පාකිස්ථාන සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර පළමු ටෙස්ට් තරඟය අද ආරම්භ වෙනවා.
ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.
ඒ අනුව දෙරට අතර ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ..
වසර 7කට පසු පාකිස්තානුවන් මෙරට දී ටෙස්ට් තරගාවලියකට එක්වෙද්දී ඔවුන්ට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම වසර 8කින් මෙරට දී ටෙස්ට් තරගාවලියක් ද ජය ගෙන නැහැ.
පාකිස්තානයට එරෙහිව 2014 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙරටදී ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයේ පහස විඳ ගනිද්දී, ඔවුන් 2015 වසරේදී අවසන් වරට මෙරට කළ ටෙස්ට් තරග සංචාරය තරග 2කට 1ක් ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කළා.
කෙසේ වෙතත් 2017 වසරේදී එක්සත් අරාබි එමීර් රාජ්‍ය වැලිකතරේදී පාකිස්තානුවන් තරග 2කට බින්දුවක් ලෙසින් දණ ගස්සවන්නට දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා.
එවන් වටපිටාවක් තුළ අද ගාලු පිටියේදී ඇරඹෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ ජය ටෙස්ට් ලෝක ශූරතාවයේ අවසන් මහා තරගයට පිවිසිමේ බලාපොරොත්තුව තවදුරටත් රදවා ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට අතිශයින්ම තීරණාත්මක වනවා.
මෙවන විට ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් ලෝක ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ තුන්වැනි ස්ථානයේ රැදී සිටින අතර පාකිස්තානය සිව්වැනි ස්ථානයේ රැදී සිටිනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ලෝක ටෙස්ට් ශූරතාවට අදාළව තරගාවලි 4කට සහභාගි වී ඇති අතර එහිදි ඔවුන් තරග 4ක් ජය ගත්තා.
ශ්‍රී ලංකාව මේවන විට ප්‍රසාද ලකුණු 52ක් ලබා ගෙන ඇත්තේ ජයග්‍රාහී තරග ප්‍රතිශතය 54.17% රදවා ගනිමින්.
ටෙස්ට් ලෝක ශූරතාවට අදාළව සෑම කණ්ඩායමක්ම තරගාවලි 6කට සහභාගි වන අතර ඒ අනුව ශ්‍රී ලංකාවට මෙම තරගාවලිය ද ඇතුළුව ඉතිරිව ඇත්තේ නවසීලන්ත ටෙස්ට් තරගාවලිය පමණයි.
ශ්‍රී ලංකාව සහ පාකිස්තාන අතර මෙරටදී ටෙස්ට් තරග 23ක් පවත්වා ඇති අතර ඉන් තරග 7ක් ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගනිද්දී, පාකිස්තානයට තරග 8ක ජය හිමිවුණා.
තරගය 8ක් නිමාව දුටුවේ ජය පරාජයෙන් තොරවයි.
අද පෙරවරු 10ට තරගය ආරම්භ කිරීමට නියමිතයි.