Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
23
“...ප්‍රසිද්ධ වෙන්න ලස්සනට අඳින්න ඕන. ඉන්ජෙක්ෂන් ගහන්න පටන් ගන්නවා. ඒවාට සල්ලි ඕනෑ ! මට ඒ ගොල්ලෝ දෙන නාන ඇඳුම අඳින්න වුණා...” - නිරූපණ ක්ෂේත්‍රය ඇතුළේ තියෙන, හිතාගන්නවත් බැරි සෙල්ලම් ගැනයි, ෆීල්ඩ් එකේ ඉන්න අය ගැනයි තිත්ත ඇත්ත, ත්‍රිකලා ධරණි පළමුවරට එළියට දමයි - Photos

- “...ප්‍රසිද්ධ වෙන්න ලස්සනට අඳින්න ඕන. ඉන්ජෙක්ෂන් ගහන්න පටන් ගන්නවා. ඒවාට සල්ලි ඕනෑ ! මට ඒ ගොල්ලෝ දෙන නාන ඇඳුම අඳින්න වුණා...” - නිරූපණ ක්ෂේත්‍රය ඇතුළේ තියෙන, හිතාගන්නවත් බැරි සෙල්ලම් ගැනයි, ෆීල්ඩ් එකේ ඉන්න අය ගැනයි තිත්ත ඇත්ත, ත්‍රිකලා ධරණි පළමුවරට එළියට දමයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

41 Views
“ෆො​ටෝ ෂූට් කරද්දී නාන ඇඳුම් හා
අදාළ කොට ඇඳුම් අඳිනවා. අඩ නිරුවත් වෙනවා...”

“සමහරු ඔය කුඩු සල්ලි කියලත් කියා තිබුණා. 
සමහර මැති ඇමතිවරුන් සම්බන්ධ කර තිබුණා.”

‘‘මට මාව පේන්නේ ධනාත්මකව හිතන කෙනෙක් විදිහටයි. ජීවිතයට මොන ප්‍රශ්න, බාධක ආවත්, ඒ හැම දෙයක්ම වෙන්නේ හේතුවක් ඇතුව. ඒ හැමදේම තාවකාලිකයි. ඒ හැමදේටම ධනාත්මකව විසඳුමක් තිබෙනවා කියලා බලාපොරොත්තුවකින් ජීවිතය දිහා බලන කෙනෙක්. ඒක මගේ ජීවිතේ අංක එක. ඒ කියන්නේ ධනාත්මකව සිතනවා කියන එකයි.’’

මේ කවුද? මෙහෙම ධනාත්මකව තමන් ගැන සිතමින් ජීවිතය ජයගත් ඇය කවුද? හීන පස්සේ ගොස් ඒවා සැබෑකරගත් ඇය මෙරට විවාහක රූ රැජිනකි. එමෙන්ම විශ්ව විවාහක රූ රැජිනක්.

ඒ වගේම මෙරට මෙන්ම ජාත්‍යන්තරයේද නිරූපණ ක්ෂේත්‍රයේ ඉහළින් වැජඹෙන වෘත්තීමය නිරූපිකාවක්. මේ ක්ෂේත්‍ර ද්විත්වයම අද දවසේදී බොහෝ දෙනාගේ කතාබහට ලක්වී තිබෙනවා.

ඒවායේ ජයග්‍රහණ ලබන්න වෙනත් අය සතුටු කරන්න ඕනෑද? දොළ පිදේනි දෙන්න ඕනෑද? ඇයට මේ ක්ෂේත්‍රවල අයුතු බලපෑම් එල්ල වුණාද? නමින් ත්‍රිකලා ධරණි වන මෙම සුරූපිනිය, රූ රැජින, නිරූපිකාව සතිඅන්ත පුවත්පතක් සමඟ කළ කතාබහකි මේ....

