22 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනට අනුව මේ වනවිට ඔස්ට්‍රෙලියාව පෙරමුණේ පසුවනවා.
ඔවුන් රන් පදක්කම් 51 ක්, රිදී පදක්කම් 42 ක් සහ ලෝකඩ පදක්කම් 39 ක් සමඟින් දිනා ඇති සම්පූර්ණ පදක්කම් සංඛ්‍යාව 132 ක්.
රන් පදක්කම් 42 ක් සමඟින් පදක්කම් 118 ක් ලබාගෙන සිටින සත්කාරක එංගලන්තය පදක්කම් සටහනේ 2 වන ස්ථානයේ පසුවනවා.
කැනඩාව 3 වන ස්ථානයේ පසුවන අතර, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා ඇති ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ පසුවන්නේ 25 වන ස්ථානයේයි.
ශ්‍රී ලංකාව මේ වන විට රිදී පදක්කම් 1ක් සහ ලෝකඩ පදක්කම් 2ක් දිනාගෙන සිටිනවා.
කෙසේ වෙතත්, මෙම ක්‍රීඩා උළෙලෙදී විශේෂ අවධානයක් යොමු වූ තවත් සිදුවීමක් වූයේ එහි ගිය තුන්දෙනෙකු නොසිතූ ලෙස අතුරුදහන් වීම නිසයි.
පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලාංකික ජූඩෝ ක්‍රීඩිකාවක සහ ඇයගේ පුහුණුකරු මුලින්ම අතුරුදහන් වූ අතර, අනතුරුව තවත් අයෙක් අතුරුදහන් වුණා.
එසේ අතුරුදහන් වූ තුන්වැනි පුද්ගලයා කොවිඩ් වැළඳී සුවව සිටි අයෙක් වීම විශේෂත්වයක්.
ඔවුන්ගේ අතුරුදන්වීම පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායම් කළමනාකාරීත්වය වහා ම අදාළ බලධාරීන් දැනුවත් කර ඇති අතර බර්මින්හැම් මෙට්‍රොපොලිටන් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි මින් පෙර වාර්තා වූයේ.