බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයට කාල බෝම්බයක් ආකාරයෙන් තනන ලද අත්බෝම්බයක් තැබූ බව කියන ප්රධාන සැකකරු ඇඹිලිපිටිය පනාමුර ප්රදේශයේ දී අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.
එම බෝම්බය තැබීම සඳහා ඔහුට මුදල් ලබාදී ඇතැයිද අනාවරණය වී තිබෙනවා.
මුදල් ලබාදුන් පුද්ගලයා ද අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්රියාත්මක බවයි එම නිලධාරින් වැඩිදුරටත් සඳහන් කළේ.
මුලාශ්ර - මව්රට