පුද්ගලික ජීවිතයේදී ඔයා කොයි වගේ කෙනෙක්ද ත්‍රිකලා?
මිනිසුන්ට පිටතින් පෙනෙන දේ නොවෙයි මගේ ‘‘ෂූට්’’ වලින් පේන්නේ. මම හැම තිස්සෙම මේකප් දාගෙන ඉන්න කෙනෙක් කියලයි හිතන්නේ. හැබැයි ඇතුළාන්තය ගත්තොත් බොහොම සරලව ඉන්න කැමති, මිනිස්සු හැමෝම මනුස්සකමින් මනින කෙනෙක්. ඒ කියන්නේ වෙන කිසිම තරාතිරමකටවත්, ද්‍රව්‍යමය දේවල්වලටවත්, ලොකුකමකටවත්, බලයටත්, කිසිම දෙයකට මනුස්සයකු මනින්නේ නැති මනුස්සකමට විතරක් මිනිස්සු මනින කෙනෙක් විදිහට තමයි මම මාව දකින්නේ.

ඔයා හීන පස්සේ දුවපු කෙනෙක්. ඒ හීන සැබෑ කරගන්න කොයි තරම් උනන්දු වුණාද?
මට හීන 5ක් තිබුණා. අද වෙද්දී ඒ 5ම මම සැබෑ කරගෙන ඉන්නවා. ගුවන්යානා ඉංජිනේරු සම්බන්ධයෙන් ඉගෙන ගන්න, ලස්සන ඔසරියක් ඇඳලා, උස සපත්තු දාලා ගුවන් සේවිකාවක් වෙන්න, රෝස පාට ලස්සන සැප පහසු වාහනයක ගමන් කරන්න තමයි මුල් හීන 3. අනෙක් හීන 2 පෞද්ගලික ජීවිතයට සම්බන්ධ දේවල්. මගේ පවුල් ජීවිතයට සම්බන්ධ නිසා ඒවා මම කියන්නේ නෑ. හීන 5ම හඹාගෙන ගිහින් ඉටුකර ගත්තා.

ඔය හීන හඹායද්දී අනෙක් අයගෙන් බලපෑම්, අයුතු යෝජනා ආවේ නැද්ද?
මට බලපෑම් එල්ල වෙලා තිබෙනවා. හැබැයි අයුතු යෝජනා මගේ ජීවිතයේ කවදාවත් ඇවිත් නෑ. මම දන්නේ නෑ ඇයි කියන්න. මට කාගෙන්වත් අනවශ්‍ය දෙයක්වත්, අයුතු යෝජනාවක්වත් එහෙම දෙයක් ඇවිල්ලම නෑ. ඒක කවුරුවත් කිව්වට පිළිගන්නෙත් නෑ. හැබැයි බලපෑම් එමටයි. මානසිකව වට්ටන්න, මිනිසුන් කකුලෙන් අදින ඒවා, මට බැහැයි කියලා වට්ටන්න හැදුව ඒවා, හෙට ඉන්ටර්වීව් තිබෙනවා නම්, විනිශ්චය මණ්ඩලයේ අය හමුවෙලා මාව ගන්න එපා කියූ දේවල් නම් අනන්තවත් සිද්ධවෙලා තිබෙනවා. එතනදී මානසිකව වැටිලා තිබෙනවා. හැබැයි මගේ සිත නිතරම කිව්වා, හැම තිස්සෙම ධනාත්මකව සිතන්න, හරි දෙයක් හරි හිතෙන් කළොත් කවදාවත්, කාටවත් වට්ටන්න බැහැයි කියලා.

