“මම නිරුවත් වුණා කියලා
එයාලා මගෙන් ප්‍රශ්න කළේ නෑ...”
“චිත්‍රපටයක කතාව අනුව ඒ චිත්‍රපටයේ නිරුවත් දර්ශන අමුතු ඒවා වෙන්න බෑ.”
සෝමරත්න දිසානායකගේ “ජංගි හොරා” කියන චිත්‍රපටය මේ දිනවල ප්‍රේක්ෂක ප්‍රතිචාර බොහෝමයක් මැද තිරගත වෙනවා. මෙම චිත්‍රපටයේ ගණිකාවකගේ චරිතය නිරූපණය කරන ශිල්පිනිය ගැන ගොඩක් දෙනෙක් මේ දවස්වල හොයනවා.
ඇය නමින්, අසංකා හේමමාලි පෙරේරා. එහෙම නැත්තම් හේලි පෙරේරා.
ඇය පසුගිය දවසක ඉරිදා ලංකාදීපයේ, “සඳැල්ල” අතිරේකයට, සඳුන් ගමගේ සමඟ සකාච්ඡාවක් ලබා දී තිබුණා.
ජංගි හොරා චිත්‍රපටයේ හේලි කරන චරිතය ගැන..? ඔබ එහි නිර්භයව නිරුවත් චරිතයකට පෙනී සිටිනවා?
ගණිකාවක කියන චරිතයක් රඟපාන්නේ. එම වෘත්තිය ගත්තොත් බුදුන්ගේ සමයේ සිට එන වෘත්තියක්. ඉතින් මේ චරිතය හා ඒ ස්වභාවය තේරුම් අරගෙන ඊට දායකත්වය දුන්නා. ජාත්‍යන්තරව ෆොටෝ මොඩල් කෙනෙක් ලෙස කටයුතු කර තිබීම නිසාත් මට මේ චරිතයට පෙනී ඉන්න ශක්තිය ලැබුණු බව කියන්න පුළුවනි.
චරිතයට ලැබෙන ප්‍රතිචාර ?
මුලින්ම චකිතයක් නොතිබුණා නෙවෙයි. හැබැයි ජංගි හොරා කණ්ඩායමෙන් ලැබුණු උදව් නිසා මට එය සාමාන්‍ය චරිතයක් වගේ දැණුනේ. රේණුකා බාලසූරිය මහත්මිය, දිල්හානි අක්කා ඇතුළු ඔක්කොම මට දුන්නෙ මාරම ශක්තියක්. සපෝට් එකක්. කොහොමත් මම හිත ශක්තිමත් කෙල්ලෙක්. වෙනදා මගේ පාසලේ යාළුවන්ගේ ඉඳලා අනෙක් මගේ හිතවත් හැමෝම නිරූපණ අවස්ථාවලදී හෝ වෙනත් අවස්ථාවකදී කොටට ඇන්ඳා නම් ඇයි කියලා ඇහුවා. මේ චිත්‍රපටයේ මම නිරුවත් වුණා කියලා එයාලා මගෙන් ප්‍රශ්න නොකළේ චිත්‍රපටයේ කතාවට මම උපරිම සාධාරණයක් කළා වෙන්නැති. මගේ යාලුවෝ වැඩි දෙනෙක් ගුරුවරු. මේ කතාව ගැන එයාලට වැටහීමක් ඇති.
නිර්මාණයකදී කාන්තාවක් නිරුවත් වීම ගැන ඔබට මොනාද දැනෙන හැඟීම ?
මේක වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටයක්නේ. ඉතින් විවාහ වූ අයට අමුතුවෙන් නිරුවත ගැන කියන්න අවශ්‍ය නැහැනේ. සැමියා බිරිඳ ඉදිරියේ එහෙම වෙනවනෙ. තම විවාහක සැමියා ඉදිරියේ කාන්තාව නිරුවත් වෙනවා. එතකොට ඒක අමුත්තක් නෙවෙයි. එහෙම නම් චිත්‍රපටයක කතාව අනුව ඒ චිත්‍රපටයේ නිරුවත් දර්ශන අමුතු ඒවා වෙන්න බෑ.
හැබෑ ජීවිතේ ?
මම බතික් විලාසිතා ව්‍යාපාරයක් කරනවා. මම විවාහකයි. සැමියා රන්දික. අපි විවාහ වෙලා අවුරුදු පහක්. සාර්ථක පවුල් ජීවිතයක් ගත කරනවා.
ජංගි හොරා බලන අයට?
මේක මගේ සැබෑ ජීවිතය නෙවෙයි. ඒ චිත්‍රපටයේ කතාව ගලායන විදිහට මම ඒ චරිතය නිරූපණය කළා. ඒ චිත්‍රපටයේ චරිතයක් විදිහට විතරක් මා දිහා බලන්න එවිට මිනිස්සුන්ගේ මනස නිරවුල් වේවී.
සඳුන් ගමගේ