මිනිස්සු අනියම්... නියම් කියලා ඒවාට නම් තියන්න ගන්නෙ හේතුවක් ඇතිව වෙන්න පුළුවන්.
ඒ හේතුව කොයි තරම් මානුෂිකයිද ? එහෙම නෙවෙයි නම් අමානුෂිකයි ද ?
අනියම් පෙම්වතුන් බොහෝ විට තමන්ගේ ප්‍රේමය 'සර්ව සාධාරණ' කරන්නෙ, දාහක් හේතු කියමිනුයි.
බොහෝ වෙලාවට මේ කියන 'අනියම් පෙම් හුටපට'වල අවසානයේ ජීවිත ගණනක් මහ පොළවට මිහිදන් වෙනවා.
ඉවසුමක් නැති මිනිස් හිත් ආවේගශීලි වෙනවා.
මේ අනියම් පෙමක් ගැන, ඇඟ කිලිපොලා යන, තරමක් ඉපැරණි කතාවක්.
මේ කතාව අපිට ඇහෙන්නේ දකුණු පුරවරයෙන්.
එදා දවසේ (2000 වසර මුල් කාලේදී) එක්දරු මවක් වූ නිර්මලාවත් (ව්‍යාජ නමක්) ඇගේ අනියම් පෙම්වතා වූ දර්ශනත් අමානුෂික ලෙස ඝාතනය කර තිබුණේ පොරොවකින් කළ පහරදීමකිනුයි.
එසේ ඝාතනය කළ නිර්මලාගේ සැමියා පසුව පොලිසියට කොටු වෙනවා.
මේ තියෙන්නෙ ඔහු ගැන ඔහු කියන කතාව...........
"නිර්මලාට වෙන මිනිහෙක් හිටියා. ඒක මට මුලින්ම කිව්වේ අපේ දුව. එයාව ටීවී එක ඉස්සරහා ඉන්දලා කාටූන් දාලා දීලා මුන් දෙන්නා වත්ත පහළට යනවලූ. මම මුලින්ම හිතුවේ ඒ අපේ පියදාසයා කියලා. පියදාස කියන්නෙ අපේ වැඩට උදව් කරන එකෙක්. ඒත් ඌ එහෙම සැක කරන්න කෙනෙකුත් නෙවෙයි. කොහොම හරි මට ඕක හොයන්නත් නිච්චියක් වුණෙත් නෑ. නිර්මලාගෙන් ඇහුවත් ගෑනි කියන්නෙ කවුරුත් මෙහේ එන් නෑ පියදාස විතරයි කියලයි. ඒ නිසා ඕක ගාණක් වුණේ නෑ මට.."
"ඒත් හිටපු ගමන් ගෑනි ටිකෙන් ටික වෙනස් වුණා. හොඳට පුසුඹ ගගහ පොළේ යනවා කිය කිය ගෙදරින් අතුරුදහන් වුණා. මම පොඩි එකීගෙන් ඇහුවමත් කිව්වා උස අංකල් කෙනෙක් ඇවිත් අම්මව එක්කන් යනවලූ. මේකිට චොක්ලට් එහෙමත් දීලා ඒ පාහරයා. මට මේක හොයාගන්න ඕනි වුණා. ඒත් ක්‍රමයක් කොහෙද? මම එක දවසක් එළියට යනවා කියලා දවසේ භාගයක්වත් ඉන් නැතුව ආයෙ ආවා. මෙන්න එද්දි ගේ ඉස්සරහා වහලා. පොඩි කෙල්ල කාමරේ. කාමරේ දොරත් වහලා.. මම ඒකිව එළියට ගත්තා.."
"මේකි නෑ. මම හිමීට වත්ත පහලට ගියා. අපේ ටොයිලට් තියෙන්නෙ වත්තෙ පහළ. ඒක ටිකක් ලොකුයි. නාන්නත් එක්ක හදලා තිබුණේ. මම බැලුවම බාත්රූම් එක ඇතුළෙන් සද්ද එනවා ගෑනිගෙයි මිනිහෙක්ගෙයි. මට ඒවා නම් මතක නෑ. කොහොම හරි බාත්රූම් ලොක් කරලා තිබ්බේ. මම කඩාගෙන පැන්නා ආවේගෙට. අරුන් දෙන්නා අමු හෙලුවෙන් ඒක ඇතුළේ... කවුරුවත් එයි කියලවත් සිහියක් නෑ.. සර් ඒ වෙලාවේ මගේ අතට අහුවුණේ පොරව.."
"මම උන් දෙන්නට වෙර දාලා ගැහුවා විතරයි මට මතක.. වෙන දෙයක් නෑ.. ඇත්තටම මට උන් දෙන්නව මරපු එක ගැනවත් කිසි දුකක් නෑ. උන් දෙන්නා මගේ ජීවිතේ විනාශ කළා. මම හිරේ ආවාට පස්සෙ උසාවියෙන් දරුවව අපේ අම්මට දුන්නා. දැන් කෙල්ල ලොකුයි. හොඳට ඉගෙන ගන්නවා. හැබැයි කෙල්ල මට පණ ඇරලා..."
"එහෙම වෙලත් සර්.. මම ඒකි ලොකු වුණාමවත් ඒකිගේ අම්මා මෙහෙම වල් ගෑනියක් කියලා කියන් නෑ. මොකද ඒකිගේ හිතේ අම්මා හිටපු විදිහටම ඉඳපුදෙන්.."