ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලී කියන්නෙ අමුතුවෙන් හඳුන්වා දෙන්න ඕනි කෙනෙක් නෙවෙයි. ඔහු විවාහ වෙලා ඉන්නෙ බොලිවුඩයේ සුරූපී නිළි අනුෂ්කා සමඟයි.
පසුගිය දිනෙක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ පැවති අවසන් එක්දින තරගයේදී සියල්ලන් පුදුම කරවමින් කෝලීගේ දියණිය (වාමිකා) මාධ්‍ය ඉදිරියට පැමිණියා.
විරාත් මෙම තරගයේදී අර්ධ ශතකයක් ලබා ගැනීමත් සමඟ මෙය සිදු වූ අතර, එය අහම්බෙන් මෙන් කැමරාවක සටහන් වී තිබුණා.
මීට පෙර කිසිදු දිනෙක කෝලීගේ දියණියගේ සේයාරුවක් මාධ්‍ය වෙත මුදා නොහැරී අතර, දරුවා උස් මහත් වන තුරු එසේ නොකරන බවද කෝලී ප්‍රකාශ කර තිබුණා.
කෙසේ වුවත්, කෝලීගේ දියණිය “කෝලී වගේමයි“ යනුවෙන් ක්‍රිකට් ප්‍රේක්ෂකයින් ඡායාරූප බොහෝමයක් සමාජ මාධ්‍යයේ හුවමාරු කරමින් සිටිනවා.
විදෙස් මාධ්‍ය..