Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
19
පෝලිම්වල රෑ දවල් නැතිව ඉඳලා... මහජනයාට ගිනි ගණන්වලට ලැබෙන තෙල් ටික, මැති ඇමතිවරුන්ට සොච්චම් මුදලකට ? - Photos

- පෝලිම්වල රෑ දවල් නැතිව ඉඳලා... මහජනයාට ගිනි ගණන්වලට ලැබෙන තෙල් ටික, මැති ඇමතිවරුන්ට සොච්චම් මුදලකට ? - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

122 Views
රට තුළ දැඩි අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් මෙන් ම ඉන්ධන හිඟයක් ද පවතින කාල වකවානුවක ජනතාව පීඩාවට පත් කරමින් , දේශපාලනඥයින්ගේ වරප්‍රසාද ආරක්ෂා කරගැනීමේ තවත් පුවතක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.
 
මේ වනවිට සමාජ මාධ්‍ය තුළ පවා දැඩි ලෙස මේ සිදුවීම සම්බන්ධයෙන් තොරතුරු මෙන් ම පෝස්ට් ද සංසරණය වන අයුරු දක්නට ලැබෙනවා.
 
මෙම සිදුවීම වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාහන සඳහා අවශ්‍ය කරන ඉන්ධන පවතින මිල ගණන්වලට වඩා අඩුවෙන් ලබාදීමයි.
 
මෙම සිදුවීම සිදුව ඇත්තේ, නාරාහේන්පිට පොලිස් ඉන්ධන පිරවුම්හලේ දී යි.

සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට මෙම පිරවුම්හලෙන් ඉන්ධන නිකුත් කරනු ලබන්නේ රුපියල් 121 ශත 19කට බවයි සමාජ මාධ්‍ය ජාලා තුළ සංසරණය වන මිල ගණන් සහිත එම සටහන්වල දැක්වෙන්නේ.
 
සිපෙට්කෝ බලධාරින් නිරන්තරයෙන් ම මැසිවිලි නගනුයේ, තම සමාගම දැඩි අලාභ ලැබීම හේතුවත් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් පවා ඉහළ යන කාලවකවානුවක තමන්ට ද තෙල් මිල වැඩිවීමක් අපේක්ෂා කරන බවයි.
 
මෙලෙස කියමින් විරෝධතා සිදු කරමින් සහ රජයට බල කරමින් සිදු කර ගත් මෙම තෙල් වැඩි කරගැනීම් තුළ සහ අර්බුදකාරී ආර්ථික ව්‍යසනයකට මුහුණ පා ඇති පසුබිමක ජනතාව පීඩාවට පත් කරමින් දේශපාලකයින්ට අඩු මිලකට ඉන්ධන ලබා දීම කෙසේ නම් සාධාරණීකරණය කරන්නේ ද?
 
ජනතාවට හෙණ ගැහුවත්, දේශපාලනඥයින්ගේ වරප්‍රසාද රැකදීම උදෙසා සිපෙට්කෝ බලධාරින් ද අත් උදව් දී
අඩු මිලට පිරිනමන තෙල් නිසා සමාගම තව තවත් බංකොලොත් වීම යථාර්ථයක් වීම මෙවැනි සිදුවීම්වලින් ද සිදුවන බව පෙන්වා දිය යුතුය.
 
විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පාර්ලිමේන්තුවේ දී කට ඇරියොත් ප්‍රකාශ කරන්නේ, ඉන්ධන පෝලිම්වල රැඳී නොසිට ගෙදර යන ලෙසටයි.
 
ඔහු කියා සිටින්නේ, තෙල් ලබාගැනීමට ඩොලර් මදිපාඩුවත්, එම අර්බුදය විසඳීමට තමන් මේ වනවිට යොදා ඇති ක්‍රමවේදයන් ගැන නොව, දින ගණන් අව් වැසි නොතකා පෝලිම්වල දුක් විඳින ජනතාවගේ ගැටලු ගැන කිසිදු තැකීමක් නොකරය.
 
