සිය රජය මගින් පනවනු ලැබූ කොරෝනා පාලනය කිරීමේ සීමාවන්ට අනුකූල වෙමින් තමාගේ විවාහ මංගල උත්සවය කල් දැමීමට තීරණය කළ බව නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය වන ජසින්ඩා ආඩ්න් ප්‍රකාශ කළා.
නව රෙගුලාසිවලට අනුව නවසීලන්තයේ උත්සව කටයුතු පූර්ණ එන්නත්කරණය ලැබූ සිය දෙනෙකුගේ උපරිමයකට සීමා වනවා.
ගෝලීය වසංගතය හේතුවෙන් මෙම තත්ත්වයට පත් වූ සියල්ලන් මෙන් තමා ද විවාහ මංගලෝත්සවය කල් දැමූ බවත්, එම තත්වයට මුහුණදුන් සියල්ලන්ට පළ කරන බවත් ඇය සඳහන් කළා.
විවාහ උත්සවයක් සඳහා නවසීලන්තයේ නගර අතර ගමන් කරමින් සිටි පුද්ගලයන් 9 දෙනෙකුට සහ ඔවුන් ගමන් ගත් ගුවන් යානාවක කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය ආසාදනය වීම හේතුවෙනුයි නවසීලන්තය මෙලෙස නව කොරෝනා පාලන සීමාවන් පනවා ඇත්තේ.
නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආඩ්න් සහ ඇගේ දිගුකාලීන සහකරු වන ක්ලාක් ගේෆෝඩ් ගේ විවාහය පවත්වන දිනය මෙතෙක් ප්‍රකාශයට පත් නොකළද ඉදිරි සති කිහිපය තුළ පැවැත්වීමට නියමිතව තිබූ බව සඳහන්.
නවසීලන්තයේ නව කොරෝනා පාලන සීමාවන් ලබන මාසය අවසන් වනතුරු ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂිතයි.