රාවණා රජු පිළිබඳව කතා කිරීමට සහ තොරතුරු ගවේෂණය කිරීමට කවුරුත් දක්වන්නේ වැඩි උනන්දුවක්.
ඒ අනුව ලංකාවේ සෑම පළාතකින්ම පාහේ රාවණා රජු සම්බන්ධ කතා පුවතක් ඇති කුමන හෝ ස්ථානයක් හමුවේ.
රාවණා රජු පිළිබඳව කෙරෙන කතාබහේදී ඔහුගේ වාහනය ලෙස පිළිගැනෙන දඬුමොනරයට හිමිවන්නේත් සුවිශේෂී වැදගත්කමක්.
දඬුමොනරය යනු ලෝක ඉතිහාසය තුළ ගුවනින් ගමන් කළ පළමු වාහනය ලෙසින් පිළිගැනෙන අතරම දඬුමොනරය ගුවනින් ගමන් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධවත් ඇති ජනප්‍රවාද රැසකි.
එමෙන්ම එය ගොඩ බැස්ස වූ ගුවන්තොට පිළිබඳව ඇති මතවාදයන් ද කිහිපයකි. ඒ අතර දඬුමොනරය ගොඩ බැස්ස වූවා යැයි පිළිගැනෙන ස්ථාන කිහිපය අතරින් මස්කෙළියේ පිහිටි රාවණාගල නම් ස්ථානයට හිමිවන්නේ සුවිශේෂී වැදගත්කමකි.
මන්ද එය අනිකුත් ස්ථානයන්ට සාපේක්ෂව භූ පිහිටීම අතින් ගුවන්තොටක් විය හැකි බවට පිළිගත හැකි නිසාවෙනි.
දඬුමොනරය මෙසේ විය හැකි යැයි පවතින අනුමානයන්ට අනුව එය ගොඩබෑමට තරම් සුදුසු ස්ථානය මෙය බව වැඩිදෙනාගේ පිළිගැනීමයි.
එනම් විශාල ඉඩක් පැවතීම ඊට ප්‍රධානතම හේතුවයි. ගුවන්තොටක ලක්ෂණ වැඩි හරියක් පෙන්නුම් කරන රාවණාගල ලංකාවේ හෝ ලෝකයේ ඇති ඉපැරණිතම ගුවන්තොට විය හැකි බව බොහෝ දෙනාගේ විශ්වාසයයි.
ස්වභාව සෞන්දර්යෙන් අනූන රාවණාගල යනු ස්වභාවිකව පිහිටි දැවැන්ත සමතලා බිමකි.
එම කළුගල දැවැන්ත ප්‍රදේශයක පැතිර ඇති අතර ඊට දෙපසින් රූස්ස ගස් හා මාන පඳුරු පිරී පවතියි.
ගුවන් තොටුපළක් නම් යානයක් ගොඩබෑමට සුදුසු වටපිටාවක් එහි තිබිය යුතුය.සංචාරකයින් පවසන පරිදි එවැනි යානයක් ගොඩබෑමට මනාව සැකසුණු වටපිටාවක් මෙහි ඇත.
නූතනයේදී මෙන් මෙවැනි තොටුපළක් නිර්මාණයේදී සැලකිල්ලට ගනු ලබන තාක්ෂණික කාරණා ඒ අයුරින්ම නැතත් මේ පිළිබඳව ප්‍රාමාණික දැනුමකින් එකල ලාංකිකයෝ සිටි බවට මෙය නිදසුන් සපයයි.