"අන්තිමටම කියන්න තියෙන්නේ මේ අම්මා කෙනෙක් විඳවන වාරයක් වාරයක් පාසාම මේ රටේ සල්ලි හොරකම් කරපු හැම එකාටම සාප වේවි..කර්ම විපාක ලැබේවි..."
රටේ පවතින වත්මන් තත්වය එක්ක මිනිස්සු ඉන්නෙ දැඩි අසරණ බවකින්.
මේ සංවේදී කතාවත් ඊට කදිම සාක්ෂියක්.
මේ කතාව ලියන්නේ බොහෝම කලකිරීමකින්.
අද හවස (2022/05/17) බොරැල්ලෙ මාස 6-7ක විතර ගැබිණි අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි බයිසිකලේ පැට්‍රෝල් නැතුව යන්න බැරුව නැවතිලා ඉන්නව දැක්කා..ලගට යද්දි තේරුනේ අර අම්මට ටිකක් අමාරුයි කියලා..එතන ත්‍රීවිල් එකක මහත්තයෙක් නැවත්තලා "මල්ලී මේ මගේ අන්තිම තෙල්ටික මේ ටික අරන් ගෙදර යන්න" කියනවා මට ඇහුනා...
මම අහද්දිත් අර කොල්ලා කඳුළු පනින්න වගෙ "අනේ අයියේ අපි කාසල් එකේ ඉඳන් එන්නේ...එහෙන් කිවුවා blood checkup එකකුයි තව චෙකප් එකකුයි කරගෙන එන්න කියලා..රු.2600 යනවා..ඉතින් වයිෆ්ගෙ පුංචි කෙනෙක්ගෙන් සල්ලි ඉල්ල ගන්න ගියත් ලැබුන් නෑ...මොකද කරන්නේ කියලා හිතාගන්න බැරුව දෙන්නත් එක්ක එන ගමන් තමයි තෙලුත් ඉවර උනේ" කියලා...
පොඩි ගානක් මදි වෙන්න ඇති නමුත් මගේ ලග තිබුන සල්ලි ටික මම දුන්නා.. එතකොටම තවත් කරුණාවන්ත නෝනාකෙනෙක් වාහනේ නවත්තලා එතනට ආවා මම එයාට විස්තරේ කිව්වම එයා අර අම්මාව ගිහින් බස්සන්නම් කිවුවා...අර කොල්ලා මට වැඳලා මාව බාදාගෙන මට පිං දීලා ගියේ...
නමුත් මට මාර කලකිරීමක් ඇතිවුනා මංවගේම කොල්ලෙක් නේද මේ කියලා හිතුනා..
තව කීදෙනෙක් මේවගේ ඇද්ද කියලත් හිතුනා..
පාරේ මේ වගේ දෙයක් දැක්කොත් නොදැක්කා වගේ යන්න එපා අපිට අපි විතරයි ඉන්නේ අපි ඔක්කොම දාඩිය ගඳ ගහන මිනිස්සු, ලොකුකමි තියාගන්න එපා ...පුළුවන් විදිහකට උදව් කරන්න...
අන්තිමටම කියන්න තියෙන්නේ මේ අම්මා කෙනෙක් විඳවන වාරයක් වාරයක් පාසාම මේ රටේ සල්ලි හොරකම් කරපු හැම එකාටම සාප වේවි..කර්ම විපාක ලැබේවි...