දුක් විඳ ලබා ගන්නා තෙල් ප්‍රමාණය ද ජනතාවට ලැබෙන්නේ උපරිම සහ අධික මිල ගණන් යටතේය.
 
එසේ නම්, රටම අවුලකට ලක්ව ඇති මෙවන් මොහොතක නාරාහේන්පිට පොලිස් ඉන්ධන පිරවුම්හලේ මේ සිදුවන අඩු මිලට තෙල් හෙට්ටු කොට ලබාදීම ජනතාව ඉදිරිපිට සාධාරණීකරණය කරන්නේ කෙසේ ද ?
 
ජනතාවට ලැබෙන පෙට්‍රල් (92) ලීටරය ලැබෙන්නේ ද රුපියල් 338කටය.
 
ජනතාවට තව තවත් ඇම දී ජනතාව රවටන්නට මාන බලන පුස්සක් වන් මෙරට දේශපාලනය තවදුරටත් විශ්වාස කළ හැකි දැයි මෙවන් සිදුවීම් තුළින් විද්‍යමාන නොවන්නේ ද ?
 
එබැවින් වහාම වගකිව යුතු බලධාරින් මෙන් ම ජනාධිපතිවරයා සහ රටේ අග්‍රාමාත්‍යවරයා මැදිහත් ව හෝ වහාම අර්බුද විසඳෙන තෙක් සහ ජනතාවට පෝලිම් නැති යුගයක් එන තෙක් හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද අහෝසි කළ යුතු නොවෙන්නේ ද?
 
මෙම සිදුවීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය ද සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පෙන්වා දෙන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පොලිස් ගරාජයෙන් තෙල් දීම අයෝග්‍ය බවයි.
 
පහතින් දැක්වෙන්නේ ඔහු තැබූ ෆේස්බුක් සටහනයි...
 
පාර්ලිමේන්තු  මන්ත්‍රීන්ට පොලිස්  ගරාජයෙන් තෙල් දීම  අයෝග්‍යය . එහි  විවාදයක් නැත.
 
එසේවුවත්  එම සිද්ධිය හරහා දේශපාලනඥයින් ගැන ජනතා  විරෝධය  උසිගන්වන  මාධ්‍ය , විපක්ෂයේ  මන්ත්‍රීනියක් එසේ ඉන්ධන දීම වැරදි බවට කළ ප්‍රකාශය යටපත් කරන්නේ ඇයි ..  
  
      මන්ත්‍රී  දේපළවලට කරනලද ප්‍රහාර ගැන ප්‍රචණ්ඩකාරී මැරයන් මෙන්ම  සියලුම දේශපාලනඥයින් කෙරෙහි වෛරය උසිගැන්වූ  හා විනාශ කිරීම්  නොකඩවා පෙන්වූ   ජන   මාධ්‍ය  ද (  න යන්න වෙනුවට  වෙනත් අකුරක් යෙදීමට මා අකමැතිය)  වගකිව යුතුය.
 
පලි
 දැන් ඔවුන් තවත් ව්‍යාපෘති දෙකක්  අරඹා  තිබේ .
 
 1  වීදි මැරයන් හා ද්වේෂයෙන් පසුවූකෝපයට ජනතාවගේ  ප්‍රහාරයෙන් විනාශවූ ප්‍රාදේශීය දේශපාලනඥයින්ගේ දේපළ පෙන්වමින් එම  කුියා ජවිපෙ, පෙරටුගාමී හා සජබෙ විසින් සංවිධානා්මකව මෙහෙයවූ ප්‍රහාරයක් බව පෙන්වීම 
 
 2) ගෝල්ෆේස්  ප්‍රහාරයේ වගකීමෙන් ප්‍රමුඛ  දේශපාලනඥයින්  බේරාගෙන එය පොලිස්පති වෙත පැවරීම .
 


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top