සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් අසල රැඳී නොසිටින ලෙස නැවතත් විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
අමාත්‍ය කාංචන විජේසේකර පවසන්නේ සිපෙට්කෝ ඉන්ධනහල් වෙත ඉන්ධන නිකුත්කරනු ලබන්නේ පෝලිම්වල රැඳී සිටින පිරිස් ඉවත්වීමෙන් අනතුරුව බවයි.
ඉදිරියේදී ඉන්ධන ලබාගැනීම සඳහා ජාතික ඉන්ධන බලපත්‍රය අනිවාර්ය බවත් වාහනයේ ලියාපදිංචි අංකයේ අවසාන අංකය අනුව වාහන හිමියන්ට ඉන්ධන ලබාගත හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
මෙම ක්‍රමවේදය ආරම්භ කරන දිනය සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම්දෙන බවත් අනතුරුව සෑම වාහනයකටම සතියකට සෑහෙන ඉන්ධන කෝටාවක් ලබාදෙන බවත් ඔහු සඳහන් කළා.