Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
18
"පොලිසියේ මහත්තුරු ඉන්න කොටත් ගල් ගැහුවා. නමුත් ගහන කෙනෙක් නැහැ" - ගහන කෙනෙක් හොයා ගන්න බැරි අද්භූත ගල් ගැහිල්ලකින් දිබ්බැද්දම දෙදරයි

- "පොලිසියේ මහත්තුරු ඉන්න කොටත් ගල් ගැහුවා. නමුත් ගහන කෙනෙක් නැහැ" - ගහන කෙනෙක් හොයා ගන්න බැරි අද්භූත ගල් ගැහිල්ලකින් දිබ්බැද්දම දෙදරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13 Views
පානදුර – නල්ලූරුව දිබ්බැද්ද වෙන්දේසිවත්ත ප්‍රදේශයේ ජනතාව අද්භූත සිද්ධියක් නිසා භීතියට පත් වී ඇති අතර මෙම සිද්ධියෙන් ප්‍රදේශයේ ජනතාවට දෛනික කටයුතු සිදු කර ගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා.

මෙම සිද්ධිය නම් මීට මාස එකහමාරකට පමණ පෙර සිට තම නිවාසවලට ගල් ප්‍රහාර, බෝතල් ප්‍රහාර එල්ල වන බවත් එම ප්‍රහාර දිවා රාත්‍රී දෙකේදීම සිදු වන බවත් විශාල ගල් නිවාසවල වහළයට පතිත වීම නිසා නිවාසවල වහල සෙවිලි කර ඇති සීට් සහ උළු බිඳී යෑම් නිසා වර්ෂාව අවස්ථාවලින් නිවාස ඇතුළට ජලය පැමිණෙන බවද ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරන ලදී.

තවද මේ වන විට මෙම සිද්ධිය පොලිසියට දැනුම් දී ඇති බවත් පොලිසිය මගින් මෙම සිද්ධියට නිසි ආකාරයේ පිළිතුරක් තවම ලැබී නොමැති බව ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරන ලදී.

මෙම සිද්ධියට මුහුණ දුන් මාලිනී හෙට්ටිආරච්චි මහත්මිය ප්‍රකාශ කර සිටියේ මෙම සිද්ධිය මාස එක හමාරක සිට සිදු වන බවත් මෙම ප්‍රදේශයේ සිටින නිවාස 20 ක පමණ ජනතාව මෙම සිදුවීමට මුහුණ දී ඇති බවත් ගල් ප්‍රහාර නිසා ඇති වූ සිදුරු නැවත ප්‍රතිසංස්කරණය කර ගත්ද නැවත නැවත එම ගල් ප්‍රහාර සිදු වන නිසා එම සිදුරු වසා

ගැනීම නිශ්ඵල ක්‍රියාවක් නිසා නැවත ප්‍රතිසංස්කරණය සිදු කිරීමක් නොකරන බවද එම මහත්මිය ප්‍රකාශ කරන ලදී. තවද එම මහත්මිය මෙසේ ප්‍රකාශ කරන ලදී. අපි පොලිසියට ගිහිල්ලා කිව්වා. එයාලා දෙන්නෙක් ආවා. එයාලා ආපු වෙලාවෙත් ගල් වැදුනා. ඊට පස්සේ එයාලා ගල් ගහන්නේ කවුද කියලා අපිට හොයලා කියන්න කියලා ගියායැයිද එම මහත්මිය ප්‍රකාශ කළාය.

තවද මෙම සිද්ධියට මුහුණ දුන් නුවන් ප්‍රනාන්දු ප්‍රකාශ කර සිටියේ අපි මේ සිද්ධිය පොලිසිය දැනුවත් කළා. ඊට පස්සේ පොලිසියෙන් ආවා. එයාලා කිව්වා අපිට එකතු වෙලා මේක අල්ලගෙන එයාලට කියන්න කියලා. අපිට මේක හොයන්න බැරි සිද්ධියක් නිසා තමයි අපි මේක පොලිසියට කිව්වේ. නමුත් පොලිසිය කියන්නේ ඒක එයාලට කරගන්න බැහැ – ඔයාලා හොයලා අපිට බාර දෙන්න. ඊට පස්සේ අපි අවශ්‍ය පියවර ගන්නම් කියලා. බලන්න අපේ ගෙදර පොඩි ළමයි ඉන්නවා. 
 
එයාලගේ ඇඟට ගලක් වැටුනොත් ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. අපිට තාම කිසි පුද්ගලයකු දැක ගැනීමට ලැබුණේ නැහැ. මෙම ගල් ප්‍රහාරය එල්ල වෙන්නේ අපේ නිවාස අසල ඇති කනත්ත සහ න්බ්එයඑය්අවට ඇති නිවාස උඩින් තමයි ගල් එන්නේ. අපි ගෙදරට ආපු ගමන් ගල් ප්‍රහාරය එල්ල වෙනවා. පොඩි ළමයි ගෙදර ඉන්න බව දැන දැන කරන වැඩක් මේක. කොහොමද මේ වැඬේ වෙන්නෙ කියල හොයාගන්න බැරි නිසා තමයි අපි අනිත් අයගේ සහාය ඉල්ලන්නේ යැයිද නුවන් ප්‍රනාන්දු ප්‍රකාශ කර සිටියේය.

