අමරිකානු සුපිරි ධනවතෙක් වන Dan Bilzerian පසුගිය දිනෙක විවාහ දිවියට පිවිසුණු පුවත අපි ඔබට කිව්වා මතක ඇති. (හැබැයි ඒකත් ෂූවර් නෑ බැන්ඳද කියලා නම්)
Dan කියන්නෙ තමන්ගේ මුදල් සුරූපිනියන් සහ ජනප්‍රිය නිළියන් වෙනුවෙන් වියදම් කරන ස්ත්‍රී ලෝලී පුද්ගලයෙක්.
ඔහු විසින් විටින් විට මුහුණූ පොතේ පළ කරන ඡායාරූප සහ වීඩියෝ නිසා ඔහු සමාජ මාධ්‍ය තුළ බොහෝ ම ජනප්‍රිය කෙනෙක්.
ඇත්තම කිව්වොත් ලෝකයේ ඉන්න ජනප්‍රියම මෝස්තර නිරුපිකාවන් වගේම සම්මානනීය නිළියොත් Dan සමග ජීවිතය ගත කරන්නෙ ඔවුන්ට ගෙවන මුදල නිසාමයි. (සල්ලිවලට මොනාද කරන්න බැරි නේද ?)
සුරූපී තරුණියන් පිරිවරාගෙන විවිධ ස්ථානවල සංචාරය කිරීම තමයි Dan ගේ ප්‍රියතම විනෝදාංශය.
ආ... දැන් අපි කියන්න හැදුවේ ඩෑන්ගේ මනමාලි ගැනනේ.
ඩෑන් බැන්ඳා කිව්වට ඔන්න ඊයේ පෙරේදා දවසක අලුත්ම වීඩියෝ එකක් ෆේස්බුක් එකට දාලා.
ඔන්න ඒකේ කැප්ශන් එකකුත් තියෙනවා මෙහෙම.
“කසාඳේ කියන්නෙ උගුලක්.. තනිකඩව ඉන්න.. දුම් දල්වන්න”
(ඒ කියන්නෙ මිනිහා බොරුවක් නේද ඇත්තට කරලා තියෙන්නෙ.)
ප.ලි. ගෑණු ළමයි දැන් එහෙනම් සැනසුම් සුසුම් හෙළන්න