ඔයා නිරූපණ ශිල්පිනියක්. මේ රටේ මෙන්ම ජාත්‍යන්තරයේද නිරූපණ ක්ෂේත්‍රයේ වෘත්තීමය වශයෙන් කටයුතු කරන්නියක්. ඒවායේදී බලපෑම්, යෝජනා එනවාද?
මේක නම් ඇත්තටම කියන්න ඕනැ. හැමෝම දැනගන්නත් ඕනැ දෙයක්. ආසියාව, යුරෝපය, අරාබි රාජ්‍ය යන හැම තැනකම මම ‘‘ෂූට්’’ කරලා තිබෙනවා. එතකොට ලංකාවෙත් මම නිරූපණ ක්ෂේත්‍රයේ වසර ගණනාවක් වැඩ කරලා තිබෙනවා. හැබැයි මේ දෙක අහසට පොළොව වගෙයි. ජාත්‍යන්තර මට්ටමේ නිරූපණය කරද්දී, අපි දන්නේ නෑ අද ඉන්න ඡායාරූප ශිල්පියා, නර්තන ශිල්පියා, මෝස්තර නිර්මාණ ශිල්පියා කවුද කියලා. අපිට කිසිම කෙනෙක් එක්ක පෞද්ගලික සබඳතා නෑ. තියෙන්නේ බිස්නස් එකක් විතරයි. එයාලගෙ රාජකාරිය කරනවාට මුදලක් ගන්නවා. අපි අපේ රාජකාරිය කරලා වැටුපක් ගන්නවා. අපි හොයන්නේ නෑ. අනෙක් අයගේ පෞද්ගලික දේවල්, ඒ අයගේ පාටි, සන්තෝෂ කිරීම් කිසිම දෙයක් නෑ. හරිම ලේසියි පිටරට වැඩ කරන්න. වෘත්තීමය වටිනාකමක් තිබෙනවා. ‘‘මොඩ්ල්’’ කෙනෙක් කියන්නේ ‘‘ස්ටාර්’’ කෙනෙක්. ඒ පිළිගැනීම පිටරටවලදී තිබෙනවා. ලංකාවේ නැත්තෙත් ඒකයි. මේ රටේ අපේ වටිනාකමට වැටුපක් ලැබෙන්නේ නැති තැනක තමයි නිරූපණ ක්ෂේත්‍රය තිබෙන්නේ. අහසට පොළොව වගෙයි මේ දෙක.

ලංකාවේ එහෙම ඉස්සරහට යන්න බැරිවෙලා තිබෙන්නේ එක එක අයගේ බලපෑම්, අයුතු යෝජනා නිසාද?
මේ මගේ පෞද්ගලික දැක්මයි. මම අවුරුදු 5ක් ලංකාවේ, අවුරුදු 6ක් පිටරට වෘත්තීමය නිරූපිකාවක් ලෙස කටයුතු කරනවා. මට දැනුණු දේ කියන්නේ. ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රයට ගොඩ එන්න බැරි එන්න එන්න මේක ආපස්සට යන හින්දයි. අපි අවුරුදු 10-15 කට පෙර ගත්තොත්, ඒ කාලයේ සිටි යම් කිසි නමක් දිනා සිටි නිරූපණ ශිල්පීන් තරම්වත්, ඊට පස්සේ අවුරුදු 10කටවත් බිහිවෙලා නෑ. ඒකට හේතුව තමයි වෘත්තියට, වෘත්තිමය ගරුත්වයක් දෙන්නේ නැතිකම. මේ ක්ෂේත්‍රය අපේ අය හෑල්ලු‍වට ලක්කරලා තිබෙනවා. ක්ෂේත්‍රයට ආපු ගමන් කරන්න හදන්නේ ‘‘හිට්’’ වෙන්නයි. එක පාර ප්‍රසිද්ධ වෙන්නයි. එතනදී විවිධ විවිධ ක්‍රම භාවිත කරනවා. ප්‍රසිද්ධ වෙන්න ලස්සනට අඳින්න ඕනැ. ඉන්ජෙක්ෂන් ගහන්න පටන් ගන්නවා. ඒවාට සල්ලි ඕනැ. ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රයේ ඒ තරම් සල්ලි හොයන්න අමාරුයි. ඒ නිසා වෙන වෙන අයුතු වැඩවලට යොමුවෙනවා. ලංකාවේ ‘‘මොඩ්ල්’’ කෙනෙක් ඒ විදිහට ඉන්නේ නැතුව ටෙලිනාට්‍ය, චිත්‍රපටවල රඟාපාන්න යනවා. ඒ වෘත්තියට ගරුත්වය දීලා ඒක හදාගන්නේ නැතුව මේ කෙටි පාරවල්, ‘‘ෂෝට් කට්’’ හොයන්න යනවා. ඒක නිසා තමයි ‘‘මොඩ්ල්’’ ක්ෂේත්‍රය හෑල්ලු‍ වුණේ.

