස්ඇප්’ කණ්ඩායමේ නිර්මාතෘවරිය ද වූවාය. ඇගේ මේ කණ්ඩායමට විශාල තරුණ තරුණියන් පිරිසක් සම්බන්ධ කරගැනීමට ද ඇයට හැකි විය.

නිශා පිටබැද්දර තම ගම් පියසෙහිම පාසල් හැර ගොස් සිටින තරුණියන් සහ තවමත් පාසල් යන දන්නා හඳුනන සිසුවියන් මෙම කණ්ඩායමට එකතු කර ගනිමින් අලුත් වැඩකට අත ගැසුවාය.

ඒ තම කණ්ඩායමට බැඳී සිටි තරුණියන් මෙන්ම සිසුවියන්වද මේ කණ්ඩායමට එකතුකර ගනිමිනි.

පිටබැද්දර, අකුරැස්ස, කඹුරුපිටිය, තෙලිජ්ජවිල ඇතුළු ප්‍රදේශ රැසකින් තම වට්ස්ඇප් කණ්ඩායමට විශාල පිරිසක් එකතු කරගත් නිශා තරුණියන්ට මෙන්ම තම සමීප යෙහෙළියන් මෙන්ම පාසල් යන සිසුවියන්ට පෙම්වතුන් ජෝඩු කර දීමට ඉදිරිපත් වූයේ තම සිතෙහි කැටි කරගත් යම් අරමුණක් පෙරදැරි කරගෙනය.

තවමත් මාතර ප්‍රධාන පෙළේ විදුහලක ඉගෙනුම ලබන පිටබැද්දර ප්‍රදේශයේම පදිංචි 16 හැවිරිදි සිසුවියකට පෙම්වතකු හඳුන්වා දීමට ඇය සූදානම් වූවාය.

“නංගිට හොඳ කෙනෙක් අපේ වට්ස්ඇප් ගෘෘප් එකේ ඉන්නවා.“

ඇය දිනක් සිසුවියට වට්ස්ඇප් පණිවුඩයක් යොමු කරමින් මේ බව සැල කර සිටියාය.

“නංගී ඒ කොල්ලා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මෙඩිකල් ෆැකල්ටි එකේ තමයි ඉගෙන ගන්නේ. හරි අහිංසක හොඳ කොල්ලෙක්. නංගිට නම් හොඳටම ගැළපෙනවා.“ යනුවෙන්ද සඳහන් කරමින් නොයෙක් වර එම සිසුවිය එකී තරුණයාට ‘ජෝඩු කිරීමට’ නොගත් වෙහෙසක් නැත.

පසුව ශ්‍රීමාල් ලෙසින් පෙනී සිටි නිශා සිසුවිය සමඟ දැඩි ප්‍රවේශමෙන් යුතුව පණිවුඩ හුවමාරු කරගත්තාය. මුහුණු පොතෙන් බාගත කරගත් යම් තරුණයෙකුගේ ඡායාරූපයක් සිසුවියට යවමින් ඇය වශී කරගන්නට නිශා සමත් වූවාය. ඡායාරූපය දෙස දහස් වර දෑස් යොමුකළ සිසුවිය ඔහුට ප්‍රේම කිරීමට පෙළඹුණේ නිතැතිනි.

දවසට කිහිප වරක්ම සිසුවිය තම ප්‍රේමවන්තයාට ‘වට්ස්ඇප්’ එක මඟින් ‘චැට්’ කළේ තම වතගොත පවා හෙළි කරමිනි. ඒ තරමටම ඇය මේ තරුණයාට වශී වී සිටියේ ඔහුගේ ඡායාරූපය දැකීමෙනි.

නිශා ශ්‍රීමාල් ලෙස පෙනී සිටිමින් කිසි ලෙසක බිඳ නොවැටෙන අයුරින් මේ සිසුවියත් සමඟ දැඩි ලෙස සම්බන්ධතාවයක් ගොඩනගාගන්නට සමත් වූවාය.

