ප්‍රවීණ ගායිකා සමිතා මුදුන්කොටුවගේ දියණිය වුණත්, ඇය ඇයටම අනන්‍ය හඬකින් ප්‍රේක්ෂකයිගේ ආදරය, ආකර්ශනය හිමි කරගන්නට සමත් වුණා.
ඇය නමින් කාවින්ද්‍යා අධිකාරි....
ගායිකාවක් වූ ඇය අනතුරුව, රංගන ශිල්පිනියක් ලෙස 'ඝරසර්ප' චිත්‍රපටයේ කළ රංගනයත් බොහෝ දෙනාගේ සිත් බැඳගත්තා.
ඉතින් පසුගිය දවසක කවී ඇගේ අලුත්ම ගීතය එළිදැක්වුවා.
ගීතයේ නම 'ගියත් දමා'.
ඉතින් ඇගේ අලුත් නිර්මාණයට ගොඩක් දෙනෙක් සුබ පැතුම් එක් කර තිබුණා.
ඒ අතර ඇගේ මවගේ සහ පියාගේ ආදරණීය සුබ පැතුම් ද වුණා.
"මගේ දුවට කවදාවත් වරදින්නේ නෑ. මට ගොඩක් වටිනවා මගේ දුවව. මගේ දුවට ආදරේ කරන හැම කෙනාටම ගොඩක් ආදරෙයි..!"
"ෂා.. ලස්සනයි.. ඒකේ ෆීල් එක ගොඩක් ලස්සනයි. ආදරෙයි තාත්තා.."