Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Aug
04
"හොඳම නළුවා වුණ හැම ප්‍රශ්නයක්ම විසදෙයි කියලා හිතුවා" කලකට පසුව හඬ අවදි කළ රොෂාන් රවීන්ද්‍ර කලාව ගැන හෙළි කරන ඇත්ත...

- "හොඳම නළුවා වුණ හැම ප්‍රශ්නයක්ම විසදෙයි කියලා හිතුවා" කලකට පසුව හඬ අවදි කළ රොෂාන් රවීන්ද්‍ර කලාව ගැන හෙළි කරන ඇත්ත...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,968 Views
‘ආදරණීය වස්සානයේ‘ හිරිමල් පෙම්වතා කසුන් ඔබට මතකද? චිත්‍රපට කලාවේත් ටෙලිනාට්‍ය කලාවේත් ප්‍රශස්ත රංගන ශිල්පියෙක් ලෙස සම්මානනීය වුණු ඔහු දැන් නිර්මාණ අධ්‍යක්ෂවරයෙක් ලෙසත් කටයුතු කරනවා. ඔහු නමින් රොෂාන් රවීන්ද්‍ර.

කාලයකට පසු ඔහු නිර්මාන කලවේ වර්තමාන තත්ත්වය ගැන කලා පුවත්පතකට මෙසේ ඔහුගේ අදහස් පල කරලා තිබුනා.

ඔබ දකින්නේ අඩුවෙන්?

මම වැඩිය කතා කරන්න අකැමැති අපි යථාර්ථය කතා කළාම සමහරු හිතන්නේ ඒ දුක කියනවා කියලා. ඒත් අපි කතා කරන්නේ පවතින ඇත්ත තත්ත්වය.

මොකක්ද ඇත්ත තත්ත්වය?

කොරෝනා කාලයට කලින් ඉඳන්මත් කලාකරුවන් හොඳ තැනක නෙවෙයිනෙ හිටියේ ඉන් පස්සේ රටේ පැමිණි ආර්ථික අර්බුදයත් එක්ක කරකියාගන්න දෙයක් නැතිව කබලෙන් ළිපට වැටුණා වගේ වුණා. උදාහරණයක් විදිහට අපි එදිනෙදා නාට්‍යවලට සම්බන්ධ වෙලා හිටිය අය නොවන නිසා පසුගිය අවුරුදු දෙකේම හරියට වැඩක් කරන්න ලැබුණේ නැතිව හරි අපහසුවකට පත් වුණා. ජීවත් වෙන්න ඕනෙ නිසා මම අලූ‍ත් ටෙලි නාට්‍යයක රඟපාන්න සම්බන්ධ වුණා. ඒකේ කොටස් කීපයක් පමණයි තවම රූගත කර තිබෙන්නේ. මම මගේ නව ටෙලි නාට්‍යයටත් සූදානම් වෙමින් ඉන්නවා. නිෂ්පාදකවරු සොයාගන්නත් අපහසුයිනේ මේ දවස්වල.

මට ඇත්තටම නිර්මාණ කරන්න හිතුණෙත් නෑ. මේ රටින් යන්න ඕනෙ කියන තැනට ඔළුව හැදිලා තිබුණේ. මගේ බිරිඳ සංජීවනී සහ දරුවො තුන්දෙනා, ලොකු පුතා නේතෘ, දුව කේතකී, චූටි පුතා තිරු ගැනත් හිතලා.

එහෙම වෙන්න හේතුව?

කලාකරුවෝ සද්දෙ වහලා ඉන්නෙ. යන්න පුළුවන් අය කඬේ ගිහිල්ලාම තව දුරටත් යන්න විදිහක් නෑ. මම පෞද්ගලිකව කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධ නෑ, මැරෙනතුරුම පක්ෂයකට හේත්තු වෙන්නෙත් නෑ. මොකද කලාකරුවන්ගේ දේශපාලනය වෙනස්. මම දන්නවා මගේ නිර්මාණ තුළ තමයි මම දේශපාලනය කරන්නේ. එනිසා පක්ෂයක් බදාගෙන නටන්න ඕනෙ නෑ. කලාකරුවන්ගේ නිහැඬියාව තමයි මේ තරම් දුරට මේ තත්ත්වයට රට ඇද වැටෙන්න සහ පවතින අර්බුදය උග්‍ර වෙන්න හේතුව කියලයි මම හිතන්නේ.

