නව අග්‍රාමාත්‍යවරයා පත්වීමෙන් පසු පළමු පාර්ලිමේන්තු සැසිවාරය අද පෙරවරු 10ට ආරම්භවීමට නියමිතයි.
එහිදී නියෝජ්‍ය කතානායකවරයෙකු තෝරා පත් කර ගැනෙන අතර ඒ සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ සහ සමගි ජනබලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කුමාරි විජේරත්නගේ නම් යෝජනා වී තිබෙනවා.
එසේම, අද පාර්ලිමේන්තු රැස්වන අවස්ථාවේ දී මන්ත්‍රීවරුන්ට අසුන් පැනවීමේ වෙනසක්ද සිදුකර ඇති බවටයි වාර්තා වුණේ. ඒ අනුව මෙතෙක් විපක්ෂයේ අසුන්ගෙන සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සමග ආණ්ඩු පක්ෂයේ, අග්‍රාමාත්‍යවරයාට හිමි ආසනයේ අසුන් ගැනීමට නියමිතයි.
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපතිවරයෙකු ද වන බැවින් ආණ්ඩු පක්ෂයේම ඉදිරිපෙල ආසනයක් හිමිවනු ඇති බවටයි වාර්තා වන්නේ. මේ අතර පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක්ද අද පෙරවරු 8.30ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.
එමෙන්ම, ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපයට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවේ විශේෂ අනුමැතියකින් පසු විවාදයට ගැනීමට පක්ෂ නායකයින් පසුගිය දා තීරණය කර තිබුණා. ඒ සම්බන්ධයෙන් ද අදාළ පක්ෂ නායක රැස්වීමේ දී සාකච්ඡා කරනු ඇති.
මේ අතර අද පාර්ලිමේන්තුව රැස් වන අවස්ථාවේ දී පාර්ලිමේන්තුව අවට ප්‍රදේශ වලට විශේෂ ආරක්ෂාවක් සැපයීමට පියවර ගෙන තිබෙනවා.