Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
23
"මගෙත් ඇඳුම් නැතිවෙලා තියෙනවා. අපි හෝදලා දාලා යන ඇඳුම්, අහල පහළ පිටස්තර අය නළු නිළියන්ට තියෙන ආසාව නිසා ගන්න පුළුවන්" - දිල්හානි අශෝකමාලා

- "මගෙත් ඇඳුම් නැතිවෙලා තියෙනවා. අපි හෝදලා දාලා යන ඇඳුම්, අහල පහළ පිටස්තර අය නළු නිළියන්ට තියෙන ආසාව නිසා ගන්න පුළුවන්" - දිල්හානි අශෝකමාලාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

102 Views
"මේ මං තමුසෙගේ නෝනත් නෙවෙයි අම්මත් නෙමෙයි සහෝදරිත් නෙවෙයි වැඩකාරිත් නෙවෙයි'' නයනි මේ විදියට කියන්නේ සෑම්ට. 
මේ සෑම් සහ නයනි අපට මේ දිනවල හමුවන්නේ ආචාර්ය සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ රේණුකා බාලසූරිය නිෂ්පාදනය කළ ‘‘ජංගි හොරා’’ චිත්‍රපටයේය. 
 
ජංගි හොරා චිත්‍රපටයේ නයනි නමින් ප්‍රවීණ රංගන ශිල්පිනි දිල්හානි අශෝකමාලා චරිතයක් නිරූපණය කරන්නීය. 
 
මේ කතා බහ ජංගි හොරා නයනි වූ දිල්හානි හෙවත් ආදරණීය දිල් සමගයි.
 
දිල් කොහොමද? කොහොමද ඉතින්? 
කොහොමද කියලා කිව්වොත් සැහෙන කාලයකට පස්සේ ගෙදර ඔක්කෝමලා එක්ක කාලය ගත කරන්න වෙලාවක් ලැබුණේ පසුගිය කාලයේදී. කෝවිඩ් නිසා බාරගත්ත වැඩ කරගන්න බැරිව හිටියේ. ඒ නිසා ඒ වැඩ ටික කරන්න දිගටම සිද්ධ වුණානේ. ඊට පස්සේ ලැබුණු විවේකය තමයි මේ. පුතා මේ වනවිට විවාහකයි ඒ වටපිටාව එක්ක කොහොමද දිල්ට ජීවිතේ දැනෙන්නේ. පුද්ගලික ජීවිතය පැත්තෙන් කතා කළොත් ලොකු නිදහසක් දැනෙනවා. දැනට මම කාර්ය බහුල වෙනවා නම් වෙන්නේ මගේ වෘත්තිය අංශයෙන් විතරයි. ප්‍රියංකරගේ තිබුණු අසනීප තත්ත්වය එක්ක එයාට සැත්කම් දෙකකට මුහුණ දෙන්න සිදුවුණා. ඒ සැත්කම් දෙකම ඉවරයි. පුතාත් විවාහ වුණා. ඒ නිසා ලොකු ප්‍රශ්න නැහැ. 
 
කොහොමද දැන් ප්‍රියංකරගේ විස්තර? 
එයාට හොඳයි. හිටියාට වඩා ගොඩාක් හොඳ තත්ත්වයක ඉන්නේ. 
 
රඟපෑම් කටයුතු ගැන කියමු? ලොක් ඩවුන් කාලයේදීත් වැඩ නොකරම හිටියේ නැහැ. වැඩ කළා. පසුගිය දිනවල රිදී රැයක් ෂෝ එකට කාර්ය බහුල වුණා. කොහොමටත් බැලුවොත් මම වැඩ නොකර හිටියේ නැති තරම්. මේ දිනවල දිල් ගැන කතා​ වෙන්නේ ජංගි හොරා ෆිල්ම් එකේ චරිතය නිසයි. මිනිස්සු සාමාන්‍ය ව්‍යවහාරයේදී ජංගි හොරා වචනය භාවිතා කළාට නිර්මාණ වලදී භාවිතා කරලා තිබුණේ නැහැ. 
 