සෑම මිනිසෙක්ම දේශපාලන සත්ත්වයෙක් කියලා කියනවානෙ?

ඒත් ඕනෙම කලාකරුවෙක් දේශපාලන පක්ෂයක් බදාගත්තට පස්සේ ඒවා තුළම දිය වෙලා යනවා ඇරෙන්න කවදාවත් පොකුරු පිටින් ලෑස්ති වුණේ නෑනෙ මේ කලාව අපි කොහොමද පෝෂණය කරන්නේ කියන දෙයට. මිනිස්සුන්ට මෙහි ප්‍රතිලාභය යනවා එනිසා අපි කොහොමද මෙය වර්ධනය කරන්නේ කියන දේ කතා කළේ නෑනේ. මෙයට ප්‍රවීණ මට්ටමේ වගේම නවක කියන සියලූ‍ දෙනා වගකියන්න ඕනෙ. මේ ගැන කතා කරන්න මම බය නෑ. මොකද මට අලූ‍තෙන් වෙන්න ප්‍රශ්නයක් නෑ. වෙන්න තිබෙන සියලූ‍ දේ වෙලා ඉවරයි.

ඒත් ඔබට තව බොහෝ කාලය තිබෙනවා?

මම වේශ නිරූපණ ශිල්පියකු ලෙස කලාවට අවතීර්ණ වුණේ මේ මගේ සඳයි චිත්‍රපටයෙන් බව ඔබ දන්නවා. මීට වසර විසිදෙකකට පමණ පෙර අපි එකට වැඩ කළ අග්නිදාහය චිත්‍රපටයේ රූගත කිරීම් සමයේ කලා ක්ෂේත්‍රයේ අපේ ඉදිරි බලාපොරොත්තු පිළිබඳ විවේක වේලාවන්වලදී සාමූහිකව කතා වුණා මතකද? මට හොඳම නළුවා වෙන්න පුළුවන් වුණ දවසට මගේ සියලූ‍ ප්‍රශ්න විසඳෙයි කියා මම හිතුවා. ඒත් මම ඒ ඉලක්කය සපුරලා පිටුපස හැරී බලන විට, අපට ලැබුණු කිසි දෙයක් නෑ ... මල් පෝච්චි වගේ අපි එක එකා. ඇතැම් නිළියන්ගේ ජීවිත ගැන මම කතා කරන්න කැමැති නැහැ. මිනිස්සු ජීවත් වෙන විදි විවේචනය කරන්න මම කැමැති නෑ. මොකද හැමෝම කොහොම හරි ජීවත් වෙන්න ඕනෙ. ඒත් අපි වෘත්තියක් විදිහට ගරුත්වයක් තියාගෙන වැඩ කරන්න ගියොත් අපට වැඩ කරන්න බෑ. මම දැන් අවුරුදු 10ක් තිස්සේ හොඳම නළුවාට එක්කෝ නිර්දේශ වෙනවා නැත්නම් සම්මානය හිමි වෙනවා. ඒත් ආර්ථික වශයෙන් බොහොම හීනි තැනක අපි ඉන්නේ. මගේ දරුවන් ඉල්ලන දේ දෙන්න මට බැරි වෙනකොට ඇයි මම මේ විෂයය තෝරගත්තේ කියන හැඟීම ඇති වෙනවා. ඒකයි මම කියන්නේ පොඩි කාලේ ඉඳන් අපට තිබුණු හීන සැබෑ කරගන්නකොට ආර්ථික වශයෙන් අපි ඉන්න තැන අපේ වැරැද්දක් නෙවෙයි, මේ රටේ වැරැද්දක් කියලා. මම කල්පනා කරන්නේ අවුරුදු විස්සක් විසිපහක් මම මේ ක්ෂේත්‍රය වෙනුවෙන් කැප කරලා මොනවාද මම දරුවන්ට ඉතිරි කරලා තිබෙන්නේ. හැබැයි ඊළඟ විසිපහත් මම මේ වෙනුවෙන්ම කැප වුණොත් දරුවන් මට මොනවාද නොකියන්නේ.

ඔබ කියන ප්‍රශ්නය ඔබේ පරම්පරාවේ සමස්තයටම තිබෙන දෙයක් නේද?

