ඉදිරියට එන්නේ වස්සාන කාලය. විශේෂයෙන් වස්සාන කාලයේදී ආරන්‍යවාසීව වස් වසන භික්ෂූන්ට සිව්පසින් සංග්‍රහ කිරීම බෞද්ධයන්ගේ සම්ප්‍රදායක්. අර්බුද පිට අර්බුද පවතින මේ කාලයේදී සිව්පසට තවත් අංගයක් එකතු කරන්න වෙන හැඩයි. පසුගිය දවසක භික්ෂූන්ට දානමය පිංකමකදී පූජා කළ අපූරු දදෙයක් ගැන පුවතක් අපිට ආරංචි වුණා.
ඩී.ඩබ්ලිව්. අතුකෝරළ මහතාගේ 11 වැනි ගුණ සමරුව නිමිත්තෙන් අද (4) පිටිගල අතුකෝරළ තේ කර්මාන්ත ශාලාවේ පැවති මහා සාංගික දානමය පිංකමේදි එයට වැඩි මහා සංඝරත්නයට දානයෙන් පසු අමුතුම පූජාවක් සිදු කෙරුණා.ඒ ලීටර් 10යකින් සමන්විත ඉන්ධන කෑන් පිරිනැමීමයි..දනට වැඩි තමන්ට මෙවැනි පූජාවක් ලද පළමු අවස්ථාව බවත් මේ පූජාව අද කාලයේ හැටියට මිල කළ නොහැකි බවත් මේ පිංකමට වැඩි මහා සඝරුවන පැවසුවා. සාමාන්‍යයෙන් සිව්පසට අයත් වෙන්නේ චීවර, පිණ්ඩපාත, ගිලන්පස සහ සේනාසන යන අංගයි. පවතින අර්බුද තත්ත්වයන් එක්ක දැන් ඉන්ධනත් එයට එක් කරන්න වෙලා. එතකොට එය අර්ථකතනය කරන්නේ කොහොමද?