කටකතන්දර මැද ඇය ඇත්ත කියන්න
තීරණයක් ගනී !
Naagin කියන රූපවාහිනි කතා මාලාව හරහා අතිශය ජනාදරයට පත් වූ මවුනි රෝයි (Mouni Roy) නුදුරේම විවාහ දිවියට එළඹෙන බවට ඉන්දීය මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.
ඇගේ පෙම්වතා ව්‍යාපාරිකයෙකු වන සුරාජ් නම්බියාර් බවයි සඳහන් වන්නේ.
ඇගේ විවාහය පිළිබඳ මින් ඉහත කටකතා බොහෝමයක් පැතිර ගිය අතර, මෙම කටකතන්දර නිසාම මවුනි මේ ගැන ලෝකයට හෙළි කරන්න තීරණය කර තිබෙනවා.
ජනවාරි 27 වැනිදා ඇගේ විවාහය පැවැත්වෙනු ඇති බවයි පැපරාසීන් තොරතුරු වාර්තා කරන්නේ.
මෙසේ පැතිර යන එක් පැපරාසි වීඩියෝවක ඡායාරූප ශිල්පියෙක් ඇයට සුබ පැතුම් එක් කරන අයුරු දැක ගත හැකියි.
"මවුනි ජී, සුබ පැතුම්... ඔබේ විවාහය 27 වැනිදා.." යනුවෙන් හින්දි භාෂාවෙන් මෙම සුබ පැතුම එක් කළ නමුත්, මවුනි ඊට ප්‍රතිචාර දක්වන්නෙ නැහැ.