නිරූපණ ක්ෂේත්‍රයේදී කොට ඇඳුම්, බිකිනි, අඩ නිරුවත් ලෙස ඇඳුම් අඳින්න වෙනවා. ඒවාට කොහොමද ලැබෙන ප්‍රතිචාර?
නිරූපන ශිල්පිනියක් වෙන්න කලින් මම රූ රැජිනක් වුණේ. අපිට ඔටුන්න දාගන්න සෑහෙන්න මහන්සි වෙනවා. එතකොට ‘පැජන්ට්’’ එකක් ඇතුළේ ‘‘මිනි පැජන්ට්’’ තිබෙනවා. අනු තරගවලින් ප්‍රධානතම එකක් තමයිි ‘නාන ඇඳුම් තරගය’. එතකොට එයට හරි පෞරුෂත්වයකින්​ ​පෙනී ඉන්න බැරිනම්, ඒ කෙනාට ඔටුන්නක් දරන්න සුදුසු නෑ. මම දකුණු අප්‍රිකාවට ගිහින් මගේ රට නියෝජනය කරන විටත්, මට ඒ ගොල්ලෝ දෙන නාන ඇඳුම අඳින්න වුණා. නිරූපණ ක්ෂේත්‍රයට එනවිටත් මම ‘‘නාන ඇඳුම්’’ ඇන්දා. මම දැනටත් හෝටල්, සංචාරක කර්මාන්ත සම්බන්ධ ෆො​ටෝ ෂූට් කරද්දී නාන ඇඳුම් හා අදාළ කොට ඇඳුම් අඳිනවා. අඩ නිරුවත් වෙනවා. හැබැයි මට කවුරුවත් එහෙම ඇන්දා කියලා අයුතු යෝජනා, බලපෑම් එල්ල කළේ නෑ. මට ගොසිප් එකක්වත් ගිහිල්ලා නෑ. මොකද මිනිස්සු දන්නවා, මම වෘත්තියට අදාළ ඇඳුම් තමයි අඳින්නේ කියලා. මොකද මම නාන ඇඳුම ඇඳගෙන සුපර් මාර්කට් යන්නේ නැහැනේ. මම කොටට අඳිනවා. අඩ නිරුවත් ඇඳුම් අඳිනවා. මම විශාල පරාසයක ‘‘පැෂන්’’ කරනවා.

එතනදී විවිධ ක්ෂේත්‍රවල අය ඔයාට හමුවෙනවා. ‘‘පැෂන් ෂෝ’’ බලන්න එන අයගෙන් ඔයාට ආදර යෝජනා, අයුතු බලපෑම් එනවාද?
ඇත්තටම නෑ. අද ​ෙවනතුරු මට කිසිම අයුතු යෝජනාවක් ඇවිත් නෑ. ආදර යෝජනාත් කවදාවත් මට ඇවිත් නෑ. මම දන්නේ නෑ ඇයි කියන්න. මගෙන් ගොඩක් ​අය අහනවා, කොහොමද මේ ෆීල්ඩ් එකේ ඔහොම ඉන්නේ කියලා. මම හිතන්නේ පවුලට මුල්තැන දීලා තියෙන හින්දා වෙන්නැති. මම හැම තිස්සෙම මගේ හස්බන්ඩ් එක්ක ඉන්න කෙනෙක්. මගේ වැඩවලට එයා පුදුම සහයෝගයක් දෙන්නේ. ගොඩාක් වෙලාවට බබාගේ වැඩ නිසා, මම ෂූටිං දාගන්නේ හස්බන්ඩ්ගේ නිවාඩු දිනවලදීයි. එතකොට ඒ දෙන්නම මාත් එක්ක ‘‘ෂෝ’’ වලට යනවා. ඉතිං මම හිතන්නේ නෑ. එහෙම කතන්දරයක් හැදෙන්න අවස්ථාවක් ලැබිලා තිබෙනවා කියලා.