ඒක මෙහෙමයි. යන්තම් හෝ මොකක් හරි දෙයක් කර ජීවත් වෙන කෙනා මේ අපට තිබෙන ප්‍රශ්නය කතා කරන්නේ නෑ. ඒ අයට ඕනෑ අවුරුද්දට සැරයක් හෝ මොකක් හරි චිත්‍රපටයක හෝ ටෙලි නාට්‍යයක රඟපාලා කොහෙන් හරි සල්ලි හම්බෙන ක්‍රමයක් හදාගෙන තමන්ගේ රූපය පෙන්වාගෙන ඉන්න විතරයි. අපි හැමදාම කතා කළේ මිනිසුන්ට මෙහි ප්‍රතිලාභය ලැබෙන පරිදි හොඳ නිර්මාණ කරන්න, තව අවුරුදු පහළොවකින් විස්සකින් සමාජගත වන දරුවට හොඳ රසවින්දනයක් ලබා දෙන්න උත්සාහ කරන එක. නැත්නම් අපටත් තිබුණා හොඳට මෙගා නාට්‍ය ටිකක් කරගෙන පිටරට සන්දර්ශන කීපයකට පැනලා ගිහිල්ලා, සින්දු කියන්න බැරිව හරි සින්දු කියලා, නටන්න බැරිව හරි නටලා කොහොම හරි සල්ලි හම්බ කරන්න. අපි එහෙම තැනක නෙවෙයි හිටියේ. අපි බැලූ‍වේ කොහොමද කලාව දියුණු කරන්නේ. මගේ දරුවනුත් ඉන්නේ රූපවාහිනී පෙට්ටිය ඉස්සරහ නිසා ඒ අයගේ රස වින්දනය කොහොමද හදන්නේ කියන දෙයයි අපේ අරමුණ වුණේ. හැබැයි බලාගෙන යද්දි එහෙම ඉලක්කවල අනෙක් බහුතරය ඉඳලා නැහැ. දේශපාලනිකව කතා කළොත් තමන්ගේ නායකයාව රජ කරන්න තමයි පොරකකා ඉඳලා තිබෙන්නේ. මම හිතන විදිහට කලාකරුවා කියන්නේ ඊට වඩා බෙහෙවින් වෙනස් කෙනෙක්. කලාකරුවාට දේශපාලන පක්ෂයක් තිබෙන්න පුළුවන්. ඒ වෙනුවෙන් වැඩ කරන්නත් පුළුවන්. ඒත් කලාකරුවාගේ කාර්යභාරය එය නෙවෙයි.

කුමක්ද කලාකරුවාගේ කාර්යය?

අපි සමාජයට බණිනවා තුන්වැනි පන්තියේ කියලා ඒත් ඒ පන්ති හදන්නෙත් අපි විසින්මයි. ඒවා ගැන කිසි කලාකරුවෙක් කතා කරන්නේ නෑ. හින්දි සිනමාව සමඟ ටෙලි නාට්‍ය හීන වෙලා ගියා. කොයි තරම් ප්‍රවීණ අධ්‍යක්ෂවරු පිරිසක් හිටියද? අපේ පරපුරෙත් ඒ වගේ නිර්මාණවලට උත්සාහ කරන පිරිසක් ඉන්නවා.

සිනමාවටත් එහෙමයි. මේ දේවල් ගැන හරියට කතා කරන්න සුදුසු දේශපාලන බලධාරියෙක් ආවේ නෑ.

මේ රටේ දේශපාලනය වගේම කලාවත් වැදගත්. ඒ බව තේරුම් නොගන්න නිසා තමයි කලාව නන්නත්තාර වෙන්න පිරිහිලා තිබෙන්නේ. අපි තරුණ කාලේ උත්කර්ෂයෙන් හිටියා. අද ගේ ඇතුළට වෙලා ඉන්නවා. ලෝකයේ හැම දියුණු රටකම කලාව කියන දේ හොඳින්ම පවතිනවා. අපේ රටේ ඇති වී තිබෙන මේ තත්ත්වයට දේශපාලකයන් වගේම කලාකරුවනුත් වග කියන්න ඕනෙ. අපි ඉගෙන ගත්තේ මේ දේ විතරයි. මෙතනින් එහාට ව්‍යාපාර කරන්න අපි දන්නේ නෑ. අඩුම ගානේ තමන්ගේ වාහනේ වැඩි මිලට විකුණගන්නේ කොහොමද කියලවත් මට නම් තේරෙන්නේ නෑ.