ෆිල්ම් එකකට යෙදූ මේ නම ගැන හිතන්නේ කොහොමද? මේ නම අමුතු නැහැ තමයි. නමුත් මේ නම පාවිච්චි කරන්න අපි ලැජ්ජයි. ඒක තමයි වෙලා තියෙන ප්‍රශ්නය. බොහෝ දෙනාට තියෙන ගැටළුව ඔය නම. හැබැයි චිත්‍රපටය නැරඹුවාම තමයි මිනිස්සුන්ට මෙහි ඇත්ත වැටහෙන්නේ. අපි ඊයේ ජංගි හොරා බැලුවා කියලා කෙනෙක්ට ගිහින් කියන්න ටිකක් චකිතයක් නේද තියෙන්නේ. මට නම් ප්‍රශ්නයක් වුනේ නැහැ. මම නම් කියන්නෙම ඔය නමින්. අකමැති අයට Underpants Thief කියලා කියන්නත් පුළුවනි. ෆිල්ම් එක ගැන කියද්දී ඉතිං ඔය නම් දෙක කියන්න වෙනවා. එක්කෝ සිංහලෙන් එක්කෝ ඉංග්‍රීසියෙන්. හැබැයි මම නම් කියන්නේ නම අමතක කරළා ගිහින් මේ ෆිල්ම් එක බලන්න කියලයි.
 
වැඩිහිටියන්ට පමණයි තේමාව යටතේ ඔබ රඟපාන කී වැනි චිත්‍රපටයද? මම හිතන්නේ මීට පෙර චිත්‍රපට පහ – හයක විතර රඟපාලා තියෙනවා. 
 
ජංගි හොරා දිල්ගේ චරිතය නරඹද්දි මොනවද හිතුණේ? මේ චරිතය කරද්දිම මට ඒ චරිතය දැනුණා. එකේ මට කරන්න පුළුවන් උපරිමය කළ බව මට දැනුණා. රංගන ශිල්පිනියකට තමා රඟපෑ චරිතය ගැන විශ්වාසයෙන් කතා කරන්න පුළුවන් දෙයක් තියෙනව නම් මට මේ චරිතය ගැන එහෙම කතා කරන්න පුළුවනි. 
 
නයනි ඔබට දැනෙන්නේ කොහොමද? මට හිතෙන්නේ මාත් ටිකක් නයනි වගේ කියලයි. සැබෑ ජීවිතයේදී මාත් බොහෝ වෙලාවට කරන්නේ වැරදි කෙනෙක්ව නිවැරදි කරන්න උත්සාහ ගන්න එක. මම කාටවත් එකපාරට ලේබල් ගහන්නෙත් නැහැ හිංසා කරන්නෙත් නැහැ. සමහර වෙලාවට අල්ලන හොරුන්ව පවා එයාලා ඇයි එහෙම කළේ කියලා අහලා සල්ලි දීලා ගෙදර යවපු අවස්ථා තියෙනවා. මිනිස්සු හැමදාම වැරදි කරන්නේ නැහැ. ඒ නිසා අපට ආයේ වැරදි නොකරන විදියට මිනිහෙක්ව සමාජ ගත කරවන්න පුළුවනි. 
 
ඔබ කියන්නේ සමාජයේ මොකක් හෝ සුළු වරදක් කළ කෙනෙක් යහමගට ගන්න උදවු කරන්න පුළුවන් කියන එකද? මෙහෙමනේ සුළු වරදක් කළ කෙනෙක්ට සමාජය ඊට වඩා විශාල දඩුවමක් දෙනවා. ඒක හරිද වැරදිද කියලා ඔප්පු වෙන්නත් කළින් ඒ මිනිහාව හංවඩු ගහලා ඉවරයි. නිවැරදි මිනිස්සු කොච්චර චෝදනා ලබලා තියෙනවද වැරදි කරුවා වෙනුවට වැරදි නොකළ තරුණයින් යම් යම් අවස්ථාවලදී අත්අඩංගුවට ගත්ත හැටි පසුගිය කාලයේදී අපි දැක්කා. ඒ විදියට හරි දේ හොයා ගන්න බැරිව අපි සමාජයේ ජීවිත බොහොමයක් නිරපරාදේ ඉවර කරලා දානවා. ඒක හරි ආසාධාරණයි. ඒ වගේ අවස්ථාවලට මුහුණ දෙන මිනිස්සු තමයි එහි ඇති පීඩනය ගැන දන්නවා ඇත්තේ. 
 