ඔයා විවාහක රූ රැජිනක්. එවැනි තැන්වලදීත් කිරුළ ගන්නකොට යම් යම් බලපෑම් එල්ල වෙනවාද? ඔවුන්ගේ යෝජනාවලට එකඟවෙන්න සිද්ධ වෙනවාද?​
මෙහෙමයි. ලෝකයේ රූප රාජිණී තරගවල සම්මත පිළිගත්ත ලොකුම පැජන්ට් එකට තමයි මම ගියේ. ඒ කියන්නේ විවාහක කාන්තාවකට යන්න පුළුවන් ලෝකයේ තිබෙන ලොකුම පැජන්ට් එක තමයි රටවල් 90 ක් සභභාගි වෙන Mrs. Universe පැජන්ට් එක. ඒ තරගාවලියට නම කැත වූ කෙනෙක් යවන්න බැහැනේ. ජාත්‍යන්තර තරගවලදී එවැනි පහත් ක්‍රියා වෙනවා කියලා හිතන්න බැහැ. හැබැයි මෑත කාලයේ හතු පිපෙනවා වගේ ලංකාවේ පැජන්ට් කරන්න ගත්තා. ඒක බිස්නස් එකක් කරගත්තා. අන්න ඒවා ගැන නම් මගේ අදහස් ප්‍රකාශ කරන්න බැහැ.

හැබැයි අපි අහලා තිබෙනවා අනන්තවත් ගැහැනු ළමයි මේ පැජන්ට්වලට ඇවිත් වෙච්ච කරදර. චරිතයට වූ කැළල් ගැන.?
මෑත කාලයේ හතු පිපෙන්නා වගේ හැදුණු ‘‘පැජන්ට්’’ වල තමයි මේ දේවල් සිද්ධ වුණේ. ‘‘යුනිවර්ස්’’ වේදිකාව වැනි ලෝකයේ පිළිගත් පැජන්ට් එකකට. ඒ වගේ අල්ලස් දීලා, ලිංගික යෝජනාවලට කැමතිවෙලා යන්න පුළුවන් කියලා මම නම් විශ්වාස කරන්නේ නෑ. මොකද එහෙම ගියොත් ලංකාවේ නම තමයි කැතවෙන්නේ.

ඔයාට ඇත්තටම රඟපාන්න ආසාවක් තිබුණේ නැද්ද? නැතිනම් ඒ අයගේ යෝජනාවලට ඔයා අකමැති වූ හින්දද?
මම ඔටුන්න ගත්ත ගමන්ම සෑහෙන්න යෝජනා, ආරාධනා ආවා රඟපෑමට. මම කවදාවත් රංගන ශිල්පිනියක් වෙන්න කැමති නෑ. නිළිය කියනවට මම කැමති නෑ. මම ආසයි වෘත්තීමය නිරූපිකාවක් විදිහට, රූප රාජිණියක් විදියට මාව මිනිස්සු අඳුර ගන්නවාට. හැබැයි ලංකාවේ නිළියන්ටත් අදාළ වටිනාකම ලැබෙන්නේ නෑ. බොහොමයක් අයගේ පවුල් ජීවිත අසාර්ථකයි. ප්‍රධාන චරිතයක් ගන්න බොහෝ වෙලාවට එක එක්කෙනාගේ පස්සෙන් යන්න ඕනැ. ඒ අයගේ අයුතු යෝජනාවලට කැමති වෙන්න ඕනැ. ලංකාවේ ‘‘සිස්ටම්’’ එකට මම ආසා නෑ. හැබැයි මම එක වෙලාවක මේ සිස්ටම් එක වෙනස් කරන්න පොඩි උත්සාහයක් දැරුවා. මම ළමා චිත්‍රපටයක් නිෂ්පාදනය කළා. වෙනසක් කරන්න බැලුවා. එය එළිදක්වන්න බලාගෙන ඉන්නේ. ඒක පොඩි ළමයින්ගේ සුරංගනා කතාවක්. හැබැයි මම හිතන්නේ නෑ ලංකාවේ ලොකුවට වෙනස්කම් කරන්න, මේ හැදිච්ච සිස්ටම් එකත් එකක්. මෑතකදී ප්‍රධාන නාළිකාවක ටෙලිනාට්‍ය 2 ක ප්‍රධාන චරිතවලට කතා කළා. මම ගත් කටටම බැහැයි කිව්වා. මම මේ විදිහට ඉන්න කැමතියි. රඟපාන්න ගිහිල්ලා ඒ සිස්ටම් එකට මම ආසා නෑ.

