ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලංකා ගුරු සංගම් ප්‍රධාන කාර්‍යාලයේ ඔහු රැඳී සිටිය දී යි කොටුව පොලීසිය විසින් මෙම අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ඉකුත් මැයි මස 28 වෙනි දින අධිකරණ නියෝග නො තකා උද්ඝෝෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මේ අතර අරගලයේ ක්‍රියාකාරිකයෙකු වූ මහානාම හිමියන් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.