"එහෙනම් මම මේ ෆොටෝ එක facebook එකේ දාන්නම් එතකොට දැක්කොත් එතනින් ගන්න"
තවමත් අරගලය ක්‍රියාත්මක බව ඔබ දන්නවානෙ.
මේ අරගල බිමෙහි අවුරුදු සැමරුවා. ඒ වගේම වෙසක් උත්සවයත් සමරනු ලැබුවා.
ඉතින් එහෙම ආදරණීය අරගලයෙන් ඇහෙන තවත් එක් කතාවකි මේ..
අරගල භූමියේදී, මේ කාන්තාව මගේ ළඟට ඇවිල්ල කිව්වා "අපේ ෆොටෝ එකක් අරන් දෙන්න" කියල.
ඒක අහිංසක ඉල්ලීමක්. නමුත් මම ටිකක් අදි මදි කරා මොකද මට ගන්න ෆොටෝ එක ඒ ගොල්ලන්ට ආපහු දෙන්න විදිහක් නැති නිසා. අඩුම ගානේ smart phone එකක්වත් තිබ්බනම්.
මම කිව්වා "මට ෆොටෝ එක ආපහු දෙන්න වෙන්නේ නැහැ කියල".
එතකොට එයා කියනවා "ඒකට කමක් නැහැ ගන්න" කියල.
මම කිව්වා "එහෙනම් මම මේ ෆොටෝ එක facebook එකේ දාන්නම් එතකොට දැක්කොත් එතනින් ගන්න" කියල. ඔවුන් ඒකට හා කිව්වා.
මේ ෆොටෝ එකේ මිනිස්සුන්ගේ මුහුණු යම් කිසි බලාපොරොත්තුවකින් එලිය වෙලා නේද කියල පස්සේ මට හිතුන. ඇයට තිබ්බ එකම ආශාව ඔහුත් එක්ක ෆොටෝ එකට ඉන්න එක විතරයි.
මට ආපහු මුණ ගැසුනොත් මම මේ ෆොටෝ එක පෙන්වනවා.
වෙන කාට හරි ඒ දෙන්නව හමු වුණොත් පෙන්නන්න.
ප.ලි. මම ෆොටෝ print කරන්නේ නැති නිසා ලිපිනය ඉල්ලගෙන යනවන කියන එක කරන්න කැමති වුනත් වෙන්නේ නැති දෙයක් නිසා එහෙම කරේ නැහැ. නමුත් facebook එකේ දාන එකෙන් ඊට වැඩිය ලේසියෙන් මේ පින්තුරේ අවශ්‍ය තැනට යයි කියල මට විශ්වාසයි.