මේ අසිරිමත් වෙරල තීරය අයත් වන්නේ අයිස්ලන්තයටයි.
අයිස්ලන්තයේ දකුණු වෙරල තීරය එනම් Reynisfjara නම් මෙම මුහුදු වෙරල දිස්වන්නේ මෙලෙස කළු වර්ණයෙන්.
ස්වභාවධර්මයේ තවත් එක් අපූරු නිර්මාණයක් වන මේ කලු මුහුදු තීරය එලෙසින් නිර්මාණය වී ඇත්තේ ඒ ආසන්නයේ වූ ගිනි කන්දක ලාවා මෙම කලාපය හරහා ගලා යාම හේතුවෙනි.
එසේ ගලා ගොස් වෙරලේ පිහිටි මුල් වැලි තට්ටු මත තැවරීමෙන් අනතුරුව මෙලෙස නිර්මාණය වී ඇත.
එසේ නිර්මාණය වී කාලයක් තිස්සේ මුහුදු ජලයෙන් සිසිල් වීමෙන් මෙම වෙරළ තීරය වර්තමානයේ දිස්වන්නේ මෙලෙස අපූරු කලු පැහැයකිනි.
සංචාරක ආකර්ෂණය දිනාගත් සුවිශේෂී ස්ථානයක් ලෙස මෙම වෙරල සංචාරකයින් අතර වඩාත් ජනප්‍රියයි.
සුමුදු කළු වැලි තලය මතට නැගෙන සුදු පැහැ පෙණ කැටි මවන චිත්‍රය අපූරුය.ප්‍රසිද්ධ නිර්මාණ රැසක් සඳහා ද මෙම වෙරල තීරය පසුබිම් කරගෙන ඇත.