රොනාල්ඩෝ උපත ලබන්නේ1985 පෙබරවාරි 5 වන දින පෘතුගාලයේ මැඩෙයිරාවල. ඔහුගේ මව කෝකියෙක්. පියා නාගරික උද්‍යාන පාලකයෙක්. ඔහුට එක් වැඩිමහල් සහෝදරයෙක් සහ වැඩිමහල් සහෝදරියන් දෙදෙනෙක් සිටිනවා.
ඔහු දුප්පත්ව හැදී වැඩුණු අතර ඔහු තම සහෝදර සහෝදරියන් සමඟ එකම නිදන කාමරයක් බෙදා ගත් බව ඔහු පවසනවා.
2005 වසරෙදි මත්පැන් නිසා වැළඳුණු වකුගඩු රෝගයකින් රොනාල්ඩෝගේ පියා මිය යනවා.
"මම මගේ පළමු සම්මානය දිනාගත් විට, මම ඇඬුවේ සතුටට නෙමෙයි. එය දකින්න මගේ තාත්තා නැති නිසා..."
රොනාල්ඩෝ කුඩා කාලයේ "අඬන-බබා" යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ බව ඔහුගේ මව පවසනවා.
"එයා පාස් වෙද්දි එයාගෙ යාළුවො අඩුවෙන් ලකුණු ලබනකොටත් රොනාල්ඩෝ ඇඬුවා."
රොනාල්ඩෝ පාසලේ අනෙකුත් සිසුන් අතර බොහොම ජනප්‍රිය සිසුවෙක් වුණා. ඒත් වයස අවුරුදු 14 දී ඔහු තම ගුරුවරයාට පුටුවකින් දමා ගැසීම නිසා ඔහුව නෙරපා හරිනවා. රොනාල්ඩෝ පැවසුවේ ඔහු එසේ කිරීමට හේතුව ගුරුවරයා තමාට අගෞරව කළ නිසා බවයි.
එය ඉතාම ඍණාත්මක වුවත්, එය ඔහුගේ ජීවිතයේ විශාල හැරවුම් ලක්ෂයක් බවට පත් වුණා. මොකද ඔහුගේ මව ඔහුව පාපන්දු ක්‍රීඩාව කෙරෙහි යොමු කරන්නේ ඒ සිද්ධියෙන් පස්සේ. පුරාවෘත්ත බිහි වෙන්නේ එහෙම. අපි නොහිතන නොපතන අරුම පුදුම විදිහට.