දිගින් දිගටම වට්ස්ඇප් පණිවුඩ (Chat) හරහා දෙදෙනා පෙම් බස් හුවමාරු කරගත්තේ ප්‍රේම සම්බන්ධය දිනෙන් දින සවිමත් කරගනිමිනි. නිශා පණිවුඩ හුවමාරු කරගත්තේ යටි සිතෙහි පැලපදියම් වී තිබූ සිතුවිල්ල ඉටුකරගැනීමේ අරමුණ ඇතිව බව දැන සිටියේ නිශා පමණි.

මෙලෙස කාලය ගෙවී යද්දී නිශාගේ වංචනික අරමුණ ක්‍රියාත්මක විය. කිහිප වර නිශා සිසුවිය අමතමින් ‘ඔයාට හොඳ කොල්ලෙක් හම්බ වුණානේ. කවද හරි ඉතින් දොස්තර මහත්තයෙක්නේ.‘ යැයි පැවසීම සිසුවියට ද ඉමහත් සතුටක් ගෙන දෙන්නක් විය. අනාගතයේ දවසක තමන්ගේ සැමියා වන්නට සිටින වෛද්‍ය පීඨ සිසුවා ගැන දහස් වරක් සිහින ලොවක තනිවූ ඇය වෛද්‍යවරයෙක් තමන්ට සම්බන්ධකර දුන් නිශා අක්කාට හදපිරි ස්තුතිය පුද කළ වාර අනන්තය.

තම ප්‍රේමවන්තයා වන ශ්‍රීමාල් ගැන සිසුවිය තම මව්පියන්ටද සැල කර සිටියේ තම ප්‍රේමය කිසිදා ඛේදවාචකයක් නොවේයැයි තද විශ්වාසයකින් යුතුවය. ටික දවසක් මේ අන්දමට පණිවුඩ හුවමාරු කරගත් නිශා හදිසියේම සිසුවිය අමතා කියූ කතාවෙන් තිගැස්සුණ සිසුවිය කම්පාවට පත්වූවාය.

“නංගී ඔයාගේ ශ්‍රීමාල් හදිසියේම අසනීප වුණා. එයාට හදිසි ඔපරේෂන් එකක් කරන්න වෙනවා. ඒකට ගොඩාක් සල්ලි ඕන වෙනවා. එයාට කෙළින්ම ඔයාට කියන්න බැරි නිසා මට කිව්වා ඔයාට කියන්න කියල. අනේ මන්දා ඒ කතාව ඇහුවම මටත් හරියට දුක හිතුණා.“ නිශා දැඩි කනගාටුවෙන් යුතුව මෙම කරුණ සිසුවියට පැවසුවාය.

“අක්කේ මං අපේ අම්මලාට කියලා මොනවා හරි කරන්නම්” කියූ ඇය දෙමව්පියන් තම ජීවිත කාලය පුරාවට හරි හම්බ කරගත් මුදලින් තනාගෙන තිබූ රන් මාල දෙකක් සහ රන් මුදුවක් සමඟ රුපියල් 27,000 ක් නිශා අක්කාගේ අතෙහි තැබුවේ කිසිම සැකයක් නොසිතාය. තමාගේ අනාගත සහකරුවාට තමන් මුළු හදින්ම ප්‍රේම කරන ශ්‍රීමාල්ට ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින් ඇය මේ භාණ්ඩ හා මුදල් නිශාට දුන්නාය. තමා සමඟ එකට පාසල් ගිය මිතුරියක් මෙලෙස තමන්ට වංචාවක් කරකිය ඇය විශ්වාස කරන්නට නැත.

