ආදරේ කියන්නෙ මොන යම් හේතුවකින් හදවතේ ලස්සනම තැන්වල උපදින, හැමෝම විඳින පූජනීයයි කියන හැඟීමක්.
ඒත් ඒක එහෙම වෙන්නෙ ආදරණීය හදවතක් ළඟ නැවතුණොත්ම විතරයි.
ආදරේට ජාති, ආගම් හෝ කුල (වෙන කිසිවක් හෝ) බේද නැති බව කවුරු කොහොම කිව්වත් මේ මහ පොළවේ ඒවා යථාර්තයක් වෙන්නෙ නැහැ.
මේ කතාවත් ඒ විදිහේ අවාසනාවන්ත කතාවක්.
කොළඹ නිවාස සංකීර්ණයක පදිංචිව සිටි තරුණියක්. ඇගේ සුඛෝපබෝගී ජීවිතේ සියලු වියපැහැදම් කර තිබුණේ ඇගේ පෙම්වතා. (ඔහුට අපි සුජී කියමු.)
මේ සුජීගේ පාපොච්චාරණය.
"එයා මා එක්ක යාලුවුනේ සල්ලිවලට. ඇත්ත ඒකයි. හැමෝම ඒක කිව්වා. හැමෝම කිව්වා මට එයාව අතඅරින්න කියලා. ඒත් මම එයාට ආදරේ කළා සර්. ගොඩක් ආදරේ කළා. මම ටිකක් ගෑනු ළමෙක් වගේ. ඒ මගේ හැටි මිසක් මම සමලිංගිකයෙක් නෙවෙයි. මට කලින් කෙල්ලෙකුත් ඉදියා. අනේ සර්... මම මේකිට හැමදේම දුන්නා. ආස කරපු හැමදේම... බියුටි වැඩවලටම මාසෙකට විසි දාහක් වෙනම දුන්නා. හිටපු ගේ කුලිය ගෙව්වෙත් මම. හැමදාම පීසා යවනවා ඩිලිවර් එකේ. ඒ හැමදේම කළේ ආදරේට.."
"සර් ඒත් දන්නවද එයා කවදාවත් මාව ඉඹලවත් නෑ. මම ඇනෙක්ස් එකට ආවත් එයා මාව මඟ අරිනවා. මම බලෙන් ඉම්බමත් ඊයා කියනවා. එයාට ලැජ්ජයි කියලයි කියන්නේ. ඒත් මම ඉවසුවා. කවදහරි ලැජ්ජාව නැතිවෙයිනේ කියලා. පස්සෙ මෙයා යාලුවෝ එක්ක රවුම් ගහන්න ගත්තා. එතැන කොල්ලොත් හිටියා. මම දැනගත්තා මාව අයින් කරලා කියලා. හැබැයි මොනා හරි ඕනි වුණාම විතරක් මට කෝල් ගහනවා. සල්ලි ඉල්ලනවා. මට ඇති වුණා... දවසක් ඒකිව හම්බෙන්න ගියේ සේරම විසඳගන්න. එදත් එයා මාව ඊයා කියලා අහකට දැම්මා. එදා තමයි එයා කිව්වේ තමුසේ කෙල්ලෙක් වගේ, තමුසෙට මාව ගැළපෙන් නෑ කියලා."
"මගේ ඇස්වල කඳුළු පිරුණා සර්. මම වැන්ඳේ නැති එක විතරයි. මම කොල්ලෙක්. මම කොහොමද ඒක ඔප්පු කරන්නේ? සමහර විට මොන කරුමෙකට හරි මගේ හැසිරීම එහෙම වෙන්න ඇති. ඒත් සර් මම ඒකිට කරපු ආදරෙත් බොරුද එතකොට..? මාව යූස් කළා මදිවට ඒ විදිහේ ජරා කතා කියද්දි මට යකා නැග්ගා සර්.. එදා මම ඒකිව කිරුළපනට ගෙන්න ගත්තෙම මරලා දාන්න. මරනවාට වඩා මට ඕනි වුණේ ඒකි විඳවනවා බලන්න. මම ඒකිගේ බෙල්ල මිරිකලා අඩපණ කරලා ඒකි එක්ක ලිංගිකව එකතු වුණා.. සර් එදා තමයි ජීවිතේ මම වැඩිපුරම සතුටු වුණේ.."
"ඒත් මම සෙක්ස් කරලා තියෙන්නෙ මළමිනියක් එක්ක කියලා මට පස්සෙ තේරුණේ. ඒත් මට දුකක් දැණුනේ නෑ සර්. මම ඒ මිනියේ කම්මුල්වලට ගගහා සතුටු වුණා. හූ තිබ්බා... පස්සෙ මමම ඇවිත් පොලිසියට භාරවුණේ මට පැනලා යන්න වුවමනා නැති නිසා. ඕකයි සර් මගේ කතාව.. සර්ලට ඕනි විදිහේ දඬුවමක් මට දෙන්න.."
"ඇත්තටම මගේ හිත නිදහස්... ආදරේ නිසා විඳව්වා ඇති මම.. තවත් නම් බෑ අම්මපල්ලා.."