හැබැයි මම කොයි වෙලාවෙවත් තරුණ අයට බණින්නේ නෑ. හේතුව අපි නතර කරන තැනින් ඒ අය පටන් ගන්නේ. ඒ නිසා අපි දැනගන්න ඕනෙ මේ රිලේ දිවීමේදී බැටන් එක හරි විදිහට ඔවුන් අතට පත් කරන්න. ප්‍රවීණ අය පවා හිතුවේ නෑ ඊළඟ පරපුරට මේ ක්ෂේත්‍රය හදලා දෙන්න ඕනෙ කියන එක. ඒ නිසා බොහෝ වෙලාවට සිදු වුණේ අසාර්ථක ව්‍යාපෘති ගෙන ඒම. අපි සරලව කීවොත් රන්මිහිතැන්න පිටරට අයට රූගත කිරීම් සඳහා ලබා ගන්න පුළුවන් වුණාට අපේ ටෙලි නාට්‍යකරුවකුට ගන්න අමාරුයි. චිත්‍රපට සංස්ථාවෙන් ණය ගත් කලාකරුවන් යටින් වෙනම ගේම් ගහලා. දැන් මේක අච්චාරුවක් වෙලා තිබෙන්නේ. මේවා යළි ගොඩනඟන්න නම් මේ විෂයය තේරෙන අය වගකිව යුතු නිලධාරීන් ලෙස පත් විය යුතුයි. ඒ වගේම තීන්දු තීරණ ගන්න පුළුවන් අය මේ ආයතන භාරව සිටිය යුතුයි.

කලාකරුවන්ගේ සංවිධාන තිබෙනවානේද මේවා ගැන කතා කරන්න?

එකමුතු කම් ඇති වුණේ තනි තනි කණ්ඩායම්වල අවශ්‍යතාවන්ට. සහාය අධ්‍යක්ෂවරුන් එකතු වුණේ ඒ අයගේ ප්‍රශ්න ටිකකට විසඳුම් ගන්න. වේශ නිරූපණ ශිල්පීන් එකතු වුණේ ගෙවන ගාණ මදි නිසා. ඒ විදිහට තම තමන්ගේ ‘කෑල්ල‘ ගැන විතරක් හිතල බෑ කර්මාන්තය ගොඩ ගන්න. අපි හැමෝම එකමුතු විය යුත්තේ සමස්ත කර්මාන්තය විධිමත් කරගන්න. හේතුව ඒකාංගික ටෙලි නාට්‍යයකට නාලිකාවකින් ගෙවන්නේ ලක්ෂ දෙකයි නම් එක එක්කෙනා තමන්ගේ කුට්ටිය විතරක් ඉල්ලලා හරියන්නේ නෑනේ. සමස්තයක් විදිහටයි හිතන්න ඕනෙ. දේශපාලකයන් පසුපස ගිය අයත් කළේ සමස්තය ගැන කතා නොකර තමන්ගේ කොටස ඉල්ලපු එක විතරයි.

රංගනය පිළිබඳ ප්‍රවීණයන්ගෙන් ඇහුවාම රංග පාසලක් නෑ කියනවා. ඒත් හිතන්න පාසලක් තිබිලා අවුරුද්දකට තවත් සියයක් දෙසියයක් විතර ශිල්පීන් එළියට දැම්මොත් කර්මාන්තය හරියට නැතිව වැඩක් වෙනවද? ඒක හරියට රස්සා නැතිව උපාධි දෙනවා වගේ වැඩක්. පාසලක් තිබුණත් නැතත් වැඩකරන පිරිස පුළුවන් විදිහට වැඬේ කරගෙන යනවානෙ. ඒ නිසා කෙසේ හෝ කළ යුත්තේ මේ ව්‍යාපාරය ලාභ ලබන එකක් බවට පත් කිරීමයි. කර්මාන්තය හරියට හැදුණොත් ඔය පාසල් ආදි සියල්ල ඒ සමඟ එකට ගොඩ නැෙඟයි. අපි බැරිවෙලාවත් අල්ලපු රටේ හිටියා නම් අද ඉන්න තැන අපට හිතා ගන්න පුළුවන්. මිනිස්සුන්ට රසවින්දනය දෙන එක හරි පිනක්. අපට ජීවිතේ ලබන්න ඊට වඩා දෙයක් නෑ.

ඔබ රංගනය හැදෑරුවේ කෙසේද?

