පොලිස් විශේෂ කාර්ය බලකාය අද සිදු කළ මෙහෙයුමක් අතරතුර වෙනත් පාර්ශවයක් විසින් සිදු කළ වෙඩි තැබීමකින් අපරාධවලට සම්බන්ධ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් දකුණු පළාතේ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුත්තක් අද රාත්‍රියේ සිදුකර තිබෙනවා.
එහිදී අපරාධවලට සම්බන්ධ මෙම සැකකරුට වෙනත් පාර්ශවයක් විසින් වෙඩි තබා ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.
මෙම වෙඩි ප්‍රහාරය හේතුවෙන් මියගොස් ඇත්තේ මිදිගම නිශ්ශංක නමින් හඳුන්වන පුද්ගලයෙක් බව සඳහන්.
මිදිගම තුර්කිගම ප්‍රදේශයේ පිහිටි සිය නිවස වෙත යමින් සිටි ඔහුට අද රාත්‍රී 8.30ට පමණ වෙඩි තබා ඇත්තේ ඔහු සමඟම යතුරුපැදියේ පැමිණි අනෙක් පුද්ගලයා බවටයි සැක කරන්නේ.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 46ක් වයසැති අයෙක් බව සඳහන්.
ඔහුට විරුද්ධව අද මාතර අධිකරණයේ පැවැති නඩුවකට පෙනී සිටීම සඳහා ගොස් නැවත නිවසට පැමිණීමේ දීයි අදාළ වෙඩි තැබීම සිදු වී ඇත්තේ.
මෙම පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බවට තොරතුරු පවතින බව පොලිසිය සඳහන් කළා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මිදිගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.