දිල් සැබෑ ජීවිතයේදී ජංගි හොරා වගේ චරිත මුණ ගැහිලා තියෙනවාද? ඒ වගේම ඔබ පුද්ගලිකව ඒ වගේ සිදුවීම් වලට මුහුණ දිලා තියෙනවද? මෙහෙමයි ෂුටිං ගිය අවස්ථාවලදී මගෙත් ඇඳුම් නැතිවෙලා තියෙනවා. හැබැයි මම දන්නේ නැහැ කොහොමද වුණේ කියලා. ෂුටිං ගිය අවස්ථාවලදි කොහොමද එහෙම වෙන්න ඇත්තේ. සමහර වෙලාවට අපි ඇඳුම් හෝදලා බැල්කනි එකේ රැක් එකේ එහෙම දාලා යනවනෙ.ඒ අහල පහල පිටස්තර අය සමහර වෙලාවට නළු නිළියන්ට තියෙන ආසාව නිසා හෝ කැමැත්ත නිසා ඒ විදියට අර ගන්නවා වෙන්නත් පුළුවනි. එහෙම දේවල් වෙලා තියෙනවා. ඒවා එච්චර ගණං ගත යුතු දේවල් නෙමෙයි. 
 
එතකොට මේ චිත්‍රපටයෙන් සමාජයට මොන වගේ දෙයක්ද ගණන් ගන්න වෙන්නේ? මොකක්ද මේ චිත්‍රපටයෙන් සමාජයට කියන්න හදන්නේ. මනුෂ්‍යත්වය තමයි නිතරම අන් සියල්ලට වඩා තිබිය යුතු දේ. මම නම් හිතන්නේ එහෙමයි. නිතරම මනුෂ්‍යත්වය පෙරදැරිව සමාජය දිහා බලන්න පුළුවන්නම් ලෝකය මීට වඩා අපට ලස්සන කරවන්න පුළුවනි. මිනිහෙකුට ආදරයෙන් අනුකම්පාවෙන් කතා කරන්න අපට පුළුවන්නේ. ප්‍රශ්න තියාගෙන ඒවා සමාජයට කියන්න බැරි අසරණ මිනිස්සු කොච්චර නම් ඉන්නවද මේ ක්ෂේත්‍රයේ සිටින සමහර මිනිස්සුන්ගේ කතා මම හරියට අහනවා. අදටත් මට එයාලගේ ප්‍රශ්න කියනවා. 
 
ඇයි දිල් ට මිනිස්සු ඒ විදියට එයාලගේ ප්‍රශ්න ගැන කියන්නේ.? මම හොඳ ඇහුම්කන් දෙන්නෙක්. හොඳට ඇහුම්කන් දෙන කෙනෙක් නිසා මිනිස්සු මට ඇවිත් ඒ ප්‍රශ්න කියනවා ඇති. ඒ විශ්වාසයෙන් මම රකිනවා. 
 
ඇයි අනුන්ගේ ප්‍රශ්නවලට ඔබ ඇහුම්කන් දෙන්නේ? ඇයි ඒවාට විසඳුම් ඔබ දෙනවද? විශ්වාසය නිසයි කියන්නේ. සමහර අයගේ ප්‍රශ්නවලට මගේ ජීවිතයේ අත්දැකීම් අතරින් විසඳුම් දීලා තියෙනවා. ඔන්න – මෙන්න ජීවිතය නැති කරගන්න ගිය අයට මම විසඳුම් දීලා තියෙනවා. ඒ විදියට හැදුනු මිනිස්සු මගේ ජීවිත කතාන්දරය ඇතුළේ ඉන්නවා. 
 