මම මුලින්ම අකුරු කළේ රුක්මල්ගම පාසලේ, පසුව වෑවල රාජසිංහ පාසලේ පසුව පිළියන්දල මධ්‍ය මහා විදුහලට ඇතුළත් වුණා. මම මුලින් රැකියාව කළේ හෝටල් ක්ෂේත්‍රයේ. පස්සේ ප්‍රියන්ත සිරිකුමාර සහ සමරසිරි කඳනගේ යන ප්‍රවීණයන් සමඟ සහායට එක් වෙන්න අවස්ථාව ලැබුණා. ලංකාවේ රංගන පාසල් කීපයකට ගියා. තරුණ සේවා සභාවේ අවුරුදු දෙකක ඩිප්ලෝමාව හැදෑරුවා. සෝමලතා සුබසිංහ, අනෝජා වීරසිංහ වැනි ප්‍රවීණයන්ගේ වැඩමුළුවලට සහභාගී වුණා.

අපේ රටේ නළු නිළයන් ඉන්නවා අන්තර්ජාතික මට්ටමට වැඩ කරන්න පුළුවන්. එයින් මම කියන්නේ පාසලක් අවශ්‍ය නෑ කියන එක නෙවෙයි. කෙනෙකුගේ ශාස්ත්‍රාලීය මට්ටම පාසලකින් කොලේක ලියලා දෙන්න පුළුවන් වුණත් ප්‍රායෝගිකව ඒ මට්ටම නොතිබෙන්න පුළුවන්. අපි වැඩ කළ හැම නිර්මාණයකින්ම ඒ ප්‍රායෝගික පුහුණුව ලැබුවා. එනිසා ෆැක්ටරියකින් වගේ සීය දෙසීය ළමයි එළියට දාන එක නෙවෙයි අවශ්‍ය. පාසලක් අවශ්‍යයි තමයි. හැබැයි ඒ පාසලින් එන කෙනා එහි ගත කළ වසර දෙක තුනක කාලයේ වටිනාකම ජීවිතයට ලැබෙන්නේ වැඩක් කරන්න ලැබුණොත් පමණයි. මටත් නළුවෙක් වෙන්න ආශාව තිබුණා. අවස්ථාව එනකල් බොහෝ කල් බලාගෙන හිටියා. මට හොඳ ගුරුවරු යාළුවෝ හිටියා, ඒ වගේම මම සහාය ශිල්පියෙක් විදිහට වේශ නිරූපණය, අධ්‍යක්ෂණය වැනි දේවල ප්‍රායෝගිකව යෙදීම රංග ශිල්පියෙක් මෙන්ම අධ්‍යක්ෂවරයකු වන්නත් විශාල පිටිවහලක් වුණා.

ඔබ විශේෂිත ශෛලියක් අනුගමනය කරන ශිල්පියෙක්?

මට අනුව රංගනය කියන්නේ දෙබස් කියාගෙන ලස්සනට පෙනී සිටීම නෙවෙයි. රංගනයේ අපහසුම කොටස වන්නේ යථාර්ථය පිළිබිඹු කිරීම. යථාර්ථය කියන දේ රංගනයෙදි මෙන්ම රචනයේදී, අධ්‍යක්ෂණයේදී පවා ලේසි දෙයක් නෙවෙයි. ශිල්පියකුගේ නළුකම ‘මාට්ටු වන තැන‘ තමයි එතැන. ඕනෙ කෙනෙක්ට පෙම්වතියට ආදරෙන් හාදුවක් දෙන්න පුළුවන්. ඒත් යථාර්ථය නිරූපණයේදී චරිත හැසිරීම සිදු කරන්නෙ අත්දැකීමත් එක්ක. එනිසා මම එදා රංගනය ගැන විශ්වාස කළ දේ නෙවෙයි අද විශ්වාස කරන්නේ. අපි අපිව හොයාගත්තට පස්සේ ගැඹුරක් නැති, චරිත නැති පිටපත්වලට හා කියන්න ආසාවක් ඇති වන්නේ නැතිව යනවා. ස්වාධීන රංගනයට ආස කරන්න පොඩි කාලයක් ගත වෙනවා. එතකල් අපි එක එක්කෙනාව වීරයන් කරගෙන හිතාගෙන ඉන්නවා. ඊට පස්සේ එක මුලක් අහුවුණාම හොඳ චරිතවලට පෙරේත හිතෙනවා. නැත්නම් අපටත් මෙගා එකක පෙනී ඉඳලා සල්ලි ටික පොදිගහගෙන එන්න පුළුවන්.