සිසුවියගෙන් සමුගත් නිශා රුපියල් 27,000/= ක නෝට්ටු පසෙක තබා එක් රන් මාලයක් සහ රන් මුදුව පිටබැද්දර ප්‍රදේශයේම ස්ථානයකට උකස් කරන්නට කටයුතු කළ අතර අනෙක් රන් මාලය අකුරැස්සේ සිටින ඇයගේ හිතවත් තරුණයෙකු ලවා අකුරැස්ස ප්‍රදේශයේ රන් ආභරණ උකස් ගන්නා ස්ථානයකට උකස් කර එම මුදලද ලබාගත්තාය. කිසිම වෙහෙසක් නොමැතිව ලක්ෂපතිනියක්වූ නිශා සැනසුම් සුසුම් හෙළන්නට වූයේ තමන් ජයගත් බව සිතමිනි.

මෙතෙක් කල් වට්ස්ඇප් මඟින් පණිවුඩ හුවමාරු කරගනිමින් ප්‍රේම සම්බන්ධයක් පවත්වමින් සිටියත් මෙතරම් විශාල උදව්වක් කරලත් ශ්‍රීමාල් තමන්ට දුරකථනය ඔස්සේ කතා නොකර සිටින්නේ මන්දැයි සිසුවිය දසඅතේ කල්පනා කළාය.

සිසුවියට මේ ගැන යම් සැකයක් මතුවන්නට වැඩි කලක් ගත නොවීය. නිශා අක්කා ද ඇය මඟහරින ගතියක් දැනෙන්ට වූයෙන් මේ ගැන සැකයක් ඇති බව සිසුවිය මව්පියන්ට කීවාය.

මව්පියන්ද තම දියණිය සමඟ අවසානයේ නැවතුණේ පිටබැද්දර පොලිස් ස්ථානයේය.

පිටබැද්දර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුරංග ජයතුංග මහතා හමුවූ තිදෙනා මේ ගැන සියලු තොරතුරු පොලිස් ස්ථානාධිපතිවරයා හමුවේ තැබූහ.

සියල්ල සාවධානව අසා සිටි පොලිස් ස්ථානාධිපතිවරයා මේ ගැන විමර්ශන කටයුතු ආරම්භ කළේය.

පළමුවෙන්ම වට්ස්ඇප් කණ්ඩායමේ නිර්මාතෘ නිශා සැකපිට අත්අඩංගුවට ගත්තේ ඇය පරිහරණය කරමින් සිටි ජංගම දුරකථන දෙකද සමඟිනි.

පොලිස් ස්ථානාධිපතිවරයාගේ ප්‍රශ්න කිරීම් හමුවේ නිශාගේ ඉහමොළ රත්වන්නට ගතවූයේ සුළු මොහොතකි. ඇය සියල්ල නොසඟවා හෙළිකරන්නට වූවාය. වට්ස්ඇප් කණ්ඩායම බිහිකරගත් අන්දම සහ තමන් සිසුවියගේ ප්‍රේමවන්තයා ලෙස පෙනී සිටි බවද ඇයට තවදුරටත් සඟවාගෙන සිටින්නට නොහැකි විය.

මෙම වංචාව නිශාගේ පළමුවන මුදල් වංචාව නොවන බවද ඇගෙන් හෙළි විය. මීට පෙර අකුරැස්ස, කඹුරුපිටිය, තෙලිජ්ජවිල ප්‍රදේශවල තරුණ තරුණියන් මුළා කරමින් මෙවැනිම වංචා සිදුකළ ආකාරය ගැන ඇගෙන් අනාවරණය කරගන්නට පොලිසිය සමත්විය.

වට්ස්ඇප් කණ්ඩායමේ නිර්මාතෘ නිශා සහ රන් මාලයක් උකස් කිරීමට සහාය සහ අනුබල ලබාදුන් අකුරැස්සේ තරුණයාද ඉකුත් 16 වෙනි දින මොරවක මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදුව ජූලි 25 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

ලිපිය උපුටා ගැනීම සිළුමිණ පුවත්පතේ ‘මාංචු‘ අතිරේකයෙන්..
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්






Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top