ඔයා පාටිවලට, නයිට් ක්ලබ්වලට යනවාද?
ඇත්තටම නෑ. ඒ කියන්නේ මම ගොඩාක් වෙලාවට ක්ෂේත්‍රයට සම්බන්ධ අය ආශ්‍රය කරන්නේ නෑ. පුංචි කාලයේ ඉඳලා සිටි යාළුවෝ හා ගෙදර අය හැරුණම මම ම​ගේ ජීවිතයට අඳුරන්නේ නැති අය, ආගන්තුක අය ළංකරගන්නේ නෑ. මම ඒකට හරි බයයි. මානසික සහනය තමයි මට ලෝකේ තිබෙන වැදගත්ම දේ. මගේ මානසික සහනයට බාධා ​ෙවන කිසිම දෙයක් මම ඔළුවට දාගන්නේ නෑ. ඒ හින්දා ක්ෂේත්‍රයට අදාළ අය මම ආශ්‍රය කරන්න යන්නේ නෑ. හැබැයි කාගේ හරි වැදගත් අවස්ථාවකට, විවෘත කිරීමකට ආරාධනා ලැබුණම යනවා. පාටි, සාදවලට මම ආසා නෑ.

ඒ තැන්වලදී විවිධ ක්ෂේත්‍රවල අය ඔයාට හමුවෙනවා. ඒ අයගෙන් කොහොමද ඔයාට ලැබෙන ප්‍රතිචාර. ආදර යෝජනා, අයුතු යෝජනා එහෙම එනවාද?
ගොඩාක් වෙලාවට එකම කට්ටිය තමයි හමුවන්නේ. එහි සම්භාවිතාව වැඩියි. මුහුණට හමුවුණාම ඇත්තම කිව්වොත් මම ගොඩාක් අය එක්ක පෞද්ගලික කාරණා කතාකරන කෙනෙක් නොවෙයි. ‘‘හලෝ, හායි, කොහොමද’’ කියලා ෂේප් එකේ ඉන්නවා. වැඩි කතාබහ කරන කෙනෙක් නොවෙයි.

ඔයා නැති තැන මඩ ගහනවා ඇති නේද? ඒවා ආරංචි වෙලත් ඇති නේද?
අපොයි ඔව්. සමහරු කියනවා, ‘‘අලි ඔළුව, ලොකු ඔළුව, ආඩම්බරයි’’ කියලා. මට කසුකුසුවෙන් ආරංචි වෙලා තිබෙනවා. හැබැයි මාව හොඳට දන්න කෙනෙක් කවදාවත් ආඩම්බරයි කියලා නෑ. මම කතා කරන්නේ නැත්තේ අඳුරන්නේ නැති අය එක්ක. වෙන හේතුවක් නොවෙයි. මම හරි බයයි. අපේ මිනිස්සු හරියට කේලම් කියනවා. අපි කාත් එක්කවත් පෞද්ගලික දේවල් කතා නොකර සිටියොත් ඒ නරක නාමයත් එන්නේ නෑ. ඒ හින්දා බයයි ඒකට.