ඔබ සිනමාවටත් සම්බන්ධයි?

චිත්‍රපට කර්මාන්තයට බිඳ වැටෙන්න හේතුව මීට අවුරුදු හතරකට පහකට පෙර මම තව යහළුවන් දෙදෙනකු සමඟ එකතු වෙලා පර්යේෂණයක් ලෙස සොයා බැලූ‍වා. ශාලාවටයි, චිත්‍රපට සංස්ථාවටයි අනෙක් දේවල්වලටයි ලැබෙන ආදායම බෙදිලා ගියාම නිෂ්පාදයාට ලැබෙන්නේ සියයට 30යි. ඒ තත්ත්වය යටතේ මොන නිෂ්පාදකයාද කැමති වන්නේ චිත්‍රපට නිෂ්පාදනය කරන්න. ඒත් කොහොම හරි අමාරුවෙන් කරගෙන ගියා. ඊට පස්සේ සමහරු කියනවා තමන්ගෙ ශාලා සංකීර්ණයට මේ චිත්‍රපටය ගැළපෙන්නේ නෑ කියලා. සමහර මණ්ඩල හිමියන් තමන්ගේම චිත්‍රපට නිෂ්පාදනය කරගන්නවා. වසර පුරාම ශාලා පිරිලා තිබෙන්නේ ඒවායින්. එවිට අනෙක් චිත්‍රපටකරුවන්ගේ නිර්මාණ හිර වෙනවා. මේ සියල්ලට අපි විසඳුමක් යෝජනා කළා, දිස්ත්‍රික්ක 25ට සිනමා ශාලාද ඇතුළත් සාප්පු සංකීර්ණ වැනි මෝල් හදමු කියලා. එවිට යාපනේ තරුණයන්ගේ චිත්‍රපට යාපනේ ශාලාවෙන් ගන්න ඕනෙ. තරුණ ප්‍රශ්නවලට විසඳුම සංහිඳියාව කියන්නේ ඒකයි. සිනමාවේ ඒකාධිකාරය බිඳෙන්නේ එතකොටයි. නැත්නම් ඔවුන් සියලූ‍ දෙනා එකට කාලා, බීලා, ජොලි කරලා සිනමාවත් පාලනය කරනවා. මෙය පොදු දේපොළක් යැපෙන සංඛ්‍යාව අති විශාලයි. මෙහි ප්‍රතිලාභය යන්නේ මිනිස් ඔළුවලට. ඒ බව තේරෙන කෙනෙක් මේවා ගැන තීන්දුගන්න තැන්වලට එන්න ඕනෙ. ආයෝජකයන් හොයාගන්න බැරි කමක් නෑ. අපට අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය සහ ඉඩම් ටික විතරයි. තවම අපේ රැවුල පැහිලා මදි ඇති අදාළ අයට ඒ දේවල් පිළිගන්වන්න. ඒත් මගේ අධිෂ්ඨානය කවදා හෝ එය ක්‍රියාත්මක කිරීමයි.

වත්මන් සිනමා කර්මාන්තය ගැන ඔබේ අදහස?

මම නම් චිත්‍රපටකරුවන් ලෙස හිතන්නේ ලෝක සහ දේශීය සිනමාව හැදෑරූ අයයි. ඔවුන්ට සිනමාව හඳුනා ගන්න පුළුවන්. අපේ රටේ සිදුවන්නේ ලක්ෂ සීයක් එකසිය පනහක් දීලා ඒ ගාණට චිත්‍රපටයක් හදන්න කියන එක. ඒත් ලෝකේ සිදු වෙන්නේ පිටපත බලලා ඒකට අදාළව අයවැයක් හදන එක. අපේ ලක්ෂ 10ක් ප්‍රේක්ෂකයන් චිත්‍රපටයක් බැලූ‍වොත් ඒක බොක්ස් ඔෆීස් වෙනවා. මොකද ලක්ෂ පහක්වත් නෑ අපේ සිනමා ප්‍රේක්ෂාගාරය. ඒකට අපට සිනමා සංස්කෘතියක් හැදෙන්න ඕනෙ. සමහරු දොස් කියනවා සිනමාව වැටුණේ ටෙලි නාට්‍ය නිසා කියලා. ඇමෙරිකාව වගේ රටවල රූපවාහිනිය නිසා සිනමාව තවත් ඉහළට ගියා.

