“කවී පුලුවන් වෙලාවට අපි කතා කරමු.පරිස්සමට ඉන්න.
බුදු සරණයි,ජේසු පිහිටයි”
"වියෝ ගී ගැයෙනවා", "දවසක්දා රෑ", "තුන්සිත දැහැන්ගත වෙනා" වැනි අතිශය ජනප්‍රිය ගී රැසක් ගැයූ නීලා වික්‍රමසිංහ ගායන ශිල්පිනිය ඊයේ දිනයේ සඳහටම දෙනෙත පියාගත්තා.
ඒ , ලංකාවෙන් ගව් ගණනක් ඈත ඉතාලි රාජ්‍යයේදී.
ඇගේ හදිසි වියෝව කලා ලෝකයේ බොහෝ දෙනා සංවේගයට පත් කළ අතර, ශිල්පීන් ගණනාවක් ම ඇය වෙනුවෙන් සංවේදී සටහන් තබා තිබුණා.
ගායන ශිල්පී වික්ටර් රත්නායක ද මුහුණූ පොතට ඡායාරූපයක් එක් කරමින් සිය ශෝකය පළ කළේ මෙසේ යි.
සදා මේ සංසාරේ...අපේ හමුවීම නොවේ...
හද සුවපත් කළ සුමධුර ස්වරය නිවී ගොසින්..
ආදරණීය නීලා නැගෙණිය
ඔබට නිවන් සුව ලැබේවා !!!