අපි ජීවිතේ පළවෙනි පාරට සාස්තර අහන්න දේවාලවලට ගියා. ඒ තැන්වලින් කියන්නේ මේක මනුෂ්‍යයෙක් කරන වැඩක්. ඒ තැන්වලින් කිව්වේ භූතයන්ට ඔහොම දේවල් කරන්න බෑ. ඒවගේ අය කරන්නේ වෙන වෙන සිද්ධි. මේවගේ ලොකු ගල් බෝතල් භූතයින්ට  ගහන්න බැහැ කියලා සාස්තර වලින් දේවාලවලින් කිව්වේ.

සිද්ධියට මුහුණ දුන් රේණුකා පීරිස් ප්‍රකාශ කර සිටියේ මේ ඊයේ ආපු බෝතල්. මේ බෝතලේ ආවෙ අරක්කුත් එක්ක. මේ තියෙන්නෙ අද ආපු ගල්. මේ ගල්වල මගේ මහත්තයාගේ නම රවී කියලා ගහලා තියෙනවා. නම ලියපු ගල් වලින් තමයි ගහන්නේ. මේ සිද්ධියේදී මුලින්ම මට තමයි ගල්වලින් ගැහුවේ. අපි දේවාලවලට ගියා. ඒවායෙන් කියන්නේ කකුල් දෙකක පුද්ගලයෙක් තමයි කරන්නේ කියලා. එදා මගේ පුතා කෑම කකා හිටියේ. එයාගේ කකුල් දෙක ඉස්සරහට තමයි ගල් වැටුණේ.

මගේ මහත්තයා වැඩට ගියාට පස්සේ ගල්  ගැහුවා කියපු ගමන් ගෙදර එනවා. මම මේ සිද්දිය කියන්න පානදුර පින්වත්ත පොලිසියට තුන් වතාවක් ගියා. ඊට පස්සේ පොලිසියේ මහත්තුරු දෙන්නෙක් ආවා. ඒ මහත්තුරු ඉන්න කොටත් ගල් ගැහුවා. ඊට පස්සේ එයාලා කිව්වා විස්සක් විතර රැස් කරගෙන ? එළිවෙනකන් නිදිමරාගෙන හොයන්න කියලා. අපි එයාලා කියන විදිහටත් කළා. ඒත් වැඩක් වුණේ නැහැ. මගේ පුතා ? වැඩට ගිහිල්ලා ගෙදර ආපු වෙලාවෙ ඉඳන් වහල උඩ නැගල හොයනවා. කවුද ගල් ගහන්නේ කියලා. එහා පැත්තෙ ඉඳන් තමයි ගල් එන්නේ. නමුත් ගහන කෙනෙක් නැහැ. මුලින්ම ගල් ගහන්න පටන් ගත්තෙ නොවැම්බර් 29දා. අපි වගකිව යුත්තන්ගෙන් ඉල්ලන්නේ අපිට සහනයක් ලබාදෙන ලෙසයි.

ආබාධිත තත්ත්වයට පත්වූ සන්ධ්‍යා මහත්මිය ප්‍රකාශ කර සිටියේ මගේ කකුල මේ සිද්ධියට කලින් තුවාල වෙලා තිබුණේ. මම කකුලට බෙහෙත් දාගෙන ගෙදරට ආවා විතරයි ලොකු ගලක් ඇවිල්ල මගේ කකුලේ වැදුනා. ඊට පස්සේ මට ඇවිදගන්න බැරි ගානටම කකුල තුවාල වුණා. මම දැන් රෝද පුටුවෙන් යන්නේ. 
 
අපි අන්ත අසරණ වෙලා ඉන්නේ. අපි දැන් මේ ප්‍රදේශයේ ඉන්න ඔක්කොම අසමගියෙන් ඉන්නේ. අපි අනිත් කෙනාව දැන් සැක කරනවා. උදේ 6:00 ට පමණ ගල් සෙල්ලම පටන් ගන්නේ. ඊට පස්සේ ගල් සෙල්ලම දවස පුරාම තියෙනවා. ?ට නිදාගෙන ඉන්නකොට ඩෝං ගාලා සද්දයක් එනවා. වහලට ගල් වැටෙනවා. ඊට පස්සේ ගමේ ඔක්කොම එකතුවෙලා ගල් ගැහුවේ කවුද කියලා හොයනවා. ඊට පස්සේ නිදාගන්න හම්බ වෙන්නේ නැහැ. අපි හැමෝගෙන්ම ඉල්ලා සිටින්නේ පුළුවන් නම් මේකට විසඳුමක් ලබා දෙන්න කියලයි.
එස්.ඒ.ආර්. ප්‍රනාන්දු – මොරටුව
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top