චන්න - උපුලි යුවලගේ දියණිය අසේකා විජේවර්ධනගේ විවාහ මංගල්‍යය පසුගියදා (03) කොළඹ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණා. ඇය අතිනත ගත් මනාලයා සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ මුණුබුරෙක් වන ජනික් ජයසූරියයි.
ඔවුන් දෙපළගේ විවාහ මංගල්‍යයට කලා ලොවේ තරු ඇසක් සහභාගි වෙලා තිබුනා. මේ අවස්ථාවට ගායන ශිල්පී, ඡායාරූප ශිල්පී දයාන් විතාරණ සහභාගි වුණා. කලා ලොවේ සියල්ලන්ගේම පාහේ ඡායාරූප කාචගත කරන දයාන් විතාරණ මේ දෙපළගේත් මංගල ඡායාරූපය අරගෙන තිබුණා. කවුරු ඡායාරූප ගත්තත් දයාන්ගේ ඡායාරූපයක් නැත්නම් ඒක අඩුවක් කියලා තමයි සාමාන්‍යයෙන් කලා ලෝකේ හැමෝම කියන්නේ. පහත දැක්වෙන්නේ දයාන් ගත් අසේකා - ජනික්ගෙ මංගල ඡායාරූපය සහ ඔහුට සුබපතා ලියූ සටහනයි."ජනික්ටත් අසේඛාටත් ජය සතුට සපිරි අනාගතයකට සුබාසිරිදේශීය නර්තන කලාවේ මහා පුරාවෘත්තයක් වන නැසීගිය පණීභාරත සූරීන්ගේ මිණිපිරිය සේම, සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ මුණුපුරු වන ජනික් ජයසූරිය ඉකුත් දා නීත්‍යානුකූල ලෙසින් විවාහ ගිවිසගත් අතර ඊයේ දින සිංහල සම්ප්‍රදායානුකූලව ඔවුහු පෝරු මස්තකාරූඩව සියලු චාරිත්‍ර ඉටුකොට යුග දිවියට අවතීර්ණ වූවෝය. ඒ වෙනුවෙන් පැවැත්වුණු සාදයට ද මා හට පෙර සේ ම ඇරයුම් කළ අතර Shangri La හෝටලයේ දී ඊයේ රාත්‍රියේ දේශීය නර්තන රංගන ගායන වැනි කලා තරු පිරිවරමින් එම උත්සවය උත්කර්ෂවත් ලෙසින් පැවැත්විණි. එහිදී මවිසින් ගත් නව යුවළගේ මංගල අලේඛ්‍ය ඡායාරූපයක් මෙසේ ඔවුන් දෙපළට තිළිණ කරන්නෙමි.ආදරණීය අසේඛාටත් ජනික්ටත් දිනූ ප්‍රේමයේ අනුහසින් යුග දිවියේ යෙහෙන් තුටින් සුවෙන් වෙසෙන්නට තෙරුවන් සරණින් නිදුක් නීරෝගී චිරජීවනයම සැලසේවායි සුබාසිරි ගෙනෙමි !!!