ඔයාට මඩ ගහලා, ගොසිප් හදලා තිබෙනවාද?
ගොසිප් කියන්නේ මට හොඳ සහ නරක දෙකම වැදිලා තිබෙන්නේ. මම Range Rover වාහනය ගත්ත එකටත් විශාල ගොසිප් වැදුණා. සමහර ඒවා දැක්කා. සමහර ඒවා දැක්කේ නෑ වගේ ගියා. මුල් දවස්වල නම් හරියට හිත රිදුණා. මිනිස්සු මේ තරම් කුහක ඇයි කියලා. මනුස්සයෙක් අමාරුවෙන් තැනකට ආවම මෙහෙම මඩ ගහන්නේ කියලා. මම අම්මලා තාත්තලාට කරදර කරලා, ඒ අයගේ දේපළ නැති නාස්ති කරලා වාහනයක් ගත්තා නොවෙයි. මගේ මහන්සියෙන් දුක් විඳලා, අවුරුදු 5-6ක් එක දිගට වැඩ කරලා හරි අමාරුවෙන් මහන්සියෙන් ගත්ත දෙයක් ඒක.

ඒ වුණාට එවැනි කෝටි ගණනක් වටිනා වාහනයක් ඔයා ගත්තේ අයුතු යෝජනාවලට එකඟවෙලා කියලත් කතා හැදුණා නේද?
ඔව්, නිරූපිකාවක් කියන්නේ මෙහෙමයි. අපි දන්නවා කොහොමද ගත්තේ කියලා. සමහරු කියලා තිබුණා. ඒ අතරේ සමහරු ඔය කුඩු සල්ලි කියලත් කියා තිබුණා. සමහර මැති ඇමතිවරුන් සම්බන්ධ කර තිබුණා. රටේ පාලකයන් ගාවාගෙන තිබුණා. ඔය ආදී නානා ප්‍රකාර ගොසිප් ගැහුවා. දැන් නම් ඒවාට ගානක්වත් නෑ. මාව ගොඩාක් අනුගමනය කරන, අනුකරණය කරන පිරිසක් මා වටා ඉන්නවා කියලා මා දන්නවා. මම සමාජයට දෙන්නේ හොඳ ආදර්ශයක්. කවදාවත් මම සමාජයට, මගේ රටට වැරදි දෙයක් දෙන මනුස්සයෙක් නොවෙයි. ඉතිං මම කරන්නේ හරි දේ නම්, රටේ, ලෝකේ මිනිස්සු මොනවා කිව්වාම මට මොකද?

ඔයාගේ මුහුණු පොතේ පිරිස දැන් ලක්ෂයකටත් වැඩියි. මේවායේ ඔයාගේ මොඩ්ලින් පිංතූර දානකොට විවිධ ‘‘කමෙන්ට්ස්’’ එනවා ඇති නේද?
මගේ fb, ඉන්ස්ටග්‍රෑම්, ටික් ටොක් හරහා මේ සෝෂල් මීඩියාවල ෆොටෝ එකක් දැම්මාම සියයට 99 ක්ම ඉන්නේ ඇත්තටම ආදරණීය කමෙන්ට්ස්. මම ඉතාම කලාතුරකින් තමයි දාන ෆොටෝ එකකට නරක කමෙන්ට් එකක් එන්නේ. fb එකේ ලක්ෂයක් විතර මට රසිකයෝ ඉන්නවා. ඒ ගොල්ලන්ගෙන් එන්නේ හොඳ ප්‍රතිචාර. ඉඳලා හිටලා තමයි වැරැදි දෙයක් එන්නේ. ඒවා ඉතිං fake ප්‍රොපයිල්ස් තමයි. ඇත්තටම ඉතිං කවුරුත් කෙළින් මට මොකුත් කියන්න එන්නේ නෑ.

මම හැමදාම කිසිම කෙනෙක් මොනවා කිව්වත්, මම මගේ ඉලක්කවලට ගියා. මගේ හිතට හරියි කියලා දැනෙනවා නම් මම ඒ දේ කරනවා. හිතට නරකයි කියලා දැනෙන කිසිම දෙයක් කරන්නේ නෑ. මම හෘද සාක්ෂියට එකඟවයි වැඩ කරන්නේ. මුළු ලෝකයක් මට එපා කිව්වත්, මගේ හිතට එකඟනම් අනිවාර්යෙන්ම ඒ ඉලක්කයට යනවා. ඒක නවත්වන්න කාටවත් බැහැ.

කතාබහ කළේ
සමන්ත යහම්පත්

මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම
"ඉරිදා ලංකාදීප"


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top