ඉන්දියාව සිය හමුදා ශ්‍රී ලංකාවට එවීම පිළිබඳ මාධ්‍ය සහ සමාජ මාධ්‍යවල අංශවල සමපේක්ෂන වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසනවා.
ඉන්දීය මහ කොමසාරිස් කාර්‍යාලය මගින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව කියා සිටියා.
මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුළ පළ වන වාර්තා අසත්‍ය බව පවසමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්‍යාලය වැඩි දුරටත් ප්‍රකාශ කරන්නේ, පළවන වාර්තා සහ අදහස් ඉන්දීය රජයේ ස්ථාවරයට නො ගැළපෙන බවයි.
තව ද, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකවරයාගේ, ප්‍රකාශයක් පැහැදිලි කරමින් මහ කොමසාරිස් කාර්‍යාලය නිවේදනය කරන්නේ, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම සහ සාරධර්ම සහ ව්‍යවස්ථාමය රාමුව හරහා සමෘද්ධිය සහ ප්‍රගතිය අපේක්ෂා කරන ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ ඉන්දියාව නිරන්තරව රැඳී සිටින බවයි.
කෙසේ නමුත්, ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක, හිටපු අමාත්‍ය සුබ්‍රමනියන් ස්වාමි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඉන්දීය රජයට යෝජනා කර සිටියේ, ශ්‍රී ලංකාවේ රාජපක්ෂ පවුලට සහය දැක්වීම සඳහා ඉන්දීය හමුදාව අවශ්‍යය නම්, ඉන්දීය හමුදාව පිටත් කර යැවීමට තමා ඉන්දීය රජයට යෝජනා කරන බවයි.