මම කලාත්මක සහ වාණිජ වශයෙන් චිත්‍රපට බෙදන්න අකැමැති වුණත් ඒ වර්ග දෙකම රටකට ඕනෙ. මිනිසුන්ගේ රසවින්දන මට්ටම සහ සංවේදීතාව අනුව වාණිජ චිත්‍රපටයක වුණත් කලාත්මක ගුණාංග වැඩි වෙන්න පුළුවන්. ඇත්තෙන්ම විදෙස් සම්මාන ලබන බොහෝ චිත්‍රපට කලාත්මක චිත්‍රපටත් නෙවෙයි. තමන්ගේ න්‍යායපත්‍රවලට අනුව රට විකුණන් කන සිනමාවක් අද බිහිවෙලා තිබෙනවා. ඒවා සිනමාවත් නෙවෙයි වාර්තාමය නාටක. එහෙම රැල්ලක් ඇති වුණා. ඒක වුණත් කළ හැක්කේ සිනමාව ඉගෙනගත් අයට විතරයි කියන දේත් පිළිගන්න ඕනෙ. හඳගම අයියලා වැනි අය කළ විකල්ප සිනමාව සමහරු වැරැදියට භාවිත කළා. ඔවුන් තේරුම් ගත්තා අපේ දුක හොඳට පිටරටට විකුණන්න පුළුවන් කියලා. එකත් එක්තරා ගේමක් තමයි. ඒ චිත්‍රපට ගැන මිනිස්සු දන්නෙත් නෑ. සමාජයට වැඩකුත් නෑ.

වාණිජ සිනමාවට අධ්‍යක්ෂවරු බයවෙන්නෙත් කර්මාන්තය හොඳට නැති නිසා. සිනමාව වැටෙන්න හේතුවත් ලක්ෂ හතළිහට පනහට චිත්‍රපටයක් කරන්න උත්සාහ කිරීමයි.

අද ඇත්තෙන්ම සිනමාව කරන්න ලේසීයි. ඉස්සර නම් චිත්‍රපටයක් කරනවා හා සමාන වියදමක් එහි ප්‍රචාරණ කටයුතු සඳහා වියදම් වෙනවා. අද සමාජ මාධ්‍ය ඔස්සේ ඒ වියදම සම්පූර්ණයෙන් අඩු කරගන්න පුළුවන්. එවැනි තවත් විවිධ වේදිකාවන් අද නිර්මාණය වෙලා තිබෙනවා. ඒ නිසා ලාභ උපයන්න පුළුවන් දක්ෂයන්ට විතරයි. සිනමාව ගොඩනඟන්න නම් තරගයක් ඇති කරන්න ඕනෙ. ඒක යාළුකම්වලට කරන්න බෑ. අපි ආයතනයක සේවයට යනවා නම් වෙලාවට ගියේ නැත්නම් පඩි කපනවා වගේ මේ දේවල්වලටත් සුළු තැන්වල සිටම නීති පද්ධතිය සැකසෙන්න ඕනෙ. මේ නව තාක්ෂණය සමඟ යා හැකි තත්ත්වය හඳුනාගත්තේ නැති එකයි ප්‍රධාන ප්‍රශ්නය. කොහොමත් මේ ගමන තනි තනිව යා හැකි එකක් නෙවෙයි. මෙයට රාජ්‍ය මැදිහත්වීම අත්‍යවශ්‍යයි.

වේදිකාවත් අද ඇනහිටලා?

වේදිකා නාට්‍ය පෙන්වන්නත් හරිහමන් තැනක් නැති එකනෙ වෙලා තිබෙන්නේ. මම කියන මේ මෝල්සංකීර්ණ ආකෘතිය තුළ වේදිකාවට වෙනම තට්ටුවක් තිබෙනවා. සිනමාවට වෙනම තට්ටුවක්. දිස්ත්‍රික්ක 25ටම හොඳ තාක්ෂණය මුසු කරදෙනවා. හොඳ රසවින්දනයක් ඔස්සේ බුද්ධිමත්ව හිතන්න හැකියාව ජනතාව තුළ සැකසුවේ නැත්නම් තව ඉදිරියට බොරුවෙන්ම කතිරය ගන්න පුළුවන්කම තව වැඩි වෙයි.

අරුණි මුතුමලී

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top