ඊයේ (16) රාත්‍රී 11 සිට මුළු දිවයිනට ම පනවා තිබූ ඇඳිරි නීති කාලසීමාව අද(17) උදෑසන 5.00ට අවසන් වුණා.
ඒ අනුව මේ වන විට ජනතාව සිය දවසේ කටයුතු ආරම්භ කර තිබෙනවා.
කෙසේ වෙතත් මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව අද (17) දිනයේත් සවස් භාගයේ ඇදිරිනීතිය පනවනවා ද, නැද්ද යන වග මෙතෙක් දැනුම් දීමක් කර නැහැ.
ඒ වගේම ප්‍රවාහන සේවාවන්ද යම් තරමකින් ක්‍රියාත්මක වන බවයි දක්නට ලැබෙන්නේ.