ජංගි හොරා චිත්‍රපටයේ ලිංගික ජවනිකා ඇතුළත් දර්ශන කීපයක් තියෙනවා. ඒ වගේ දර්ශන වලට පෙනී සිටීමෙදී දිල් ගත්තේ මොන වගේ අවදානමක්ද? මේකේ එහෙම ලිංගික දර්ශන කියලා දෙයක් නැහැ. නිරුවත් දර්ශනයක් දෙකක් තියෙනවා. ඒවා ඒ චිත්‍රපටයේ ගලා යෑමට අත්‍යවශ්‍ය දෙයක් බව කියන්න පුළුවනි. ඒ අවස්ථාවලට පෙනී සිටි ශිල්පීන් ඒ දර්ශන සාර්ථක කරගන්න හොඳ රංගනයක් ඉදිරිපත් කර තිබෙනවා. එයාලා ඒ වෙනුවෙන් එනම් චිත්‍රපටයේ ගැඹුර සහ සෞන්දර්යය වෙනුවෙන් රංගනයෙන් පරිත්‍යාගයක් කරලා තියෙනවා. අපි රීටා ජෝන්ගේ චරිතය ගනිමු. ප්‍රේමවතී මනම්පේරිගේ චරිතය ගනිමු. රංගනයේදී ඒ චරිත මුහුණදුන් ස්වභාවයට අපි අරුතක් දීමට නම් එයාලා මුහුණදුන් ඒ අවස්ථාව වෙනුවෙන් උපරිම සාධාරණයක් කළ යුතු වෙනවා. එහෙම නොකළොත් ඒ චරිත සහ කතාවෙන් අපට සාධාරණයක් කරන්න බැරි වෙනවා. නිර්මාණයකදී ඒ අවස්ථාව කරනවා නම් හරියට කරන්න ඕනෑ. නැත්නම් නොකර ඉන්න ඕනෑ. 
 
ලාංකීය සමාජයට වැඩිහිටියන්ට පමණයි තේමා වූ චිත්‍රපට තවමත් කුතුහලයක් නේද? ඇයි එහෙම වෙන්න හේතුව? බලන විදිහ එක්ක තමයි එහෙම වෙන්නේ. ලංකාවේ තරම් ලිංගික අපරාධ වෙන තවත් රටවල් තියෙනවද මන්දා? ඒක වෙනමම සොයා බැලිය යුතු දෙයක්. වෙන්න තියෙන ඔක්කොම වගේ අපරාධ මේ රට ඇතුළේ වෙනවනේ. ඇත්ත ජීවිතේ එහෙම වුණාට නිර්මාණයකට ආවාම මිනිස්සුන්ට ඒක ගන්න බැහැ. නිළියකගේ කකුළක් තිරයේ දැක්ක ගමන් සමහරු අවුල් වෙනවා. හැබැයි බුරුතු පිටින් කකුල් එළියේ දාගෙන මියගිය විදියේ අවස්ථා අපට දකින්න ලැබුණු අවස්ථා නැතුවා නෙවෙයිනෙ. ඊයේ පෙරේදාත් මම දැක්කා නිව්ස් වලට ගැහැණු දරුවකුට තාත්තයි – බාප්පයි ගහලා මරදලා දාලා. ඉතිං ඒ වගේ දේ වලට මේ සමාජයම ලැජ්ජා වෙන්න ඕනෑ. 
 
දිල් අද ඔබට ඔබ ගැන දැනෙන විදිය කොහොමද? පුද්ගලිකව ගත්තොත් මම මගේ ජීවිතේ තෘප්තිමත්. නිතරම මම උත්සාහ ගන්නේ හොඳම දේ කරන්න. හැබැයි රටක පුරවැසියකු ලෙස ගත්තොත් මම තෘප්තිමත් නැහැ. අපි හැමෝම ඉන්නේ නරක තැනක කාලවකවානුවක කියලයි. මට හිතෙන්නේ.
 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top