යාල ජාතික වනෝද්‍යානයේ සෆාරි ජීප් රථ රියදුරන් පිරිසක් ඇතෙකුට හිරිහැර කරමින් වගකීම් විරහිතව හැසිරීමේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.
දෙස් විදෙස් සංචාරකයින් රැගත් සෆාරි ජීප් රථ කිහිපයක් මාර්ගයේ ගමන් කරමින් සිටින අතර එම අවස්ථාවේ විශාල දළ ඇනෙකු මාර්ගය හරහා ගමන් කරමින් සිටිනවා.
එහි දී ඇතාගේ මාර්ගය අවහිර කරමින් දෙස් විදෙස් සංචාරකයින් රැගත් සෆාරි ජීප් රථ කිහිපයක් සත්වයා මතට පැමිණෙනු දක්නට ලැබෙනවා.
සෆාරි ජීප් රථ මාර්ගය අවහිර වීම නිසා ඇතාට ගමන් කිරීමට නොහැකි වන අතර ජීප් රථ ක්‍රියාකරුවන් සතාට ඉඩ නොදී හෝන් ගහන අයුරු දක්නට ලැබෙනවා.
පසුව ඇතා පලවා හැරීමට ජීප් රථ ක්‍රියාකරුවෙකු රතිඤ්ඤා දමන අතර බියට පත් දළ ඇතා අවසානයේ අසල කැලෑ ප්‍රදේශයට පලා යනවා.
එම වීඩියෝව පහළින්...